මුර්ධජ 'ළ' කාරය හා දන්තජ 'ල' කාරය
සිංහලයෙහි තත්සම නොවන 'ර' කාරාන්ත ධාතුවලින් සෑදෙන අතීත ආඛ්‍යාන/කෘදන්ත රූපවල අගට යෙදෙන 'ළ' කාරය මුර්ධජ ව සිටී:
ධාතුව අතීත කෘදන්තය
අතුර අතුළ
උතුර උතුළ
උපුර උපුළ
කර කළ
කකාර (පැසවන) කකාළ
පහර පහළ
මතුර මතුළ
මර මළ
රුකුර රුකුළ
වදාර වදාළ
වපුර වපුළ
හර හළ
පාලි/සංස්‌කෘත ස්‌වර මධ්‍ය (ස්‌වර දෙකක් මැද වු) තනි ට් – ඪ| - ඬ| - අකුරු සහිත වචනවලින් බිඳී එන 'ළ' කාරය හැම විට ම මුර්ධජ ව සිටී.
කර්කට> කකුළු
කපාට >කවුළු
කිරීට>කිරුළු
කුක්‌කුට> කුකුළු
ක්‍රීඩා >කෙළි
ඛේට/කෝටි> කෙළ
ගුඪ> ගුළු
දෘඪ> දළ
නාටක > නළු
පටිකම්ම > පිළියම්
පඪවි > පොළොව
ප්‍රකට >පළ
පටිමා> පිළිම
ශාටක/සාටක >සළු
සංඝයා > සඟළ
තත්සම වචනවල එන 'ල' කාරය දන්තජ වේ.
සිංහල
වෘෂල
ගෘඟාල
සිංහල වචනවල පදාන්තයෙහි සිටි මුර්ධජ 'ණ' කාරය හා මුර්ධජ 'ළ' කාරය
වර්තමානයෙහි හල් ව නො යෙදේ.
ණ :අණ
තණ
දණ (දණ හිස)
බණ
වණ(තුවාලය)
ළ:ඉහළ
කොළ
දළ (දෘඪ/දෘඪා)
පහළ
පළ (ස්‌ථානය)
පොළ (ස්‌ථානය)
ජ්‍යෂ්ඨ, විශිෂ්ට ආදි රූප
අතිශයාර්ථ ඉෂ්ඨ ප්‍රත්‍යයෙහි යෙදෙන පදවල 'ඨ' කාරය නිත්‍ය මහාප්‍රාණ
වන බැවින් ඉන් සෑදෙන තද්ධිත පද ද 'ඨ' කාරයෙන් යුක්‌ත ය.
කණිෂ්ඨ< (කන් + ඉෂ්ඨ)
ධර්මිෂ්ඨ < (ධර්ම + ඉෂ්ඨ)
පාපිෂ්ඨ< (පාප + ඉෂ්ඨ)
ශ්‍රේෂ්ඨ < (ශ්‍රා + ඉෂ්ඨ)
මුර්ධජ 'ෂ්' කාරයෙන් පරව යෙදෙන කෘදන්ත
න /නි ප්‍රත්‍යය 'ට' 'ටී' බවට පත්වන අතර ඒවා නිත්‍ය අල්පප්‍රාණ ව සිටී:
අනිෂ්ට/විශිෂ්ට
දුෂ්ට
දෘෂ්ටි
නෂ්ට (නෂ් + ත)
පෘෂ්ටි
වෘෂ්ටි
ශ්ලිෂ්ට
'ඉක', ‘'ඊය' ආදි ප්‍රත්‍යාන්ත රූප
'එයට අයත්' ආදී අර්ථවත් තත්සම 'ඉක' ප්‍රත්‍යය යෙදුණු පදවල මුලින් සිටි ස්‌වරය සාමාන්‍යයෙන් වෘද්ධි වේ.
මෙහි වෘද්ධි නම් අ>ආ, ඉ/ඊ >ඵෙ, උ/ඌ > ඖ, සෘ > ආර් බවට පත් වීම යි.
ආධ්‍යාත්මික <(අධ්‍යාත්ම + ඉක)
ආධ්‍යාපනික <(අධ්‍යාපන + ඉක)
නාගරික <(නාගර + ඉක)
වාර්ෂික < (වර්ෂ + ඉක)
ශාරීරික < (ශරීර + ඉක)
ඊ / ඊ > ඓ
ඓතිහාසික<(ඉතිහාස + ඉක)
දෛනික <(දින + ඉක)
නෛරුක්‌තික<(නිරුක්‌ත + ඉක)
වෛයාකරණික<(ව්‍යාකරණ + ඉක)
සෛද්ධාන්තික <(සිද්ධාන්ත + ඉක)
උ / ඌ > ඖ
ඖදාරික <(උදාර + ඉක)
පෞද්ගලික <(පුද්ගල + ඉක)
පෞරාණික < (පුරාණ + ඉක)
භෞතික < (භුත + ඉක)
සෞගන්ධික < (සුගන්ධ + ඉක)
සෘ / සෲ > ආර්
මාර්දංගික < (මෘදංග + ඉක)
වාර්තික < (වෘත්ති + ඉක)
භාර්දික< (හෘද් + ඉක)
වෘද්ධියක් නොමැති ව – ' ඉක ' ප්‍රත්‍යය යෙදුණු පද ස්‌වල්පයක් ද වේ.
ක්‌ෂණික <(ක්‌ෂණ + ඉක)
රසික <(රස + ඉක)
රසායනික <(රසායන + ඉක)
ව්‍යවහාරික <(ව්‍යවහාර + ඉක)
ඉ කාරාන්ත නාමයකින් පරව අස්‌ත්‍යර්ථයෙහි ' ක ' ප්‍රත්‍ය යෙදුණු
තන්හි ආදි ස්‌වරය වෘද්ධි නොවේ.
පන්තික <(පන්ති + ක)
භක්‌තික <(භක්‌ති + ක)
ලබ්ධික <(ලබ්ධි + ක)
සංස්‌කෘතික<(සංස්‌කෘති + ක)
'ඊය' ප්‍රත්‍ය එකතු වීමේ දී ද මුලින් සිටි ස්‌වරය වෘද්ධි නොවේ.
කාර්යාලයීය <(කාර්යාලය + ඊය)
ප්‍රාන්තීය <(ප්‍රාන්ත + ඊය)
මණ්‌ඩලීය <(මණ්‌ඩල + ඊය)
විද්‍යාලයීය <(විද්‍යාලය + ඊය)
ස්‌වදේශීය <(ස්‌වදේශ + ඊය)
තත්සම ' ඒය ' ප්‍රත්‍ය එකතු වීමේ දී ද පදයක මුලින් ම වු
ස්‌වරය සාමාන්‍යයෙන් වෘද්ධි වේ.
අ > ආ
ගාංගේය < ගංගා + ඒය
ඊ / ඊ > ඓ
හාගිනේය <(හගිනි + ඒය)
ජෛවේය < (ජීව + ඒය)
මෛත්‍රේය < (මිත්‍රා + ඒය)
ලාංකේය < ලංකා + ඒය
වෛනතේය <(විනතා + ඒය)
සෛංහලේය <(සිංහල + ඒය)
උ / ඌ > ඖ
කෞලේය <(කුල + ඒය)
පෞරුෂ්ය <(පුරුෂ + ඒය)