වෙස්‌මුහුණු භාවිතය ඈත අතීතයේ සිටම ලෝකයේ විවිධ ජාතීන් අතර පැවතගෙන එන සාම්ප්‍රදායික කලා අංශයකි. "වෙස්" යන්නෙහි සරල අදහස "වේශය" නැතහොත් ස්‌වරූපය යන්නයි. කවර හෝ ස්‌වරූපයකට පත් කිරීමට, නැතහොත් වෙස් ගැන්වීමට, මුහුණට පළඳිනු ලබන උපකරණයක් වන හෙයින් මෙය "වෙස්‌මුහුණ" ලෙස හැඳින්වේ.
පැරණි ගෝත්‍රික ජන කොටස් "සමරෝපණ" අවස්‌ථා සඳහා ද දඩයම් කිරීම වැනි එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා ද, විනෝදාස්‌වාදය ලබා ගැනීම සඳහා ද වෙස්‌මුහුණු පැලඳීම කර ඇත.

ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, ඉන්දියාව, ජපානය, තායිලන්තය වැනි පෙරදිග රටවල් වෙස්‌මුහුණු කලාව පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලයි.
අප්‍රිකානු රටවල ගෝත්‍රික ජනයා අතර ද වෙස්‌මුහුණු කලාව ජනප්‍රිය අංගයක් වී ඇත. 14-15 වන සියවස්‌වල ඉතාලිය, ප්‍රංශය වැනි යුරෝපීය රටවල පවා ප්‍රිය සම්භාෂණ නැටුම් සඳහා වෙස්‌මුහුණු භාවිත කොට ඇත.
තමා කවරෙක් ද යන්න හදුනා ගැනීම වැළැක්‌වීම සඳහා මුළු ජීවිත කාලය පුරාම යකඩ වෙස් මුහුණක් පලඳවා සිරගත කර සිටි ප්‍රංශ රජකුමාරයෙකු පිළිබඳ ඉතා ලස්‌සන කතා පුවතක් වික්‌ටර් හියුගෝ නමැති ප්‍රංශ ලේඛකයා විසින් ලියා ඇත.