නර්තනය නිර්මාණය කිරීම
 

මෙම කතාපුවත තුල විශාල අවකාශයක්‌ ඇත. එහි යෙදෙන ප්‍රධාන චරිත අතර,
 
 * වන සතුන්
 * කිඳුරා සහ කිඳුරිය
 * රජතුමා
 * සක්‌ දෙවියන්
 
 මේවා ප්‍රධාන චරිත වන අතර අපට අවශ්‍ය පරිධි තවත් චරිත මේ සඳහා යොදාගත හැකිය. උදාහරණ වශයෙන් රජු සමග එන පිරිවර දැක්‌විය හැකිය. කිඳුරන් යනු අඩක්‌ සත්ව හා අඩක්‌ මිනිස්‌ වේශයෙන් යුත් සුරූපී සත්ව කොටසක්‌ බව පුරාන සාහිත්‍ය පොත් වල සඳහන් ව ඇත.
 
 ඔබ කලින් පාඩම් වලදී ලත් අත්දැකීම් අනුව යමින් මේ සඳහා සුදුසු චරිත නිරූපණය කරන්නට උත්සාහ කරන්න.
 
 කිදුරු යුවල සතුටින් නටන අවස්‌තාව නිරූපණය කිරීමේදී වන සතුන් ද සතුටින් සීටීම නිරූපණය වීම වැදගත් ය. කිඳුරා විඳ මරන අවස්‌තාවේ රජුගේ වීරත්වය හා තේජාංවිත බවත් , හී පහර කන කිඳුරාගේ මුහුණෙ වේදනාව හා කිඳුරියගේ මුහුනේ ඇති ශෝකයත් නිරූපණය කරන්න.
 
 රජු කිඳුරිය සනසන විට ඇයගේ මුහුණෙ වන පිලිකුල් සහගත කේන්තිය නිරූපණය විය යුතුය. විස්‌මය ජනක අයුරින් සක්‌ දෙවිදුගේ ආගමයන නිරූපණය කරන්න. නැවත පණ ලැබීමෙන් ඇතිවන සතුට නිරූපණය කරන්න.
 
 මෙලෙසින් කතාවේ ඇතුලත් වැදගත් අවස්‌තා යොග්‍ය හැගීම් ප්‍රකාශ කරමින් ඉදිරිපත් කරන්න. උචිත ආකාරයෙන් සාත්වික හා ආංගික අභිනයන් යොදාගනිමින් එකී චරිත සඳහා නර්තන නිර්මාණය කළයුතුය. කිදුරු රංගනය තුල ඔවුන් ගේ සුකුමාල බව ලාස්‍ය බව ප්‍රකාශ වන අකාරයේ චලන හා තාලරූප යොදා ගනිමින් ඒ සඳහා මධ්‍ය ලය භාවිතා කිරීම උචිතය. රජුගේ උදාර භාවයත් තේජාංවිත භාවිතයත් පෙන්නුම් කිරීමට සුදුසු තාල රූප යොදාගන්න. සතුන් ගේ චරිත සඳහා එක්‌ එක්‌ චරිත වලට අදාල චලන හා තාල රූප භාවිතා කල යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017