අක්‍ෂර වින්‍යාසය - 6
 

අක්‌ෂර වින්‍යාසය හා බැඳුණු පද සාධනය

මුර්ධජ 'ණ' කාරය හා දන්තජ 'න' කාරය
'ණ' කාර ප්‍රත්‍යය හැම විට ම මුර්ධජ ව සිටී:

ඇසිණි, ඇසුණු, ඇසුණේ, ඇසුණෝ, ඇසුණහ, ඇසුණා
කියවිණි, කියවුණු, කියවුණේ, කියවුණෝ, කියවුණහ, කියවුණා
වැතිරිණි, වැතුරුණු, වැතුරුණේ, වැතිරුණෝ, වැතුරුණහ, වැතුරුණා
එහෙත්,උපන්, උපන්න, දුන්, දුන්නු, දිනි, දුනු ආදී අතීත ක්‍රියා පදවල හලන්ත හා
ද්විත්ව 'න' කාරය දන්තජ ව සිටී.

ගෞරවාර්ථයෙහි යෙදෙන ආණි, අණු, ආණ, අණ්‌ඩ, අණ්‌ඩි
යන ප්‍රත්‍යයගත 'ණ' කාරය මුර්ධජ ව සිටී:

දුවණියෝ/දියණියෝ
නැඟණියෝ
මෑණියෝ
පුතණුවෝ
මලණුවෝ
බෑනණුවෝ
පියාණෝ
සිටාණෝ
උතුමාණෝ
පුතණ්‌ඩ
මලණ්‌ඩ
අම්මණ්‌ඩි

සිංහල භාෂාවේ යෙදෙන උපකරණ, කරණ විභක්‌ති, මරණ භය, කළමනාකරණය
රෝග නිවාරණ වැනි පාලි, සංස්‌කෘත ස්‌වරූපයේ කෘදන්ත 'ණ' කාරය හැම විට ම
මුර්ධජ ව සිටී:

සිංහලයෙහි තත්සම නොවන වර්තමාන කෘදන්ත රූපයේ ධාතුව අගට එකතු වන 'න'
කාර ප්‍රත්‍යය හැම තන්හි දන්තජ ව ම සිටී:

එන
කරන
කරවන
කියන
යන
වැටෙන
හදාරන
වදාරන

සිංහලයෙහි තත්සම නොවන වර්තමාන කෘදන්ත රූපවල
'නු' ප්‍රත්‍යය ද හැම විට ම දන්තජ ව සිටී:
කරනු
කරනුයේ
කරන්නේ
කරනුව
වදාරනු
වදාරනුයේ
වදාරන්නේ
වදාරන්න
වදාරනුව

මුර්ධජ 'ණ' කාරය හා දන්තජ 'න' කාරය
පදයක සෘ,ඊ,ෂ් යන අකුරකින් පර වු 'න' කාරය මුර්ධජ
බවට හැරෙයි. (රේපය, රකාරාංශ වශයෙන් හැඳින්වෙන රූප ද මෙහිලා ගැනේ.)
අර්ණව
උෂ්ණ
ඌර්ණා රෝම
සෘණ
කෘෂ්ණ
තීක්‌ෂණ
තෘණ
තෘෂ්ණා
නිර්ණය
පූර්ණ
මෘණාල
වර්ණ
රේපය: තර්‍ක, වර්‍ණ
රකාරාංශ : ව්‍රත, භ්‍රමණ

පදයක සෘ / ර් / ෂ් යන අකුරන් හා 'න' කාරය යෙදෙන
විට ඒ අතරෙහි මතු දැක්‌වෙන අකුරුවලින් එකක්‌ හෝ කීපයක්‌
හෝ යෙදුණ ද 'ණ' කාරය මුර්ධජ ව සිටී:
(අ)ස්‌වර
(ආ)ය්/ට්‌/ග්
(ඇ)ක්‌/බ්/ග්/ඝ්/
(ඈ)ප්/ඒ/බ්/භ්/ම්
ආරෝහණ
ක්‌ෂීණ
දක්‌ෂිණ
ද්‍රෝණි
නිර්මාණ
නිර්වාණ
නිර්යාණ/නෛර්යාණික
නිරූපණ
පරායණ
පරිමාණ
ප්‍රමාණ
ප්‍රාණ
ප්‍රහාණ
ප්‍රීණත
මුද්‍රණ
රක්‌ෂණ
රාමායණ
විචක්‌ෂණ
විෂ්කම්භය
විෂාණ
ශ්‍රේණි

ච, ට, න වර්ගයේ අකුරක්‌ හෝ ශ, ස, ල, ං යන අකුරක්‌ හෝ කිහිපයක්‌ අතරෙහි
යෙදෙන විට න කාරය දන්තජ ව සිටී.

අධිෂ්ඨාන
ආරාධනා
දර්ශන/දර්ශනීය
දුර්ජන
පරිවර්තන
ප්‍රධාන
ප්‍රශ්න
ප්‍රාර්ථනා
මර්දන
රචන
රඤ්ජන
වර්ණනා
විමර්ශන

(c) Shilpa Sayura Foundation 2006-2017