එක් එක් සම්ප්‍රදායන්ට අයත් ශාන්තිකර්ම අනුව රඟමඩල ආශ්‍රිතව විවිධ සැරසිලි කරනු ලැබේ. පුරාවෘත්ත කතාවලදී කියැවෙන තොරතුරුවලට අනුව අතීතයේදී මඬු ශාන්තිකර්මය කිරීම සඳහා ඉදිකරන ලද දිගින් රියන් හැටක් සහ පළලින් රියන් තිහක් වූ මඬුව, උඩුවියන්, වටතිර ඇද විවිධ ආකාරයෙන් සරසන ලද බව කියැවේ.
උඩරට සම්ප්‍රදායට අයත් කොහොඹා කංකාරි ශාන්තිකර්මයේදී ඉඳිකරන,
* අයිලය, යක්‌ගෙය
* පහතරට සහ සබරගමු මඬු ශාන්තිකර්ම වලදී නිර්මාණය කරන ලද තොරණ
* සන්නියකුම් යාගය සඳහා ඉඳිකරන සන්නියකුම් වීදිය
* සූනියම් ශාන්තිකර්මයේ අටමගල වීදිය
* බලි ශාන්තිකර්මවලදී යොදාගන්නා බලිමැස්‌ස සහ යහන් රඟමඬල සැරසිලි අතර ප්‍රධාන තැනක් හිමිකර ගනී.
මීට අමතර වශයෙන් මල්යහන්, පිදේනි තටු, පහන්පැල් යනාදී වූ විවිධ සැරසිලි අවශ්‍යතාව අනුව ඉඳිකරනු ලැබේ.
මෙම සැරසිලි සකස් කිරීමේ දී, මුලින්ම කරන්නේ කෝටු සහ පට්‌ටා යොදා ගනිමින් මූලික සැකිල්ල සකස්‌කර ගැනීමය. එම සැකිල්ල මැදිකොට කෙසෙල් පතුරු තබා බැඳ, ගොක් කොළ සහ හබරල කොළ යොදා ගනිමින් අලංකාර ලෙස සරසා ගනු ලැබේ.
මෙකී සැරසිලි මකුළු, ගුරුගල්, පහන්දැලි වැනි ස්‌වභාවික වර්ණ යොදාගෙන විචිත්‍ර ලෙස වර්ණ ගන්වනු ලැබේ.
ඉහත කී රඟමඬල සැරසිලි කිරීමේ දී දෙවිවරුන්ගේ සහ ඉර, හඳ යන සොබාදහමේ සදාතනික වස්‌තුන් චිත්‍රයට නැඟීම ද ඇතැම් ශාන්තිකර්මවලදී සිදුකරනු ලැබේ.
බලි ශාන්තිකර්මය වැනි ග්‍රහයින් උදෙසා පවත්වනු ලබන ශාන්තිකර්මවලදී, එකී ග්‍රහ දෙවිවරුන්ගේ රූප මැටියෙන් අඹා වර්ණගන්වා ශාන්තිකර්ම මණ්‌ඩපය අසලින් තැබීම සිරිතකි.
කොහොඹා කංකාරි ශාන්තිකර්මය පවත්වනු ලබන රංග භුමිය සහ පහතරට, සබරගමු මඬු ශාන්තිකර්ම සිදුකරනු ලබන රංග භුමියෙහිත් තැඹිලි, නවසි, බෝදිලි, ඉඳි වැනි වලු වර්ග එල්ලා සැරසීම ද අතීතයෙහි සිටම පවත්වාගෙන එනු ලබන චාරිත්‍රයකි.