ශාන්තිකර්ම සැරසිලිවල කලාත්මක අගය
 

ශාන්තිකර්ම සැරසිලිවලින් ප්‍රදර්ශනය වන්නේ අපේ රටේ ගැමිකලා ශිල්පීන්ගේ නිර්මාණාත්මක හැකියාවයි. පරිසරයෙන් සොයාගත් ගොක්‌ කොළයක්‌, කෙසෙල් පතුරක්‌ හෝ හබරල කොළයක්‌ ඇසට සුන්දරත්වයක්‌ ඇති කරන කලාත්මක නිර්මාණයක්‌ බවට පත් කිරීම කොතරම් අපූරු දක්‌ෂතාවයක්‌ ද ?


 මෙවැනි සැරසිලි අප සතු ජාතික උරුමයන් බව ඔබ මීට පෙර සිතා බැලුවා ද ? මේවා අපේ රටට, අපේ ජාතියට අයිති අපේම දේවල් වේ. එසේ හෙයින් එවැනි නිර්මාණයන් හි ඇති කලාත්මක වටිනාකම අගය කරන්නට අප පෙලඹිය යුතුය. එපමණක්‌ නොවේ. එවැනි නිර්මාණ අභාවයට යා නොදී රැක ගැනීමට ද අප කටයුතු කළ යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017