පැබ්ලෝ පිකාසෝ 1881-1973

Link

 

1885 දී ස්පාඤ්ඤයේ උපන් පිකාසෝ 1973 ප්‍රංශයේ දී මියයන විටදී චිත්‍ර හා මූර්ති 20,000ක් පමණ නිර්මාණය කර තිබුණි. මුල් කාලයේම සහජ හැකියාවක් තිබුණු චිත්‍ර ශිල්පියෙක් ලෙස ඔහු හැඳින්වේ. ඔහුගේ චිත්‍ර ක්‍රම හා තාක්‍ෂණය ඉතා ඉහල වූ අතර සාම්ප්‍රදායික සීමා වලට හිරවීමට ඔහු කැමති නොවීය. ඔහු නිතරම තම හැඟීම් ප්‍රකාශ කිරීමට චිත්‍ර මාධ්‍යයේ නව ක්‍රම අත්හදා බැලීය. ඔහුගේ මුල් ගුරුවරයා වූයේ ඔහුගේ පියාය.




ඔහු මුල පටන්ම කලාවේ විප්ලවාදියකු වීය. ඔහු යෞවන කාලයේදීම බාසිලෝනාවටත් එහි සිට පැරිසියටත් ගියේය. එහිදී බුද්ධිමතුන් සමග ගැවසීමට හුරුවීමත් ප්‍රංශයේ වටපිටාවත් ඔහු මහා සිත්තරකු කළේය. අදටත් 20 වන ශත වර්ශයේ චිත්‍ර කළාවේ වැදගත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ පිකාසෝය.

ජීවිතයේ විවිධ කාල පරිච්චේද වලදී ඔහුගේ චිත්‍ර වෙනස් විය. ඔහු සමාජයේ සිදුවීම් හා තාත්වික ලෝකයේ ප්‍රශ්න ඔහුගේම ක්‍රම වලට තම චිත්‍ර වලින් විදහා පෑවේය.




(c) Shilpa Sayura Foundation 2006-2017