වෙස්‌මුහුණු වර්ග
  පහතරට ප්‍රදේශවල බහුල වශයෙන් ව්‍යවහාර වන වෙස්‌මුහුණු
 
 * අතිමානුෂ
 * මානුෂ
 * සත්ත්ව
 යනුවෙන් ප්‍රධාන වර්ග තුනකි.
 
 අතිමානුෂ යනු
 යක්‌ෂ, රාක්‌ෂ, දේව වැනි මිනිසත් බව ඉක්‌මවා ගිය චරිත සඳහා පලඳින වෙස්‌ මුහුණු වර්ගයයි.
 
 
 
මානුෂ චරිත
 ජසයා, ලෙංචිනා, මුදලි, අප්පුහාමි, හේවාරාල, අණබෙරකරු, නොංචි අක්‌කා, පොලිස්‌ නිලධාරියා යනාදී ආකාරයෙන් එදිනෙදා සමාජයේ දක්‌නට ලැබෙන සැබෑ මිනිස්‌ චරිත නිරූපණය කිරීම සඳහා යොදා ගැනීමට නිර්මාණය කළ වෙස්‌මුහුණු මෙම කොටසට අයත්වේ. මෙවැනි මානුෂ චරිත නිරූපණය කරන වෙස්‌මුහුණු බහුලව යොදාගනු ලැබුයේ පහතරට කෝලම් නාටකවලදීය. අදාළ චරිතයේ ගතිලක්‌ෂණ ඉතා පැහැදිලි ලෙස නිරූපණය වී දැක්‌වෙන ආකාරයට මෙම වෙස්‌ මුහුණු නිර්මාණය කර ඇත.
 
 
 
සත්ත්ව චරිත
වෙස්‌මුහුණු වලින් නිරූපණය වන්නේ අතිමානුෂ සහ මානුෂ චරිත පමණක්‌ නොවේ. එමඟින් සත්ත්ව චරිත පවා ඉදිරිපත් කෙරේ. දේශීය වෙස්‌මුහුණු අතරේ දක්‌නට ඇති සිංහ, වලස්‌ වැනි වෙස්‌මුහුණු එයට කදිම නිදසුනකි.

(c) Shilpa Sayura Foundation 2006-2017