බලය මඟින් කළ හැකි ක්‍රියාවන්
 
බලයක් යෙදීමෙන් සමහර වස්තූන්ගේ ජ්‍යාමිතික හැඩය වෙනස් කළ හැක.
(අනාගත් මැටි ගුලියක් මඟින් අලංකාර මැටි බදුනක් සාදා ගත හැක).
බලයක් යෙදීමෙන් සමහර වස්තූන් කොටස් වලට කැඩිය හැක.
(ලී කොටයක් මතට කූඤ්ඤයක් තබා මිටියකින් පහර දීමෙන් ලී කොටයක් කැබලි වලට වෙන් කල හැක).
බලයක් යෙදීමෙන් සමහර වස්තූන්වල දිග වෙනස් කළ හැක.
(රබර් පටියක් මඟින් කැටපෝලයක් සාදා ගල් කැට විදීය හැක).
බලයක් යෙදීමෙන් සමහර චලනය වන වස්තූන්වල දිශාව වෙනස් කල හැක.
(ක්‍රිකට් ක්‍රීඩකයෙකු එවනු ලබන පන්දුවකට පිතිකරැවෙකු පහර දීම).

බලයක් යෙදීමෙන් චලනය වන වස්තුවක් නිෂ්චල කළ හැක.
(චලනය වන දුම්රියක් තිරිංග යෙදීමෙන් නැවතිය හැක.).
ඉහත දක්වා ඇති සෑම ක්‍රියාවකටම බලයේ යෙදීමක් කර ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017