රුසියානු සාහිත්‍ය ක්ෂේත්රයට ඉමහත් සේවයක් ඉටුකළ තෝල්ස්තෝයි නව කතා මෙන්ම කෙටි කතා ද රචනා කරන්නට විය. "පිටුවහල් කිරීම" ඔහු විසින් රචනා කරන ලද රසවත් කෙටි කතාවකි. (කේ.ජී. කරුණාතිලකයන් විසින් මෙය සිංහලට පරිවර්තනය කරන ලදී) මෙහි ප්‍රධාන චරිතය වෙළෙන්දෙකු වූ 'ඇක්සිනෝෆ්' වටා ගෙතී තිබේ.
මෙම දඬුවම ඔහුට ලැබුණේ හුදෙක් ඔහු විසින් කරන ලද වරදක් නිසා නොවේ. තානායමේ දී වරද වරද කරන ලද්දේ වෙනත් කෙනෙකු විසිනි. අවසානයේ දී ඇක්සිනෝෆ් ට වරද කරු සොයා ගැනීමට හැකි වුව ද ඔහු සිර කඳවුරෙන් නිදහස් වීමේ අවස්ථාව ලංවන විට වරදකරුවා මියගොස් ය. පිටුවහල් කිරීම කෙටි කතාව තුළින් කියවෙන්නේ මේ ශෝකජනක පුවතයි.
මිනිසාගේ ජීවිතයෙහි ඉරණම විසදෙන ආකාරය සංකේතවත් කිරීමක් මෙම කෙටි කතාවෙහි අන්තර්ගත ය. තෝල්ස්තෝයි ගේ මෙම කෙටි කතාව සිංහලට පරිවර්තනය කළ කේ.ජී. කරුණාතිලක ශුරීන් සප්රාණික භාෂා ශෛලියකින් ඉදිරිපත් කිරීමට සමත් වී ඇත. මෙහි එන චරිත සංකීර්ණ බවින් යුක්ත වුවද, චරිත නිරූපණය කිරීමේ දී එකි නෙක චරිතවලට හානියක් නොවන ලෙස විකාශනය කර තිබීම පරිවර්තකයාගේ විශේෂ හැකියාවකි. ඇක්සිනෝෆ් ට අත් වු ඉරණම පාඨකයා තුළ සානුකම්පිත හැඟීමක් ඇති කිරීමට හේ සමත් වෙයි. මූලික වශයෙන් තෝල්ස්තෝයිගේ රචනා වල මෙම ගුණාංගය නොඅඩුව පවතී.
ඔහුගේ කෙටි කතාවල ඇති විශේෂ ලක්ෂණ මෙලෙස දැක්විය හැකිය
1. රුසියාවේ පැවති විෂම ආර්ථික ක්‍රමය සංයමයෙන් යුක්තව නිර්දය ලෙස විවේචනය කිරීම.
2. විවිධ වද වේදනාවන්ට යොමු වු මිනිසා පිළිබඳව මනෝවිද්‍යාත්මක විශ්ලේෂණ දෘෂ්ටියකින් දැකීම.
3. සාම්ප්‍රදායික ආගමික සාමාජික තත්ත්වයන් විවේචනය කිරීම
4. පවතින සමාජ තත්ත්වය කෙරෙහි සාහිත්‍ය කරුවෙකුගේ දෘෂ්ටියෙන් බැලීම.
5. යථාර්ථවාදී අයුරින් චරිත නිර්මාණය කිරීම.
6. කෙටි කතා සන්දර්භය හරවත් වීම.
7. චරිත ක්‍රියාකාරිත්වය තුළ සානුකම්පිකත්වය නිර්මාණය කිරීම.
8. කෙටි වචන වලින් පවා චරිතයන්හි අභ්‍යන්තරයට ඇතුළු වී ගවේශණාත්මක විග්‍රහයක් කිරීමට හැකි වීම.
අභ්‍යස හුරුව 1
1. කෙටි කතාවක මූලික ලක්ෂණ මතුකර දක්වන්න.
2. කෙටි කතාව පරිවර්තන සාහිත්‍ය නිර්මාණයක් ලෙස අගය කරන්න.
3. විශ්ව සාහිත්‍ය පිළිබඳව ඔබ දන්නා දේ ඉතාමත්ම සංක්ෂිප්තව ලියන්න.
4. තෝල්ස්තෝයි වෙනත් නිර්මාණ නම් කරන්න.
1. කෙටි කතාවක හා නව කතාවක ඇති වෙනස්කම් පැහැදිලි කරන්න.
2. ඔබ කියවා ඇති කෙටි කතා පිළිබඳ වගුවක් සකස් කරන්න.
3. පිටුවහල් කිරීම කෙටි කතාවෙන් සමාජයට දෙන පණිවිඩය කුමක්දැයි පැහැදිලි කරන්න.
4. පිටුවහල් කිරීම කෙටි කතාවේ තේමාව කුමක්දැයි පැහැදිලි කරන්න.
5. ටිටුවහල් කිරීම කෙටි කතාවේ අන්තර්ගතය පැහැදිලි කරන්න.
අභ්‍යාස හුරුව 3
1. පිටුවහල් කිරීම කෙටි කතාවේ ඇති අවස්ථා සිද්ධි තෝරා එහි සාහිත්‍යමය අගය විභාග කරන්න.
2. පිටුවහල් කිරීම කෙටි කතාවේ භාෂාව හසුරුවා ඇති ආකාරය පිළිබඳ විමසීමක යෙදෙන්න.
3. තෝල්ස්තෝයිගේ කෙටි කතාවල දක්නට ලැබෙන ලක්ෂණ මොනවාද ?
4. පිටුවහල් කිරීම චරිත විකාශනයේ දී දැක්වෙන චරිත සංකීර්ණත්වය පිළිබඳ විමසීමක යෙදෙන්න.
5. පිටුවහල් කිරීම කෙටි කතාව සජීවි භාෂා ශෛලියකින් හසුරුවා ඇත. විමසීමට භාජනය කරන්න.
6. ඇක්ස්නෝෆ් ඛේදාන්තය තුළින් පාඨකයා තුළ ජනිත වන මනෝභාවයන් කෙබදුදැයි විමසීමක යෙදෙන්න.
7. පිටුවහල් කිරීම කෙටි කතාවේ එන චරිත මනෝ විද්‍යාත්මක විග්රහයකට යොමු කරන්න.
