ඝූර්ණයේ යෙදුම්
 
එදිනෙදා කටයුතු වලදී අපට බල ඝූර්ණය හමුවන අවස්ථා කිහිපයක් සලකා බලමු.

1. මුරිච්චි යතුරකින් (ස්පෑනරයකින්) බද ඇණයක් බුරුල් කිරීම.
 
භ්‍රමණ අක්ෂයේ
සිට යොදන බලයට ඇති දුර වැඩි කරන විට ඝූර්ණය වැඩි වේ.
එවිට ඇණය ගැලවීම පහසුවේ.
2. අඬු මිටියකින් කම්බි ඇණයක් ගැලවීම.

මෙහිදී එක් ලක්ෂය වටා මිටිය භ්‍රමණය වේ.
එම ලක්ෂයේ සිට බලය වැඩි කරන විට ඝූර්ණයද වැඩි වේ.
එවිට ඇණය මත යෙදෙන බලය වැඩි වීම නිසා ඇණය ගැල වේ.

යෙදූ බලය අඩු දුරක පිහිටි ලක්ෂයක සිට යෙදු විට ඇණය ගැලවෙන්නේ නැත.

එය සිදු වන්නේ ඝූර්ණය අඩු වී ඇණය ගැලවීමට අවශ්‍ය බලය නොලැබීම නිසයි.
 
3. කතුරකින් රෙදි කැපීම.

රෙද්දක් කැපීම පහසු වන්නේ රෙද්ද කතුරේ ඇණයේ සිට ඈතින් පිහිටි විටයි.

දැන් ඔබ තද ද්‍රව්‍යක් කැපීමට උත්සහ කරන්න එවිට ඔබට එය කැපීමට පහසු වන්නේ එය කතුරේ භ්‍රමණ ලක්ෂ්‍යයට (ඇණයට) ඈතින් පිහිටි විට බව වැටහෙනු ඇත.

4. කඳක් කරක් මත තබා ගෙන යාම.

කදේ දෙපැත්තට අසමාන බර දෙකක් දමා කද සමතුලිතව තබා ගන්නේ බරට සමානුපාතික දුරකදී හමුවන ලක්ෂය මඟින් ක්‍රියා කරණ බලයට බලයට විරුද්ධ හා සමාන බලයක් උරහිස මඟින් එම ලක්ෂ්‍යයට ලබා දීමෙනි.
මෙයද එදිනෙදා ජීවිතයේදී බල ඝූර්ණය යෙදෙන අවස්ථාවකි.
(c) Shilpa Sayura Foundation 2006-2017