කතා තේමාවක් නිර්මාණය කිරීම
 

මුව රැලක්‌ රූස්‌ස ගසක්‌ යට නිදැල්ලේ හැසිරෙමින් කෑම සොයා බුදිති. එම ගසේ පළතුරු කමින් අත්තෙන් අත්තට පනින වඳුරු රැලක්‌ වෙති. එක්‌ වඳුරෙකු අතින් ගිලිහුණු පලතුරු ගෙඩියක්‌ පහළ සිටිනා මුවකුගේ ඇග මතට පතිත වෙයි. මෙයින් බියට පත් මුව රැල කලබලයට පත්වී ඒ මේ අත දුවයි. මේ අතර එක්‌ මුවෙකු අටවා ඇති උගුලකට හසුවෙයි. බියපත් වූ මුවා වේදනාවෙන් ඒ මේ අත ඳගලයි. අනෙක්‌ මුවන් ඒ වටා වැලපෙති.
 
ඒ අදෝනාව අසන මීයෝ, ඉත්තෑවෝ, හාවෝ වැනි සතුන් පැමිණ්‌ උගුලේ ලණු කපා මුවා බේරා ගනිති. ප්‍රීතියෙන් ඉපිල ගිය මේ සත්ව රැළ සතුටින් නටති.
 
ඉහත කතා තේමාවට අදාල සත්ව චරිත ගණනාවකි. වදුරන්, මුවන්, මීයන්, සාවන්, ඉත්තෑවන් ආදිය එහි ඇතුලත් වූහ. අපට අවශ්‍ය පරිදි තවත් සත්ව චරිත මෙයට එක්‌ කිරීමේ හැකියාව හා නිදහස ඔබ සතුවේ. ඔබේ පන්තියේ යහළුවන් සමග මෙවැනි කතා තේමාවක්‌ සකස්‌ කර ගන්න. එම සත්ව චරිතවල තිබිය යුතු විශේෂ ලක්‍ෂණ මොනවාදැයි සාකච්ඡා කරන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017