ශාන්ති කර්ම හා සමාජීය සම්බන්ධය
 

පොදු සමාජයේ අවශ්‍යතාවක්‌ මත සෑම ශාන්ති කර්මයක්‌ම නිර්මාණය විය ඇත. ශාන්ති කර්මයක්‌ යනු සමාජ සුබසාධන කටයුත්තකි. එමගින් සමාජයට විශාල මෙහෙවරක්‌ ඉටු කරයි. ශාන්ති කර්මයක්‌ පවත් වන්නේ,
 
 * අස්‌වනු සරුසාර කරගැනීමට හා ආරක්‍ෂා කර ගැනීමට
 * ලෙඩ දුක්‌ වලින් මිදීමට
 * අපල උපද්‍රව කම්කොටොලු වලින් මිදීමට
 
 යනාදී කරුණු මුල්කර ගෙනය. ඉතා වැදගත් සමාජ මෙහෙවරක්‌ ඉටුකරන මෙම ශාන්ති කර්ම අපේ සමාජයේ, වැඩිහිටි, බාල, මහලු බොහෝ දෙනා එකතු කරන කටයුත්තකි. එහිදී සමාජයේ
 
 * ආචාර සදාචාර ධර්මතා
 * ආගන්තුක සත්කාර
 * සහයෝගිතාවය
 * ආධාර උපකාර
 
 වැනි ගුණංග ප්‍රායෝගිකව ව්‍යවහර වන අවස්‌තාවකි. උදාහරණයක්‌ ලෙස මෙවැනි අවස්‌තාවකදී ගම්වාසින් ගේ, අසල්වැසි ගම් වල උදවියගේ නොමද උපකාර හා සහයෝගය ලැබේ. ඒ සඳහා ආධාර උපකාර කිරීමට ස්‌වකැමැත්තෙන් ඉදිරිපත් වෙති. ශාන්ති කර්මය නැරඹීමට පැමිණෙන හැමට බත බුලතින් සංග්‍රහ කිරීම කරනු ලැබේ. උස්‌ පහත් බේද නොසලකා සෑම දෙනාම එක පැදුරු මත හිඳ වාඩිවී ශාන්ති කර්මය නරඹති.

(c) Shilpa Sayura Foundation 2006-2017