ශාන්ති කර්මය පැවත්වීමට බොහෝ දුරට භාවිතා කරන්නේ "කමතය" . වර්තමානයේ විවිධ ස්තාන වල ශාන්ති කර්ම පවත්වනු ලබයි. ( පංසල් බිමේ, පිට්ටනිවල ) ඒ අවට පරිසරය මැනවින් පිරිසිදු කර ඇත. නළුවන් රඟ දක්වන සීමවන් හා නර්ඹන්නන් වාඩිවී සිටින ප්රදේශ ගොක් රැහැන් වැටකින් වෙන් කර තබයි. රංගනය කරන ප්රදේශය කහ දියර ඉස පිරිසිදු කිරීම විශේෂ චාරිත්රයකි. නළුවන්ට සැරසීමට හා විවේක ගැනීමට විශේෂ ප්රදේශයක් රංග භූමිය පිටුපස සදා තිබේ. රංග මණ්ඩපය වීදි, තොරන්, යහන්, අයිල, පිදේනි තටු ආදියෙන් සැරසිලි කොට ඇත.
මේ සැරසිලි ක්රම එක් එක් ශාන්ති කර්මය අනුව විවිධාකාරය. රංග ආලෝක කරනයද ප්රදේශයේ සම්පත් අනුව විවිධ වේ. පැරැන්නෝ රඟ මන්ඩපය ආලෝකවත් කලේ විලක්කු එළි දල්වමිනි. අදටත් අයිලය හා තොරණ ආලෝක කිරීමට විලක්කු හා පන්දම් එලි භාවිතා කරයි.