නිල් මානෙල් මල් පිපුණා - නෙත් සැදුණා ඒ අනුගාමී
නළල ඇගේ අඩ සඳ වාගේ - මිහිර නොවෙද හදවත කාගේ
මුතු ඇටවන් දත් පෙළ සුදිලේ - හිනා නැඟේ දත්වල කැල්මේ
ඇයගේ දෙපා ළග මහද තැවේ - එපමණි මා ලද එකම සුවේ
දිගින් දිගට කාලය ගෙවුණා - මල් වැටුණා මංගල උයනේ
ලස්‌සන කෝ කොයි අතද ගියේ - තනිවිය මා තරු ගිළුණු රැයේ
සතුට සැපත නැතිවී - කඳුළු උනා මල්බර ජීවේ
තනිකම මා ගත පැතිර තැවේ - වීණා සත්සර මිහිර බිඳේ
පිසදාලා තනිකම ලෝකේ - මුව නැහැවූ සුගතිය ජලයේ
බුදුහිමි මා ඔබ අනුව ලොවේ - පතනට එන්නෙමි රැයද දෙවේ