සත්ව චරිත ඇසුරෙන් නර්තනය නිර්මාණය කිරීමේදී මෙන් මෙහිදීද කෙටි තේමාවක් සහිත කතා පුවතක් නිර්මාණය කළ යුතුය. අපි එවැනි කුඩා සිද්ධියක් නිර්මාණය කරගෙන එයට නර්තනයක් නිර්මාණය කරගනිමු.
සිගමන් යදිමින් සිටින මහළු කාන්තාවකි. ළමුන් පිරිසක් එම මහළු කාන්තාව පිස්සියකැයි සිතා උසුළු විසුළු කරති. ඇය ඔවුන් පසු පස් එවලා පන්නයි. මේ ළමුන් අතරින් එක් ළමයෙක් ඉතා කරුණාවන්තය. ඔහු මැහැල්ලට කරදර නොකරන ලෙසට අයදින මුත් ඒය ගණන් නොගෙන අනෙක් අය ඇයට උසුළු විසුළු කරයි.
ගසක් යට හිඳගත් මැහැල්ල වාඩිවී බත් මුලක් ලිහා කෑමට පටන් ගනියි. ළමුන් අතර සිටින එක් දඟකාර ළමයෙක් හොරෙන් පැමිණ මැහැල්ලගේ මුදල් පසුම්බිය සොරා ගනියි. කෝපයට පත් මැහැල්ල තම සැරයැටියෙන් ලමයාට පහර දෙයි. මේ ළමයා වේදනාවෙන් කෑගසන ශබ්දයට එතැනට පැමිණෙන අසල්වාසීන් මැහැල්ල ගහේ බැඳ ළමයා බේරා ගනියි.
කරුණාවන්ත ළමයා මහළු ස්ත්රීය පැමිණ බැමි ලිහා ඇය බේරා ගනියි. ලණුවලට කැපී තුවාල වූ තැන් වලට බෙහෙත් දමා ඇය කැඳවා ගෙන යයි.