භාවාර්ථ ' ය ' ප්‍රත්‍යය යෙදුණු තන්හි ද මුලින් සිටි ස්‌වරය වෘද්ධි වේ.
ඖවිත්‍ය <(උචිත + ය)
ඖදාර්ය <(උදාර + ය)
කාරුණ්‍ය <(කරුණා + ය)
කාර්පණ්‍ය <(කාපණ + ය)
කෛවල්‍ය <(කේවල + ය)
තාරුණ්‍ය <(තරුණ + ය)
නෛපුණ්‍ය <(නිපුණ + ය)
වෛශාරද්‍ය <(විශාරද + ය)
වෛෂම්‍ය <(විෂම + ය)
සාමර්ථ්‍ය <(සමර්ථ + ය)
සෞන්දර්ය <(සුන්දර + ය)
සෞභර්ද්‍ය <(සුහෘද් + ය)
'නිර්', 'දුර්' ආදි උපසර්ග සම්බන්ධ රූප
(අ) නිර්, දුර් යන උපසර්ග ඝෝෂ ශබ්දයක් පර කල්හි ඒ රූපයෙන් ම සිටී.
(ආ) එහෙත් අඝෝෂරයක් පර කල්හි, නිශ්,නිෂ්,නිස්,දුශ්,දුෂ්,දුස්, යන රූප ගනී
ඝෝෂයක් පර වු කල්හි
(අ)නිර්:
නිරාහාර
නිරීක්‌ෂණ
නිර්ගන්ධ
නිර්දය
නිර්බාධ
නිර්මල
දුර්:
දුර්ගන්ධ
දුර්ගම
දුර්ජන
දුර්දශා
දුර්බල
දුර්බෝධ
දුර්වල
අඝෝෂයක් පර වු කල්හි
(ආ) නිශ් / නිෂ් / නිස්
නිශ්චල
නිශ්චිත
නිශ්ලකංක/නිෂ්කලංක
නිෂ්ක්‍රිය
නිෂ්පාදන
නිෂ්ඵල
නිස්‌තරණ
නිස්‌සරණ
දුශ් / දුෂ් / දුස්
දුශ්චරිත
දුෂ්කර
දුෂ්ප්‍රතිපත්ති
දුෂ්ප්‍රාප්‍ය
දුස්‌තර
දුස්‌සාධ්‍ය
'ච' වර්ගයේ අඝෝෂයකට මුලින් යෙදෙන 'ශ' කාරය තාලුජ ව සිටී:
ආශ්චර්ය
දුෂ්චරිත
නිශ්චල
පශ්වීම
විනිශ්චය
'ක' වර්ගයේ අඝෝෂයකට මුලින් යෙදෙන (අ, ආ, හැර ඉතිරි)
'ඉ' ආදි ස්‌වරයකින් පර වු 'ෂ' කාරය බොහෝ විට මුර්ධජ වේ.
දුෂ්කර
නිෂ්ක්‍රිය
නිෂ්පාදන
නිෂ්ප්‍රභ
නිෂ්ඵල
පුෂ්කර
පුෂ්ප
විෂ්කම්භය
එහෙත් 'අ' 'ආ' දෙකට පර වු කාරය දන්තජ ව සිටී.
ආස්‌තරණ
ආස්‌පද
කස්‌තුරි
තස්‌කර(සොරා)
ප්‍රස්‌තර
ප්‍රස්‌තාර
ප්‍රස්‌තාවනා
නමස්‌කාර
හාස්‌කර
මනස්‌කාන්ත
වස්‌තු
වාස්‌තු
ශස්‌ත්‍ර
ශාස්‌තෘ
ශාස්‌ත්‍ර
එසේම 'ත' වර්ගයේ අඝෝෂ අක්‌ෂරයකට මුලින් එන
පහත දැක්‌වෙන වචනවල 'ස' කාරය දන්තජ විය යුතු ය.
දුස්‌තර
විස්‌තර
විස්‌තීරණ
විස්‌තෘත