අක්‌කෙ අක්‌කෙ අර බලන්නකෝ
 

 අක්‌කෙ අක්‌කෙ අර බලන්නකෝ - වැස්‌සක්‌ නොවැ එන්නෙ
 හෝ හෝ හෝ ගාගෙන එන්නේ - ගස්‌වැල් ඇඹරෙන්නේ
 සුළන් තදයි විදුලියද කොටයි හෙන හඩ පැතිරෙයි
 මහා වලාකුළක්‌ නොවැ එන්නේ
 
 අක්‌කේ වී පැදුරත් මිදුලේ - අකුළා ගෙට ගන්නේ
 අම්මත් අර නාගෙන එන්නේ - මල්ලි තවම කුඹුරේ
 සුළන් තදයි - විදුලියද කොටයි ......
 
 නංගි සුදෝ මගේ අඩන්නෙපා - අම්ම හනික දැන් එයි
 බිල්ලො නොවෙයි ඔය ගොරවන්නේ - අහසේ හෙන නාදෙයි
 සුළන් තදයි - විදුලියද කොටයි ......
 
 අක්‌කේ දර ටික ගෙට ගමුකෝ - වැහිපොද වැටෙනව නේ
 වතුරත් ඉවරයි කළ ගෙඩියේ - හනික ලිඳට යමුකෝ
 සුළන් තදයි - විදුලියද කොටයි ......

(c) Shilpa Sayura Foundation 2006-2017