කතාවක් රසවත් ලෙස කීමටත් ඒක් ඒක් සිදුවීම් පාඨකයා ගේ සිත තුළ මවාපාමින්, කියවන්නා කතාව තුළ ඇද බැද තැබීමට සමත් නිර්මානයක් ලෙස බුත්සරණෙහි දැක්වෙන නාලාගිරි දමනය සැලකිය හැකි ය.
දෙව්දත් තෙරුන් රා කළ 16ක් පොවා නාලාගිරි හස්ති රාජයා බුදුන් මැරීමට එවු ආකාරය බුදුන් වහන්සේ විසින් ඇතා දමනය කළ ආකාරයත් නාලාගිරි දමනයෙ විස්තර වෙයි. කතාව ආරම්භ වන්නේ බුදුන් වහන්සේ නාලාගිරි ඇතා දමනය කරන ආකාරය නැරඹීමට පැමිණි ශුද්ධා සම්පන්න පුද්ගලයන් සිතන සිතිවිලි සමුහයකි. කතුවරයා ඒ තුළින් බුදුන් වහන්සේ ගේ කාය ශක්තියත්, ඥාන ශක්තියත් ආනුභාවයත් මතු කර දක්වන්නේ පාඨකයා තුළ බුදු බැතිය වැඩි වන අයුරිනි.
"කෙසරු බර පොලා පියා නියෙහි මුවහත් බලාපියා සැක නැතිව මැතැත්හු පිටට පනින පිණිස රුවන් ලෙනකින් නික්ම ගත් කේසර සිංහයෙක්හු සේ ද, දහසක් රැස් අහස හිස පියා සමුද්‍රයෙහි ජලස්ඛන්ධය බිදගෙන පැන නැගී එන වටින් යෙළ සියයක් යොදුන් ළහිරු මඩලක් සේ ද. ස්වාමි දරුවාණෝ ගදකිළියෙන් නික්ම ගත් හ."
බුදුන් වහන්සේ හා මහා සංගරත්තය පැමිණී ආකාරය උපමා රැසකින් වර්ණනා කර ඇත. බුදුන් වහන්සේ හා භික්ෂු සංඝයා උපමා විෂයාතිකාන්ත බව මාගේ ස්වාමි දරුවාණෝ තුමු ම තමන් වන්නා හ. ඒ මහන පිරිස තුමු ම තමන් වන්නා හ. යනුවෙන් දක්වයි. බුදුන් වහන්සේ සවනක් ගණ රැස් ව සිටි පිරිස තුළ බුද්ධාලම්භන පීතිය ඇති වු අයුරු දක්වන්නේ බුදු බැතිය වඩවන ලෙසය.
"ඇස් දැල් වී ගියේ ය. කට දැල් වී ගියේ ය. අත් පයින් සිටින්නට වන් හ. සාධු සාධු කියන්නට වන් හ. සතුටු කදුළු පහරන්නට වන් හ. හිස සිට සර්වාංගයෙහි රෝමතාක් හැපෙන්නට වන........ දෙව් බඹහු උඩ අහස අත් පොළන්නට වන්නා හ. බුදුන් වහන්සේ වඩින ආකාරය දැක බුදු බැතියෙන් සතුටු වන්නා වු බැතිමතුත්ට අනෙක් පසෙන් සොළොස් කළයක රා පොවා මත් කරවා කුප්පවා එන්නා වු නාලාගිරි ඇතා ගේ " ස්වරූපය කතුවරයා මෙසේ දක්වයි.
‘’ එකෙනෙහි මුහුදු දිය කද දවාගෙන වඩබා මුඛයෙන් පිටත් ව ගිය අවීචියෙහි ගිනි කදක් සේ රළු වු මතැන් තෙමේ, සොඬ හකුලුවාගෙන මහපොළොව යදන්ඩක් ගැසු ඝණ්ටාවක් සේ අනුරාව දෙමින් ගිගිරුවම්න් මුලු නුවර අසනි පාතයක් සේ...... දොරටු අටලු පවුරු පදනම් ඇන හෙළා සුනු විසුනු කෙරෙමින් අවුත් වීථීයට වැද ගියේ ය."
බුදුන් මැරීමට එන නාලාගිරි ඇතා ගේ චණ්ඩ බව පරුෂ බව දැක්වීම සදහා ‘’ අවීචියේ ගිනි කදක් සේ මහපොළොව යදණ්ඩෙන් ගැසු ගණ්ඨාවක් සේ, ආදී උපමා යොදාගෙන ඇත. ඇතා ගේ බියජනක ස්වරූපය නරඹන්නා ගේ සිත ද පාඨකයා ගේ සිත ද එකම අයුරින් අවස්ථා සම්බන්ධ කිරීම සදහා, කතුවරයා සමත් ව ඇත. ඇතා බුදුන් ඉදිරියට එන ආකාරය දෙනෙනින් බලා සිටිය නොහි ආනන්ද හිමියන් සසර බුදුන් කෙරෙහි බැදි ස්නේහයෙන් බුදුන්ට පළමු ව තමා මරවායි කියා ඉදිරියට ගිය ආකාරය දක්වයි. මෙයින් ආනන්ද හිමියන් බුදුන්ට ඇති ළබැදියාව මතුකර දැක්වීමට කතුවරයා උත්සාහ ගෙන ඇත. නාලාගිරි දමනයේ ඉතාමත් විචීත්‍ර වු වර්ණනාව දක්නට ලැබෙන්නේ අනතුරුවය. එක ම අවස්ථාවක නරඹන්නන් ගේ සිත් දෙපැත්තට යොමු වු ආකාරයත් බුදුන් ගේ ශාන්ත ස්වරූපය ඇතා ගේ සැරපරුෂ බවත් කෙටි වාක්‍ය ශෛලියක් මගින් කතුවරයා ඉදිරිපත් කරන්නේ මෙසේ ය.
