නූතන පද්‍ය සාහිත්‍යය පැරණි සම්භාව්‍ය පද්‍ය සාහිත්‍යයෙන් තරමක් දුරට වෙනස් වූ සාහිත්‍යංගයක් හැටියට හැදින්විය හැකිය. මෙම වෙනස සිදුවී ඇත්තේ කාව්‍යකරණය සඳහා යොදාගත් වස්‌තු විෂය අනුවය. පැරණි පද්‍ය සාහිත්‍ය බෞද්ධාගමික ක්‍ෂේත්‍රය පසුබිම් කරගෙන වර්ධනය වී ගිය අතර නූතන පද්‍ය සාහිත්‍යය සඳහා විෂය වූයේ එයට වඩා වෙනස් වු සංකල්පනයන්ය. නූතන කවිය යනු කොළඹ යුගයේ කවියයි. නූතන කවියා කාව්‍යකරණය සඳහා යොදාගත්තේ, වස්‌තු විෂය කරගත්තේ, එදිනෙදා ජීවිතයේදී පුද්ගලයාට මුහුණ දීමට සිදු වූ සිදුවීම්ය. ජීවිත ගැටලුව පදනම් කරගත් කවර වු හෝ සිද්ධියක් වස්‌තු විෂය කරගෙන නූතන කවියා ස්‌වකීය කාව්‍ය නිර්මාණය කළේය.
නූතන කවියා සමාජ ජීවීතයේ දී හෝ පෞද්ගලික ජීවිතයේදී තමන්ට මුහුණ පෑමට සිදු වූ සිද්ධියක් තේමා කරගෙන කාව්‍ය නිර්මාණය කළාසේම, පැරණි ජන කවියාද කාව්‍ය නිර්මාණයෙහි දී තමන් අත්දුටු සිද්ධියක් වස්‌තු විෂය කරගත්තේය. ඔහු එය වර්තමානයේ මෙන් නොව භාෂාව නොමරා ජන බසින් අව්‍යාජයෙන් හා සරලාකාරයෙන් ජීවිතයට සෘජුවම සම්බන්ධ වන පරිදි නිර්මාණය කළේය. මෙසේ ජන කවියා තුළ වු එම අව්‍යාජ කවිත්වය, පිරිසිදු ජන බස් වහර, කාව්‍ය සංයමය හා සංක්‌ෂිප්ත භාවය නූතන කවියන් තුළ දැකීම බෙහෙවින්ම විරළය.
නූතන කාව්‍යය සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ ආභාෂය ලැබූව ද, සිංහල පද්‍ය සාහිත්‍යයේ නව මුහුණුවරක් ගැනීමට ඇතැම් කවියන් උත්සාහ කළ ද කොළඹ යුගයේ කවියාට එය අපහසු විය. එයට මූලික සාධකය වූයේ,
* සුදුසු කාව්‍යමය භාෂා මාධ්‍යයක් උපයෝගි කර නොගැනීම.
* අනුචිත උපමා රූපක යොදාගැනීමට යාම. වැනි කාරණාය.
මෙහිදී මුනිදාස කුමාරතුංග ඇතුළු හෙළ හවුලේ කවියන් පද්‍යකරණය තුළින් වෙනස් මගක් අනුගමනය කළහ. ඔවුහු හෙළ බස කාව්‍යකරණය සඳහා යොදාගත්හ. මෙම හෙළ හවුලේ පද්‍ය තුළද, නිසැදැස් කාව්‍යයට හා සිව්පද කාව්‍යයට ද භාව ගීත වලටද සමාන පද්‍ය දක්‌නට ලැබේ. මේ හේතුවෙන් කොළඹ කවියන් ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දැක්‌විය හැකිය.
එනම් : සම්භාව්‍ය කාව්‍ය අංශය පදනම් කරගෙන පද්‍යකරණයෙහි යෙදුණෝ, කොළඹ යුගයේ එදා සිටි තරුණ කවි\හු සහ නිසැදැස් කාව්‍ය නිර්මාණයේ යෙදුණෝ, වශයෙනි.
කාව්‍යයක් හරවත් වීමට මූලික අංග රාශියක් ඇත. එම මූලික අංග අනුගමනය කරමින් කාව්‍ය රචනා කිරීම දෝෂ විරහිත උසස් කාව්‍ය නිර්මාණයන් සඳහා හේතු වෙයි.
අනුභුතිය, ආකෘතිය, භාෂාව, උපමා, රූපක, සංකල්ප, රූප, @ඖවිත්‍යය, අලංකාර ව්‍යංගාර්ථ, ධ්වනිතාර්ථ, පරිකල්පනා ශක්‌තිය, උත්ප්‍රාසය, අනුප්‍රාසය, අනුප්‍රාසය සහ සහෘදයා යන මේවාය.
කවියාට කාව්‍ය නිර්මාණයක් කිරීමට වස්‌තු විෂයයක් තිබිය යුතුය. කාව්‍ය නිර්මානයේ දී එය මූලික අනුභුතිය වෙයි. එසේම කාව්‍ය කරණය සඳහා කුමන හෝ අත්දැකීමක් තිබිය යුතුය. එම අත්දැකීම නිර්මානයක් බවට පත්කිරීමට කවියාට දෘෂ්ටි කෝණයක් තිබිය යුතුය. මෙම දෘෂ්ටි කෝණය තමන් පදනම් කරගැනීමෙන් උත්තම පුරුෂ (මම) දෘෂ්ටි කෝණයකින් හෝ ප්‍රථම පුරුෂ (තුසිත, චූලනී) දෘෂ්ටි කෝණයෙන් ඉදිරිපත් කළ හැකිය.
