සිංහල කවිය නව මගකට යොමු කිරීමේ අරමුණින් නිදහස් පද්‍ය සංකල්පය බිහි විය. නිසැඳැස් පද්‍ය කාව්‍ය සම්ප්‍රදාය පැරණි කාව්‍ය සම්ප්‍රදායට වඩා වෙනස් විය. මේ සඳහා ව්‍යවාහර භාෂාව අනුගමනය කිරීම සුලබව දක්‌නට ලැබෙයි. පැරණි කවියෙහි අන්තර්ගත උපමා, රූපක, අලංකාරාදියෙන් ඉවත් වී නව පදනමකින් මෙම කවි සංකල්ප බිහි විය. මෙහි පුරෝගාමියා ලෙස ජී.බී. සේනානායක හැදින්විය විය හැකිය.
සීගිරි කැටපත් පවුරේ සටහනකි මේ,
"බූදල්මි
සියොවආමි
සගිගිරි බැලීම
බැලූ බැලූ බොහොජනා
හී ලීලූයෙන්
නොලීමි"
"මසොව නිව
ඇ මෙසොයි
දුදුල සෙල අඩ දරිශ
විසිය, හය අසරු නූ
කිම නින්ද නොගියේ
යහතෙයි"
"නිල් කම්රොල් මලක
ඇවුණු වැට්‌කොල් මල් සෙයි
සැන්දැග සිහිවන්නෙයි
මහනෙල් මල් අතිනිගත්"
ජී.බී. සේනානායකගේ අළුත ගෙනා මනමාලී පද්‍ය පන්තියෙහි සඳහන් නිසැඳැස් පද්‍යයේ ද සමාන ලක්‌ෂණ මතුවෙයි.
"හිස නමා ගති ඈ
සිහිල් අතැඟිලි පටලවාගති
සතියකට පෙර ගෙනාවර
විලිබරය මගෙ
රන්වන් මනාලිය"
ජී.බී. සේනානායකගෙන් ඇරඹුණු නිදහස් පද්‍ය සම්ප්‍රදාය අනුගමනය කළ සාහිත්‍ය රචකයන් අතර සිරි ගුණසිංහ, ගුණදාස අමරසේකර ප්‍රමුඛස්‌ථානය ගති. මේ අතර මහගමසේකර මෙම සම්ප්‍රදාය කෙරෙහි අවධානය යොමු කළේය. ඔහු නිදහස් පද්‍ය තුළින් සමාජ යථාර්ථය හෙළි කළේය. මිනිස් ජීවිතය පිළිබඳ නව දැක්‌මක් ඇතිකිරීමට ඔහුට හැකිවිය. ඔහුගේ "නොමියමි, සක්‌වාලිහිණි, ප්‍රබුද්ධ, හෙට ඉරක් පායයි" ආදී කෘති වලින් එය සනාථ වේ.
මෙම නිසැඳැස් කාව්‍ය සම්ප්‍රදාය ඉදිරියට ගෙන යාම සඳහා සරත් අමුණුගම, මොනිකා රුවන්පතිරණ, විමල් දිසානායක මුල් තැනක් ගනිති.