ඝූර්ණයක ලක්‍ෂණ
 
මෙහි ලක්ෂණ හදුනා ගැනීමට පහත දක්වන ආකාරයට එම ක්‍රියාව කර බලමු.
 
දිග යකඩ දණ්ඩක් ගෙන එහි කෙළවර බර ගලක යටින් තබා දණ්ඩේ මැද පොළව මත සිටවූ කූඤ්ඤයක් මත රදවන්න.

දැන් ඔබ කූඤ්ඤය රැදවූ ලක්ෂ්‍යයට තරමක් ඈතින් ලක්ෂ්‍යය තුනකින් පමණ පොළව දෙසට තදකර ගල එසවීමට උත්සහ කරන්න.
  
එය එසවීමට යොදනු ලබන බලයට භ්‍රමණ අක්ෂයේ සිට ඇති ලම්බ දුර වැඩි වන විට එසවීමට යෙදි යුතු බලය අඩු වේද වැඩි වේද ?.
මෙවිට කූඤ්ඤය රැදවූ ලක්ෂ්‍යයට දුරින්ම පිහිටි ලක්ෂ්‍යයේදී ගල එසවීම ඉතා පහසු බව පෙනේ.

එනම් මෙම පරීක්ෂණය අනුව බලයක ඝූර්ණය පිළිබඳව මෙසේ නිගමනයකට එළඹිය හැක.
 
•  බලයක ඝූර්ණය බලයක් යොදන විට එම බලයේ විශාලත්වය මත ද භ්‍රමණ අක්ෂයේ සිට බලයට ඇති ලම්බ දුර මත ද රදා පවති.
 
(c) Shilpa Sayura Foundation 2006-2017