තේමාවට අදාල නර්තනය නිර්මාණය කිරීම
 

අප නිර්මාණය කරගත් තේමා කතාවේ එන චරිත වල තවත් චරිත එකතු කරගැනීම හෝ අඩුකර ගැනීමේ නිදහස ඔබ සතුව ඇත. අපේ තේමාවේ ප්‍රධාන චරිත වන්නේ
 
 * මැහැල්ල
 * ළමුන්
 * අසල්වාසීන්
 * කාරුණික ළමයා
 
මහළු කාන්තාව සඳහා යොදා ගත යුතු චලන හා නර්තන රටා විලම්භ ලයට අදාල තාල රූපයකට කල යුතුය. ඇගේ ගමන් විලාශය එකම අයුරකින් ගලා නොයයි. විටෙක නැවතෙමින්, නැවත හෙමින් ගමන් කරමින්, විඩා හරිමින් ගමන් කරයි. එම නිසා එම ගමන් විලාසයට එකම තාල රටාවක්‌ යොදා ගත නොහැකිය. එය තාලානුකූල හා රිද්මයානු කූල යන ලක්‍ෂණ දෙකටම අදාල ගමන් රටාවකි. 
 
ළමුන් සඳහා ලය වේගය තරමක්‌ වැඩි කරමින් කල හැකිය. කඩිසරකම, දඟකාරකම, පෙන්වා දැක්‌විය හැකිය. මේ අතර දඟකාර ළමයා සොරකම් කරන් අවස්‌තාවේ ඒ සඳහා පැමිණීම වේගවත් ලයකට අනුවත් සොරකම් කිරීම විලම්භ ලයකින් ඉදිරිපත් කළ යුතුය. 
 
මෙසේ එක්‌ එක්‌ තාල රූප යොදා ගැනීමත්, ලය වේගයන් පවත්වා ගෙන යැමත් මෙවැනි නර්තන නිර්මාණයේදී වඩා වැඩියෙන් සැලකිය යුතුය. භාවයන් ප්‍රකාශ කිරීමද විශේෂ ස්‌ථානයක්‌ ගනී. අහිංසක, කෝපාකාරි, නපුරු ආදී අවස්‌තා හැගීම් ප්‍රකාශ කිරීම නිරූපණය කළයුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017