හැදින්වීම
 

මිනිස්‌ චරිතයන් ගේ අභ්‍යන්තර ගුණාංග ඇසුරෙන් නර්තනය නිර්මාණය කිරීම සත්ව චරිත වලට වඩා අසීරූ කටයුත්තකි. අප සමාජයේ ජීවත්වන මිනිසුන් ගේ බාහිර පෙනුම, කතා විලාශය, ගමන් විලාශය, හැසිරීම එකිනෙකාට වෙනස්‌ ය. ඒ වාගේම එක්‌ එක්‌ අවස්‌තා අනුව ඔවුන් හැසිරෙන ආකාරයන් විවිධය. 
 
උදාහරණයක්‌ ලෙස සොරෙක්‌ සොරකමක්‌ සිදු කරන මොහොතේ හැසිරීමට වඩ ඔහු සාමාන්‍ය ජීවිතයේ හැසිරීම් ඉඳුරාම වෙනස්‌ ය. ඒ අනුව අපි පුද්ගලයින් සඳහා නැටුම් නිර්මාණයේදී අප භාවිතා කල යුතුවන්නේ එවැනි විශේෂ අවස්‌තාවල පුද්ගලයින් හැසිරෙන ආකාරය අනුකරණය කරමින් නැටුම් නිර්මාණය කිරීමය. 
 
සමාජයේ විවිධ පුද්ගලයන් විවිධ අවස්‌තා වල හැසිරෙන ආකාරන් පිලිබඳව හොඳින් නිරීක්‍ෂණය කරන්න. එම ලක්‍ෂණ මැනවින් අධ්‍යනය කිරීම මගින් අපට මිනිස්‌ චරිත සඳහා නර්තනයක්‌ නිර්මාණය කිරීම පහසුය.

(c) Shilpa Sayura Foundation 2006-2017