නර්තනය නිර්මාණය කිරීම
 

එක්‌ එක්‌ සතුන් ගේ හැසිරීම්, ක්‍රියාකාරකම්, ගමන් විලාසය ආදිය පිළිබඳව සැලකිලිමත් වීම තූලින් ඒ ඒ සතුන් ට අදාල නර්තන නිර්මාණය කර ගත යුතුය. අපේ උදාහරණයට අදාල සතුන් එකිනෙක ගෙන මෙය පැහැදිලි කර ගනිමු.
 
මුවා
මුවා වූ කලී විමසිලමත් හැසිරීමකින් යුතු සතෙකි. නිතර වට පිටාව සෝදිසි කරමින් සිටියි. ගමන් රටාව වන්නේ දීවීමේදි පනිමින් ගමන් කිරීමයි. එම ගමන් රටා හා හැසිරීම් වලට අදාල චලන රටාවක්‌ හා ඒ සඳහා උචිත තාලයක්‌ අප යොදාගත යුතුය.
 
 වඳුරා
ඉතා කලබලකාරී සතෙකි. එක ඉරියවුවකින් නොසිටියි. ගෙඩි කොළ කමින්, අත්තෙන් අත්තට පනිමින් ගමන් කරයි. හිස හා ඇඟ කසයි. ඉතා කලබල කාරී ගමනකි.
 
අනෙක්‌ සතුන්ටද ආවේනික ගමන් විලාස හා හැසිරීම් ඇතිවේ. එම ඉරියවු අනුගමනය කරමින් අපි නැටුම සඳහා චලන උපයෝගී කර ගත යුතුය. බෙර, තාලම්පොට ආදී වාදන කොටස්‌ සකසා ගත යුතුය. සෑම චලනයක්‌ ම තාලානුකූල විය යුතු නොවේ. විටෙක රිද්මයානුකූල චලන භාවිතා කිරීමද කල හැකිය. 
 
ප්‍රකාශනාත්මක චලන භාවිතා කිරීම ඉතා වැදගත් කරුණකි. සතුන් ගේ එක්‌ එක්‌ අවස්‌තා පෙන්වීමට කරන චලන තුල ප්‍රකාශනය තිබීම නරඹන්නාට වඩා පහසුවෙන් කතා තේමවා අවබෝධ කර ගැනීමට පහසුවක්‌ වේ. මුහුණෙන් හැගීම් ප්‍රකාශ කිරීම ඉතා වැදගත් කරුනකි. හිස අත් පා ආදී අංගයන් චලනය කිරීමත් ඒ ඒ චලන සඳහා විවිධ වාද්‍ය කන්ඩයන් භාවිතා කරමින් එම චලනය් වඩාත් අර්ථවත් කල යුතුය.

(c) Shilpa Sayura Foundation 2006-2017