මේ අතර කාව්‍යයක් සාර්ථක වීමට එහි කාව්‍යමය භාෂාව වැදගත් වේ. භාෂාව හැම විටම යොදාගත යුත්තේ කාව්‍යයට උචිත ආකාරටය. ඖවිත්‍ය ගුණය හෙවත් උචිතත්වය කාව්‍යයේ උසස් බව පිණිස හේතු වේ. රස ජනිත කිරීමට මෙම ඖවිත්‍ය උපකාරි වේ. කවි බස, උපමා, රූපක ආදී අලංකාර ආදිය සුදුසු පරිදි යෙදීමෙන් කාව්‍යයේ ඖවිත්‍ය ගුණය තහවුරු වේ.
කොළඹ කවියේ මුල් පරපුරට ආනන්ද රාජකරුණා, ඇස්. මහින්ද, පියදාස සිරිසේන, ජී.එච්. පෙරේරා, මුනිදාස කුමාරතුංග ආදී කවියන් අයත් වෙයි. එහි දෙවන පරපුරට පී.බී. අල්විස් පෙරේරා, එච්.එම්. කුඩලිගම, විමලරත්න කුමාරගම, මීමන ප්‍රේමතිලක, ශ්‍රී භන්ද්‍රරත්න මානවසිංහ, කපිල සෙනෙවිරත්න, කේයස් ආදී කවීහු අයත් වෙයි. මෙම යුග දෙකට අයත් කවීන්ගෙන් පසුව බිහිවූ සියලුම කවියන් කොළඹ යුගයේ තුන්වන පරපුර ලෙස හැදින්විය හැකිය. අද ජීවත් වන කවියන් මෙම තුන්වන යුගයට අයත් වෙයි. මේ යුගයේ විශේෂ පරපුර හැටියට සඳහන් කළ යුතු වන්නේ නිසැඳස පද්‍ය සාහිත්‍ය කෙරෙහි පුරෝගාමි වු ජී.බී. සේනානායක, සිරි ගුණසිංහ, ගුණදාස අමරසේකර, සරත් අමුණුගම, විමල් දිසානායක, පරාක්‍රම කොඩිතුවක්‌කු, මොනිකා රුවන්පතිරණ ආදීහුය.
නූතන පද්‍යයේ දක්‌නට ලැබෙන විශේෂ ලක්‌ෂණ
* පවතින සමාජ වට පිටාවෙහි යථාර්ථවත් බව අවබෝධ කරගැනීම.
* සමාජ ප්‍රගති මාර්ගය වසාලන බලවේග පිළිබඳ දැනුම.
* මනෝමය අන්තර්ගත වලින් ඉවත් වූ යථාර්ථවාදී ජීවන දෘෂ්ටිය.
* සමාජ අසාධාරණය, දිළිදුකම.
* මිනිසාගේ අනුවේදනීය ජීවන රටාව.
* ජනතා ජීවන අරගලය.
* පන්ති භේද තත්ත්වය.
* අනුකාරකයන් වීමට උත්සාහ දැරීම සහ අනුකාරකයන් නොවීමට තවත් පිරිසක් උත්සාහ දැරීම.
* නිදහස්‌කාමී ජාතික හැඟීම්.
* සාම්ප්‍රදායික කාව්‍ය මාර්ගය වෙනස් කිරීමට උත්සාහ දැරීම.
* ජීවත්වීම පිළිබඳ සනාතන අරගලයක යෙදෙන මිනිසාගේ සංවේදනා පක්‌ෂය කෙරෙහි අවධානය යොමු කිරීම.
නූතන කවිය අසාර්ථක වීමට ඉවහල් වු කරුණු
* ඇතැම් නූතන කවියන්ට කාව්‍යට උචිත භාෂා මාධ්‍යක් නොමැති වීම.
* ඇතැම් කවියන් අශ්ලීල ශෘංගාරයට මුල් තැනක් දීම.
* උචිත උපමා ඇතැම් කවියන් යොදා නොගැනීම.
* අතිශයෝක්‌තියට නැඹුරු වු ප්‍රේමාලාප.
* අත්දැකීම් පිළිබඳව අවබෝධයක් නොමැති වීම.
* ඇතැම් කවියන් නිර්මාණාත්මක හැකියාවෙන් තොර වීම.
* කාව්‍ය උපකල්පනයෙන් තොර වීම.
* කාව්‍ය සංකල්ප රූප මැවීමට ඇතැම් කවියන් අපොහොසත් වීම.
* කලාත්මක ප්‍රතිනිර්මාණ කලා කෘති ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම.
* තෝරාගත් අත්දැකීම වාර්තා ස්‌වරූපයෙන් ඉදිරිපත් කිරීම.
* ඇතැම් කවියන් සක්‌ක පද ගැට ගැසීම.
මේ ආදී වශයෙන් පවතින ඇතැම් දුබලතා නූතන බහුතරයක් කවියන්ගේ නිර්මාණවල දක්‌නට ලැබෙන දුර්වලතාවයන්ය. මෙම දුර්වලතාවය හේතු කොටගෙන නිසැඳස් පද්‍ය සාහිත්‍ය බිහි කිරීමට ඇතැම් කවියෝ පුරෝගාමි වූහ.