එකිනෙක නර්තන සම්ප්‍රදායන්ට අදාළව කංකාරි, මඩු ශාන්තිකර්ම, යක් තොවිල් බලියාග ආදී වශයෙන් එකිනෙකට වෙනස් ශාන්තිකර්ම රාශියක් ඇති බැවින්, එම ශාන්තිකර්ම හා බැදුණු සැරසිලි කලාව ද අංගෝපාංග ගණනාවකින් සමන්විත පුළුල් ක්‍ෂේත්‍රයක් පුරා පැතිරී ගිය එකකි.
එක් එක් සම්ප්‍රදායන්ට සහ ශාන්තිකර්මයන්ට අනුව, සැරසිලි කලාවේ ඇතැම් වෙනස්‌කම් දක්‌නට ඇතත්, පොදුවේ ගත්කල මේ සියල්ලෙහි කිසියම් සමානකමක් ද දක්‌නට ඇත.
සැරසිලි සඳහා යොදාගනු ලබන අමුද්‍රව්‍ය බොහෝ දුරට එක හා සමානය. සැරසිලි නිර්මාණයන් එකිනෙකින් වෙනස් වන්නේ ආකෘතියෙන් සහ හැඬගැන්වීමෙනි. ඒ අනුව ඒවා සම්ප්‍රදායානුකුල අනන්‍යතාවයක් පෙන්වයි.
ශාන්තිකර්ම හා බැඳි සැරසිලි ප්‍රධාන වශයෙන්,
* රඟමඬල අලංකාර කිරීම සඳහා යොදා ගනු ලබන සැරසිලි
* පූජා භාණ්‌ඩ සහ රංග උපකරණ නිර්මාණය සහ සැරසිලි කිරීම
* නළු නිළියන් වෙස් ගැන්වීම සඳහා යොදාගනු ලබන සැරසිලි උපකරණ යනුවෙන් ප්‍රධාන කොටස් තුනකට වෙන්කළ හැකිය. මෙකී සැරසිලි සඳහා ප්‍රධාන වශයෙන් යොදාගනු ලබන අමුද්‍රව්‍ය වන්නේ,
* ගොක් කොළ
* කෙසෙල් පතුරු සහ කෙසෙල්බඩ
* හබරල කොළ
* විවිධ අතු වර්ග
* මැටි
* ලී කෝටු, පට්‌ටා, ඉරටු
* පොල්, තැඹිලි, නවසි, ඉඳි වැනි ගෙඩි වලු
* පොල්, පුවක් වැනි මල් වර්ග
* විවිධ පලතුරු
යනාදි අවට පරිසරයෙන් සපයාගත හැකි ද්‍රව්‍යයන්ය.

එම සැරසිලි අතර,
* කැටයම් - ගොක් කොළ, හබරල කොළ, කෙසෙල් පතුරු
* ගෙතීම් - ගොක් කොළ, පොල් කොළ
* විවීම් - ගොක් කොළ, පොල් කොළ
* ඇඹීම් - හුඹස් මැටි, කිරි මැටි සහ මැටි වර්ග (පස් ඉටි)
* නෙලීම් - හොඬල, හබරල, කෙසෙල් බඩ
* චිත්‍ර - බලි රූප සහ දෙවි රූප
* ගොඩනැගීම - යහන, අයිලය, මල් අස්‌න, තොරණ
යනාදි වශයෙන් විවිධාකාරයෙන් කරනු ලබන සැරසිලි රාශියක් අන්තර්ගත වේ.