සැරසිල්ලක්‌ නිර්මාණය කිරීම
 

මෙවැනි කලාත්මක නිර්මාණයක්‌ කිරීමට ඔබටත් හැකියාව ඇත. "ගොක්‌ කොළ" ඇසුරෙන් කරනු ලබන සරල නිර්මාණයක්‌ කරන්නට අපි උත්සාහ ගනිමු.

 පළල ගොක්‌ කොළ කිහිපයක්‌ ගන්න. එහි මුල සිට සෙ.මි. 4 පමණ උඩ සිට, සෙ.මි. 10 කැබලිවලට කපාගන්න. පහත රූපයේ දක්‌වා ඇති ආකාරයට එක්‌ පසෙකින් ඉරටුව සෙ.මි. 3 පමණ සිටින සේ පිහිතලයකින් හෝ "බ්ලේඩ්" තලයකින් කපා ගන්න. ඊට පසු කපාගත් කොළ දිග හරින්න.

 


 
 මෙසේ සකස්‌ කරගත් කොළ කුඩා කෙසෙල් බඩ කැබෙල්ලක වටේට ගහන්න. දැන් ඔබ කළ නිර්මාණය ලස්‌සනදැයි බලන්න. ඔව්, එය අපූරු ගොක්‌ පියුමකි.


 
 ඔබට අවශ්‍ය නම් මෙවැනි තවත් නිර්මාණයක්‌ කළ හැකිය.