පිලේ පැදුර හේනට ගෙන අරගෙන එනවා
එලා පැදුර මැස්‌සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියැවෙනවා
ඉරපායා ඉර මුදුනට ගියාදෝ
සඳ පායා සඳ අවරට ගියාදෝ
හැඩූ කඳුලු මුහුදට එක් උනාදෝ
ළමා ළපටි නෑනා කොහි ගියාදෝ
එලා පැදුර මැස්‌සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහිවෙනවා
හිතේ දුකට එතකොට කවි කියැවෙනවා
ඉරපායා ඉර මුදුනට ගියාදෝ
සඳ පායා සඳ අවරට ගියාදෝ
හැඩූ කඳුලු මුහුදට එක් උනාදෝ
ළමා ළපටි නෑනා කොහි ගියාදෝ