බැලූ බැල්මට සරල නිර්මාණ බවට පෙනී ගියද වෙස්‌මුහුණු නිර්මාණය අති දුශ්කර කාර්යයකි. වෙස් මුහුණු කලා ශිල්පියා තුළ රාශියක් තිබිය යුතුය.

* පරිකල්පන හැකියාව.
මෙසේ හැදින්වෙන්නේ යම් අදහසක් සිතෙන් මවාගැනීමට ඇති හැකියාවයි. යක්‍ෂ හෝ රාක්‍ෂ වැනි චරිත සැබෑ ලොවේ දක්‌නට නොලැබෙන අතර එවැනි චරිත සිතින් මවා ගැනීමට පුද්ගලයෙක් සතුව මනා පරිකල්පන හැකියාවක් තිබිය යුතුය.
* නිරීක්‍ෂණ හැකියාව
සැබෑ ජීවිතයේ අපට හමුවන චරිතයක් වුවද, එය වෙස්‌මුහුණකට නැගීමේදී එහි භාවය නැතහොත් සැබෑ බව ඇති කිරීම සඳහා එවැනි චරිත මැනවින් හදුනා ගත යුතුය. වෙස් මුහුණක හැගීමක් හෝ භාවයක් හොවා දැක්‌වීම සඳහා ඇතැම් අවස්‌තාවල යොදා ගන්නේ එක් සරල රේඛාවක් හෝ දෙකක් පමණය. එවැනි සරල රේඛා මගින් යම් භාවයක් ඉදිරිපත් කිරීමට ශිල්පියා සතු විශේෂ දක්‍ෂතාවයක් තිබිය යුතුය.
* නිර්මාණාත්මක හැකියාව
ඉහතින් සඳහන් කළ දක්‍ෂතාවන් තුලින් පමණක් වෙස්‌මුහුණක් වැනි කලාත්මක නිර්මාණයක් කළ හැකිවේ. ඒ සඳහා උසස් නිර්මාණාත්මක හැකියාවක් තිබිය යුතුය.
දේශිය වෙස්‌මුහුණු අතර ඇතැම් වෙස්‌මුහුණු නිර්මාණය කර ඇත්තේ මුහුණෙ විවිධ කොටස් චලනය කර හැකි ආකාරයටය. පහතරට සළු පාලියේ එන මුහුණ එයට කදිම උදාහරණයකි. එම වෙස් මුහුණෙ ඇස් හා කට වැනි ඉන්ද්‍රීන් චලනය කර හැකි බැවින් එම නැටුමට සජීවී බවක් එක් කරයි