අතීතයේ පටන්ම ශ්‍රී ලාංකික ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ වී ගොවිතැනයි. ගොවියා විසින් තම විඩාව සංසිදුවා ගැනීමට හා පාලුව කාංසිය මග හරවා ගැනීමට කවි ගායනා කිරීමට පුරුදුව සිටියහ. වී ගොවිතැන ආශ්‍රිත විවිධ අවස්‌තාවන් අනුව මේ ගොයම් කවි නිර්මාණය වී ඇත. ගොයම් නෙලීම, ගොයම් කැපීම ආදී අවස්‌තාවන්ට අනුකූල කවි නිර්මාණය වී ඇත. අපට නිතර දෙවේලේ දකින්නට ලැබෙන ගොවි නැටුම් වලදී මෙම කවි භාවිතා කරමින් නර්තන නිර්මාණ කරනු ලබයි.
ගොයම් නෙලීමේ කවි ( නෙළුම් කවි ) - මහතනි තිත
ගොයම් නෙලීමේ කවි ( නෙළුම් කවි ) - මහතනි තිත
තෙල් ගාලා හිස පීරන් නැනෝ
සේලේ ඉණවට ඇඳගන් නැනෝ
ඇට වැල අරගෙන බැදගන් නැනෝ
ගොයම් නෙලන්නට යමු අපි නැනෝ
ගොයම් කැපීමේ කවි - මැදුම් තනිතිත.
උදේ සිටන් වකුටු කොන්ද දිග ඇරපල්ලා
අතේ තියන ගොයම් මිටිය බිම තියපල්ලා
හිසේ තියෙන ලේංසු පොඩිය අතට ගනිල්ලා
සතර වරම් දෙවි පිහිටෙන් ගොඩට යමල්ලා
( සුළු තනිතිත)
රන් දෑ කැති ගෙන නිති සැරසෙනවා
රත් රන් පටි ඉන වට දිලිසෙනවා
රිවි දුටු පිනි බිඳු ලෙස පහ වෙනවා
දුම්බර කෙතෙ අපි ගොයම් කපනවා
කමත් කවි ( ගොයම් පාගන කල ගයන කවි ) - මැදුම් තනිතිත.
ඉරු දෙවියන් ගේ ඉරගල ගාවා
සඳ දෙවියන් ගේ සඳගල ගාවා
ඝණ දෙවියන් ගේ කෝවිල ගාවා
අපිත් කියමු කවි ගොවිපොළ ගාවා
සේලේ ඉණවට ඇඳගන් නැනෝ
ඇට වැල අරගෙන බැදගන් නැනෝ
ගොයම් නෙලන්නට යමු අපි නැනෝ
ගොයම් කැපීමේ කවි - මැදුම් තනිතිත.
උදේ සිටන් වකුටු කොන්ද දිග ඇරපල්ලා
අතේ තියන ගොයම් මිටිය බිම තියපල්ලා
හිසේ තියෙන ලේංසු පොඩිය අතට ගනිල්ලා
සතර වරම් දෙවි පිහිටෙන් ගොඩට යමල්ලා
( සුළු තනිතිත)
රන් දෑ කැති ගෙන නිති සැරසෙනවා
රත් රන් පටි ඉන වට දිලිසෙනවා
රිවි දුටු පිනි බිඳු ලෙස පහ වෙනවා
දුම්බර කෙතෙ අපි ගොයම් කපනවා
කමත් කවි ( ගොයම් පාගන කල ගයන කවි ) - මැදුම් තනිතිත.
ඉරු දෙවියන් ගේ ඉරගල ගාවා
සඳ දෙවියන් ගේ සඳගල ගාවා
ඝණ දෙවියන් ගේ කෝවිල ගාවා
අපිත් කියමු කවි ගොවිපොළ ගාවා