රසය යනු කුමක්‌ද?
 



හොදින් සඳ පායා ඇති රැයක ගෙමිදුලට බට ඔබ සඳ රැසින් නැහැවුණු අවට පරිසරය දෙස ආශාවෙන් බලා සිටින්නට ඇත. අහස දෙසට අත් යොමන්නක්‌ මෙන් විශාල රූස්‌ස ගස්‌ යකුන්, භූතයන් මෙන් පෙනෙන්නට ඇත. අඳුර හා සඳ එලිය එකට මුසුවී මිදුලෙහි ඇදෙන සෙවැනැලි රූප , නිසල ගේ දොර, ගොඩනැගිලි, අමිහිරි රැහැයි හඩ, භයංකාර බකමූණු නාදය, වැනි දෑ ඔබ අත් දකින්නට ඇත. මේවා දැකිමෙන් ඔබ තුල හටගත් හැගීම් කෙබඳුද ? එහි බියක්‌, අද්භූත බවක්‌, කුතුහලයක්‌ හෝ සතුටක්‌ විය හැකිය. පරිසරයේ හැසිරීමෙදී මෙවන් අවස්‌ථාවලට ඔබ විවිධ අයුරින් මුහුණ දී ඇත.
 
මෙසේ චමත්කාරයක්‌, අපූර්වත්වයක්‌, බියක්‌, පිලිකුලක්‌ අපේ සිතේ ඇතිකරවන මේ හැගීම් අපි " රසයක්‌ " ලෙස හදුන්වමු. එම රසය විඳ ගැනීම ද්‍රව්‍යමය වශයෙන් පෙන්වා දිය නොහැකිය. 
 
රසය යනු අප දකින, අසන, සිතන, කරන, කියන කවර හෝ කාර්යයක්‌ හේතුවෙන් පංචේන්ද්‍රියන් ( ඇස, කන, දිව, කන්,ගත ) මගින් ග්‍රහණය කරගනු ලැබ මනසට සංවේදී වන ශක්‌තීන් සමූහයක ප්‍රතික්‍රියාවකි. ඉන්දියාවේ පැරණි සංස්‌කෘත පොතක්‌ වන භරතමුනි ගේ " නාට්‍ය ශාස්‌ත්‍රය " කෘතියෙහි මෙම රස කොටස්‌ 9 කට බෙදා තිබේ.
 
 1. ශෘංගාර රසය
 2. කරුණා රසය
 3. වීර රසය
 4. අද්භූත රසය
 5. හාස්‍ය රසය
 6. භයානක රසය
 7. ශාන්ත රසය
 8. වීබත්ස්‍ය රසය
 9. රෞද්‍ර රසය
 
යනු එම රසයන් නවය වේ. මේවා " නව නළු රස " ලෙස හැදින්වේ. යමක්‌ හොදින් රස විදීම සඳහා තෝරාගත් කෘතිය පිලිබඳව හොද වැටහිමක්‌ දැනුමක්‌ අවබෝධයක්‌ රසිකයා සතු විය යුතුය. රස වින්දයන යනු විචාරශීලී කාර්යකි. එමනිසා රසවිදින්නා විචාරශීලීව හා අර්ථවත්ව එම කාර්යය කල යුතුය. 
 
යමක්‌ දැකීම හා බැලීම යනු මට්‌ටම් දෙකකි. දැකීම ඉබේ සිදුවන අතර බැලීම හිතා මතා කරන්නකි. දැකීමේදි අවශ්‍යතාවක්‌ පෙරදැරි නොවේ. හොඳ රසිකයෙකු වනාහී යමක්‌ දකින්නෙකු නොවේ, ඒ දෙස විමසිල්ලෙන් බලන්නෙකුය. විව්ධ කෝණ හා පැති ඔස්‌සේ එම කෘතිය ගැඹුරින් විචාරශීලිව බලන්නෙකු හොඳ රසිකයෙකු වේ. යමක රස විදීමේදී එය රස විඳිය යුත්තේ කවර නිර්ණායකයක්‌ මතද යන්න කලින් තීරණය කළ යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017