විවිධ ප්‍රසංගයක සංවිධාන කාර්ය භාර්යය.
 

* අවශ්‍ය කරන ගායන, වාදන, නර්තන අංග මැනවින් පුහුණු වීම
 * ප්‍රසංගය පැවැත්වීමට දිනය, වේලාව හා ස්‌ථානය තීරණය කරගැනීම සහ අවශ්‍ය අවසරය ලබා ගැනීම
 * විදුහල් පති තුමාට, ආචාර්ය මණ්‌ඩලයට හා විශේෂ ආරධිත අමුත්තෙකුට හෝ කිහිපදෙනෙකුට ආරාධනා කිරීම
 * ශාලාව, වේදිකාව අවශ්‍ය ආකාරයෙන් සකස්‌ කරගැනීම
 * අවශ්‍ය ඇදුම් පැළදුම් සපයා ගැනීම
 * විදුලි උපකරණ, වාද්‍ය භාණ්‌ඩ, ශබ්ද වාහිණි යන්ත්‍ර ආදිය සපයා ගැනීම
 * නිවේදන කටයුතු හා අනෙකුත් සන්නිවේදන කටයුතු වලට සුදුසු අය තෝරා ගැනීම
 
 වැනි දෑ නිසි පරිදි සංවිධානය කර ගත යුතුවේ. නිශ්චිත සැලසුමකට අනුව මේවා සංවිධානය කිරීම තුලින් ඔබ තුල සංවිධාන කටයුතු පිළිබඳ දැනුම වර්ධනය කර ගත හැකිවේ.
 
 මේ කටයුතු එක්‌ අයෙකුට පමණක්‌ ඉටුකළ නොහැකිය. යමෙකුගේ නායකත්වය යටතේ කණ්‌ඩායමක්‌ වශයෙන් එක්‌ව ක්‍රියාකල යුතුය. එක්‌ එක්‌ කටයුතු සඳහා කුඩා කණ්‌ඩායම් වෙන් කොට කමිටු පත් කිරීම තුලින් ඔබේ සංවිධාන කටයුතු වඩාත් සාර්ථක වනු ඇත.
 
 මෙහිදී
 
 * දර්ශන අංක සංවිධානය කරන කමිටුව මගින් සුදුසු අංග එක්‌ එක්‌ කණ්‌ඩායම් වලට භාරදීමත්, ඒවා නිසි අයුරින් පුහුණු වන්නේද යන්නත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙමින් කටයුතු කිරීම විවිධ ප්‍රසංගයේ ප්‍රධාන කාර්ය භාර්යයකි. මන්ද විවිධ ප්‍රසංගය මගින් ඉදිරිපත් කරන්නේ මේ දර්ශන අංග වන බැවිනි.
 
 * ප්‍රසංගය සංවිධාන කමිටුව මගින් ඔබේ ගුරුවරයා සමග හා විදුහල්පති තුමා සමග සාකච්ඡා කරමින් අදාල කටයුතු සංවිධානය කළ යුතුය.
 
 අනෙකුත් සියළුම කටයුතු ද පත් කර ඇති කමිටු මගින් ඉතා වගකීමෙන් යුතුව කල යුතුය.
 
 මේ කමිටු සඳහා නායකයන් පත් කොට , ඔහු නිතරම අනුශාසක ගුරු මහතා හෝ මහත්මිය සමග නිරතුරු සාකච්ඡා කරමින් වැඩකල යුතුය. තීරණ ගැනීමේදී ඒ පිළිබඳව දෙවරක්‌ සිතා ගුරුතුමාගේ අනුමැතිය හා අනුදැනුම ගෙන ක්‍රියාකල යුතුය. ඔබේ තීරණ වල අඩුපාඩු කම් ඇතිනම් ගුරුතුමා ඒවා ඔබට පැහැදිලි කර දෙනු ඇත.
 
 මෙසේ ප්‍රසංගයක්‌ සංවිධානයේදි අප සැලකිල්ලට ගත යුතු තවත් වැදගත් කටයුත්තක්‌ වන්නේ, නියමිත වේලාවට කටයුතු ආරම්භ කිරීමත් , අවසාන කිරීමත් ය.
 
 තම තමන් ගේ කාර්ය නිසි ලෙස වගකීමකින් ඉටු කිරීම තුලින් ඉතා උසස්‌ ඝණයේ විවිධ ප්‍රසංගයක්‌ ඉදිරිපත් කිරීමට ඔබට හැකි වනවා නොඅනුමානය.

(c) Shilpa Sayura Foundation 2006-2017