ඕලු නෙලුම් නෙරිය රඟාලා - කිකිණි හඩට වලා නගාලා
ගඟුල් තොටිල්ලේ - මල් ඇතිරිල්ලේ
මගේ කුඩා ඔරුව හබල් ගා
යමු නැළවිල්ලෙ නැළවිල්ලේ නැළවිල්ලේ
ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ
කිරල කිරිලි කූඩුවේ ලගී - කුරුළු පන්ති නාද දී නගී
නැඹුරු වී බලා කුඩා සුදු වලා - ඔබේ රුවට වශී වෙලා නේ
යමු නැළවිල්ලේ .....
ඇදී ඇදී ....
කබරගොයා උගේ සුරතලී - සොයා ඇදේ නගා දිය සුලී
කොකින් කිරි වගේ - නැගේ වෙල දිගේ
ඔබත් කොකුන් වැලක හැඩයි නේ
යමු නැළවිල්ලේ .....
ඇදී ඇදී ....