දවුල
 

සබරගමු නැටුමට අයත් ප්‍රධාන වාද්‍ය භාණ්‌ඩය වන්නේ දවුලයි. පැරණි වාද්‍යභාණ්‌ඩ නම් කර ඇති ලේඛන වලින් පෙනී යන අන්දමට දවුල වූ කලී ඉතා දිර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන වාද්‍ය භාන්ඩයක්‌ ලෙස දැක්‌විය හැකිය. පැරණි පොතපතේ සඳහන් පරිදි ලොහො දවුල, ජින දවුල වශයෙන් විවිධ දවුල් වර්ග භාවිත වූ බවට අපට නිගමනය කල හැකිය. 
 
සබරගමු නැටුම් සම්ප්‍රදායට අයත් ප්‍රධාන වාද්‍ය භාණ්‌ඩය දවුල වුවද, ලංකාවේ අනෙක්‌ නර්තන සම්ප්‍රදායන් තුලද දවුල් වාදනය දැකිය හැකිය. විශේෂයෙන්ම ආගමික උත්සව ආශ්‍රිත හේවිසි වාදනයේ එක්‌ ප්‍රධාන වාද්‍ය භාණ්‌ඩයක්‌ වන්නෙ දවුලයි. අප රටෙ භාවිතා වන එකම විතතාතත ඝණයට අයත් වාද්‍ය භාණ්‌ඩය වන්නෙද දවුලයි. එක්‌ අතකින් කදිප්පුවද අනෙක්‌ අතින් ද වයනු ලබයි. 
 
සබරගමු සම්ප්‍රදායේ භාවිතා වන දවුල අනෙකුත් සම්ප්‍රදායන් භාවිතා කරන දවුල් වලට වඩා ප්‍රමානයෙන් විශාල වේ. දවුල් කඳ සකස්‌ කරගැනීම සඳහා ඇසල, ගංසූරිය, කොහොඹ, කොස්‌ වැනි ඉතා තද ගතියෙන් යුත් ලී කොට භාවිතා කරයි. මනා ලෙස දවුල් කඳ ලියවා පිත්තල පටි අල්ලා දවුල අලංකාර කරන අතරම එමගින් දවුලට වඩා ශක්‌තිමත් වේ. 
 
දවුලක සම්මත දිග ප්‍රමාණය පැරණි මිනුම් දඬු අනුව අඟල් 18 ත් 20 ත් අතර ප්‍රමාණයක්‌ වේ. දවුල් තට්‌ටුව නොහොත් දවුල් ඇස්‌ සඳහා එළු හම් බහුලව භාවිතා කරන අතර, දවුල් ලණු සඳහා හණ වලින් සැකසූ නූල් භාවිතා කරයි. 
 
අනෙක්‌ සම්ප්‍රදායන් හි මෙන්ම දවුල් වාදකයාද මූලිකව ප්‍රගුණ කලයුතු මූලික සරඹ දොලොසකි. දවුලේ ඇස්‌ දෙක සමාන හම් හා සමාන ප්‍රමාණ වලින් යුක්‌ත උවද, එක්‌ ඇසකට කඩිප්පුවෙන්ද අනෙක්‌ ඇසට අතින් ද වාදනය කරන බැවින් හඩ එකිනෙකට වෙනස්‌ වේ. දකුණු ඇස කඩිප්පුවෙනුත් වම් ඇස අතිනුත් වාදනය කරයි.
 
 දවුලට ඇත්තේද, පහතරට බෙරය හා ගැට බෙරයට වාගේම ඊටම ආවේනික වූ හඬකි. සබරගමු නැටුම හා දවුල් වාදනය මනා සුසංයොගී බවක්‌ දක්‌නට ඇත.

 

 






දවුල් බෙරයේ ප්‍රධාන කොටස්‌


 1. දකුණු ඇස
 2. දවුල් ගැටිය
 3. වම් ඇස
 4. වර ලණු
 5. ඉල්ලම්
 6. බෙරකඳ
 7. ලණුව
 8. ගිගිරි වළල්ල
 9. දවුල් කඩිප්පුව

(c) Shilpa Sayura Foundation 2006-2017