රත්නදීප ජන්ම භූමි - ලංකා දීප විජය භූමි
මේ අපේ උදාර වූ මාතෘ භූමියයි
ආදී සිංහලේ වීර මී මුතුන් ලෙයින්
සාර වූ උදාර වූ - මාතෘ භූමියයි
මාණික්‍ය සේ පොළෝ ගැබේ නිධාන වී - ඇත්තේ ඒ අභීත දූ පුතුන්
ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ - ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි
සින්ධූප මාන වැවුතලා මතින් ඇදී - පත්ම රේණුයෙන් සුගන්ධ වී
රන් කරල් නමා නමා - සිත් ප්‍රබෝධයෙන් පුරා - එන්නේ උන් හෙලූ ප්‍රාණ වායුවයි
ගංගා තරංග රාව දී රිදී මතින් - මල පිපී කුළින් කුලේ හැපී
ගායනා කරන්නේ ආකාශයේ නැගී - වීරංගේ ඒ යශෝ ගීතයයි