ශාන්තිකර්මයේ දී ශාන්තිකර්ම භුමිය පමණක් නොව ඒ සඳහා යොදාගනු ලබන පූජා භාණ්ඩ පවා සැරසිලි කරනු ලබන අවස්ථා ඇත. එයින් බලාපොරොත්තු වන්නේ සුන්දරත්වය ඇතිකිරීමයි.
ගම්මඩු ශාන්තිකර්ම වලදී පූජා භාණ්ඩයක් ලෙස යොදාගනු ලබන "බිසෝකප" සැරසීම ඒ සඳහා හොඳම උදාහරණයකි.
බිසෝකප කෙසෙල්බඩයෙන් සහ ගොක් කොළයෙන් ඉතා විසිතුරු ලෙස සකස් කරගත් සැරසිල්ලකි.
මන්ත්ර ජීවාන් කරන අවස්ථාවේ දී යොදාගන්නා "තැඹිලි ගෙඩිය" සැරසීම මේ සඳහා තවත් උදාහරණයකි.
මාතර ප්රදේශයේ යකැදුරන් ඇතැම් අවස්ථාවලදී කහදියර කොතලය ද ගොක්කොළ කැටයමින් අලංකාර කරන අවස්ථා ඇත.
සූනියම් ශාන්තිකර්මය හා බැදුණු ඇතැම් "තීන්දු කැපීම්" වලදී "හොඬල" වැනි අල වර්ගවලින් විවිධ රූප නිර්මාණය කරනු ලැබේ. සමහර ඇදුරන් ඉටිවර්ග පහක් යොදා සකස්කළ පස්ඉටි නමැති විශේෂ ඉටි වර්ගයක් යොදාගෙන ද රූප ඇඹීම කරනු ලැබේ. එවැනි නිර්මාණයන් ද ශාන්තිකර්ම ආශ්රිත සැරසිලි හා සම්බන්ධ වේ.