සඳකිඳුරු කතා තේමාව
 

අති සුන්දර වනාන්තරයකි. මුවන්, සාවුන්, සිංහයන්, අලියන්, මොනරුන් වැනි සතුන් ඔබ මොබ ගමන් කරමින් සිටී. මේ අතර සුන්දර කිඳුරු යුවලක්‌ නටමින් ගයමින් ප්‍රීති වෙමින් එම සතුන් අතරේ ගැවසෙයි. 
 
මේ අතර දුනු හී අතින් ගත් රජ කෙනෙක්‌ දඩයමේ පැමිණෙ. කිඳුරිය දකින මේ රජු විසින් ඇයට ලොල්ව කිඳුරා විද මරා දමයි. කිඳුරිය විලාප නගයි. රජු ඇය සැනසීමට උත්සාහ දැරුවද එඅය ව්‍යර්ත වෙයි. ඇය රජුට සාප කරමින් දෙවියන් යදියි. මේ දුටු සක්‌දෙවු රජු කිඳුරාට යළි පණ ලබා දෙයි. සතුටින් ඉපිල ගිය කිඳුරු යුවල යළි සතුටින් ප්‍රීති වෙමින් නටති.

(c) Shilpa Sayura Foundation 2006-2017