‘’ඈත ධුලියෙන් වැසී ගිය ඇත් රජ ය. මෑත සවනක් ඝන බුදු රැසින් සැදී ගිය බුදුරජාණෝ ය. ඈත කෝපයෙන් රත් ව ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජ ය. මෑත කරුණාවෙන් තෙත් ව ගිය නිල් මහනෙල් පෙති පරයන ඇස් ඇති බුදුරජාණෝ ය. ඈත එබු එබු පයින් පොළොව පළා ලියන්නා සේ දිවෙන ඇත් රජ ය. මෑත එබු එබු පයින් මිහිකත සනහ සනහා වඩිනා බුදුරජාණෝ ය. ඈත බැලුවන් අනේ අනේ කියන්නා වු ඇත් රජ ය. මෑත බැලුවත් සාධු සාධු යි කියන බුදුරජාණෝ ය."
‘’ඈත, මෑත යන වචන නිතර යෙදීමෙන් අතා ගේ පැමිණිම හා චණ්ඩ බවත් බුදුන් ගේ පැමිණීම හා ශාන්ත විලාසයෙන් පාඨකයා ගේ සිතට ආරෝපණය කිරීමට කතුවරයා මෙහි දී සමත් වී ඇත. බුත්සරණ කතුවරයා මෙහි දීසමත් වී ඇත. බුත්සරණ කතුවරයා ගේ වර්ණනා චාතුර්යය පෙන්නුම් කරන මේ අවස්ථාව බිය; සංකාව; දයාව; කරුනාව; මෛත්‍රිය; බුද්ධස්නේහය ආදි මානුෂික ලක්ෂණ ගණනාවක් එකම අවස්ථාවක පාඨකයන්ගේ සිතට ගලා එමට සමසත් වූ නිර්මාණයක් ලෙස සැලකිය හැක.
අනතුරුව ඇතු කෙරේහි උපන් බියෙන් එක කාන්තාවක් තම අත වූ දරුවා බුදුන් හා ඇතා අතරට දමා යාම නිසා; බුදුන් වහන්සේගේ සමස්ථ ලෝක තත්වයන් වෙත දක්වන කරුණාව ඒ ඇතා වෙතටම යොමා; තමා වෙතට නම්මවා ගත්හ. බුදුන් වහන්සේෙග් මධුරස්වරය ඈතා බුදුන් ඉදිරියේ වැද වැටි සිටියේ යුගාන්තයේ නැමීගිය අංඡනකූට පර්වතයක්සේ බුදුන් දේසු දහම් අසා ඈතා මෙල්ල වූ අතර පංසිල් රක්නා අයෙක් විය. එතනට රැස් වූ දෙවි මිනිසුන් විසින් මේ ආශ්චර්ය දැක තුටුපහටුව හන්පළන් අභරණ බුදුන් වැඩ සිටි තැනට දමන්නට වූයේන්; ඇත් රජ ඒ වස්තුවෙන් වැසි ගියේය. දහස් සංඛ්‍යාත ජනතාවත් බුදු බණ අසා සසරින් මිදුනහ.
ඉහතින් දැක් වූ නාලාගිරි දමනය මගින් බුදුන්වහන්සේ තුල පැවැති අපරිමිත කරුණාව හා මෙ මත්‍රියත් ඉස්මතුකර දැක් වීමට කතුවරයා උත්සාහගෙන ඇත. මිනිසුන් පමණක් නොව තිරිසන් සත්වයන්ද දමනය කිරිමට උන්වහන්සේගේ කරුණාව මෛත්‍රිය සමත්වන බව මින් පැහැදිලි කරයි.
කෙට් වාක්‍ය ශෛලීයක් ද ඉතා දිගු වාක්‍ය ශෛලීයක් ද ඇතැම් තැනක සරල භාෂාව මගින් ද ඇතැම් තැනක සංස්කෘතික මිශ්‍ර ගුඩි ශෛලීයක්ද උපයෝගි කර ගනිමින් අවස්ථා හා සිද්දි මෙන්ම පුද්ගල චරිත ලක්ෂණ ද විච්ත්‍ර අන්දම්න් වර්ණනා කිරිමට කතුවරයා දක්වන දක්ෂතාව නාලාගිරී දමනයෙන් මනාව පැහැදිලි වේ . ගද්‍යයේන් බණ කී මේ ශෛලිය බුත්සරණිය දීප්තිමත් වූ අයුරුත් පාඨකයා ධර්ම රසයේන් පමනක් නොව සහිත්‍ය රසයෙන් ද සන්තර්පණය කිරීමට බුද්සරණේ නාලාගිරි දමනය සමත් වී ඇත.