විවිධ ගුරුකුල තුල සංවර්ධනය වන සිංහල භාශාව විද්වතුන් මණ්ඩලයක් රැස් කර ජාතික අධ්‍යාපන ආයතනයේ පර්යේෂණ අංශය විසින් සම්පාදිත දෙවන සංස්කරණයෙන් උපුටාගත් කොටස් මෙහි දැක්වේ.
සිංහල වර්ණ මාලාව
අ ආ ඇ ඈ ඉ ඊ
උ ඌ සෘ සෲ ඏ ඐ
එ ඒ ඓ ඔ ඕ ඖ
(අ)ං (අ)ං
ක ඛ ග ඝ ඟ
ච ඡ ජ ඣ ඤ
ට ඨ ඩ ඪ ණ ඬ
ත ථ ද ධ න ඳ
ප ඵ බ භ ම ඹ
ය ර ල ව
ශ ෂ ස හ ළ ෆ
ඏ ඐ යන අකුරු දෙක සාම්ප්රදායික සිංහල වර්ණ මාලාවට අයත් වුව ද නූතන භාවිත නොවේ.
'ෆේල්' 'ෆෑන්' ආදියෙහි යෙදෙන දන්තජ ඕෂ්ඨජ අඝෝෂ ශබ්දය නියෝජනය සඳහා මෙහි යොදා ඇති 'ෆ' යන අක්ෂර රූපය සාම්ප්රදායික සිංහල වර්ණ මාලාවට අයත් නොවූව ද නූතන සිංහලයෙහි භාවිතයෙන් තහවුරු වූවකි.
අර්ධානුනාසික හෙවත් සඤ්ඤක අකුරු සාම්ප්රදායික වර්ණ මාලාවෙහි නොදැක්වෙතත් ගද්‍ය පද්‍ය ග්‍රන්ථවල බහුල ව යෙදේ. 'සිඳත් සඟරාව' හා 'එළු සඳැස් ලකුණ' ද එය පිළිගෙන ඇත. වර්ණ මාලාවේ සම්පූර්ණත්වය සඳහා සඤ්ඤක අකුරු ද එයට ඇතුළත් විය යුතුය. මේ අනුව සිංහල වර්ණ මාලාවේ අකුරු හැටක් වේ.
1.1.4 ශුද්ධ සිංහල නමින් ද හැඳින්වෙන හෙළ බස් හෝඩියට මේ වර්ණ මාලාවෙහි එන අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ එ ඒ ඔ ඕ (අ)ං ක ග ජ ට ඩ ණ ත ද ප බ ම ය ර ල ව ස හ ළ යන වර්ණ පමණක් ඇතුළත් වේ.
1.1.5 වර්ණ මාලාවෙහි ව්යඤ්ජන ශබ්ද ගෙන හැර දක්වන විට උච්චාරණ පහසුව සලකා 'අ' ස්වරය සහිත වූ ව්යඤ්ඤනය ම ගැනීම සම්ප්රදායයි. එහෙයින් ක, ඛ, ග, ඝ ආදියෙහි ගැබ් ව ඇති 'අ' කාරය අත්හැර 'ක්, බ්, ග්, ඝ්' ආදිය පමණක් ව්යඤ්ඤන බව සැලකුව මනාය.
ස්වර ලකුණ හෙවත් පිලි ව්යඤ්ජන ශබ්ද හා සංයෝජනය වී භාවිත කෙරේ. පහත සඳහන් සටහනින් ඒ පිලි හදුනා ගත හැකි ය.
ව්යඤ්ජනය, ස්වරය ආරූඨ වූ පසු,පිල්ල,පිලි නාමය
හා ස්වරයක්,ට් ~ | හල්පිල්ල
ක්+අ ක -
ක්+ආ කා ා ඇලපිල්ල
ක්+ඇ කැ ැ ඇදය
ක්+ඈ කෑ ෑ දීර්ඝ ඇලය
ක්+ඉ කි ි ඉස්පිල්ල
ක්+ඊ කී ී දීර්ඝ ඉස්පිල්ල
ක්+උ කු ු පාපිල්ල
ක්+ඌ කු ු දීර්ඝ පාපිල්ල
ක්+සෘ කෘ ෘ ගැට ඇලපිල්ල
ක්+සෲ කෲ ෲ ගැට ඇලපිලි දෙක
ක්+එ කෙ ෙ කොම්බුව
ක්+ඒ කේ ේ කොම්බුව සහිත හල්පිල්ල
ක්+ඓ කෛ ෛ කොම්බු දෙක
ක්+ඔ කො ො කොම්බුව සහිත ඇලපිල්ල
ක්+ඕ කෝ ෝ කොම්බුව සහිත හල් ඇලපිල්ල
ක්+ඖ කෞ ෞ_ කොම්බුව සහිත ගයනුකිත්ත
වෘඤ්ජන සංයෝගයේ දී ඇතැම් ව්යඤ්ජන නියෝජනය කිරීම සඳහා යොදන සංකේත කීපයක් ද ඇත.
ක්‍ය - යංශය
තර්‍ක - රේපය
ක්‍රමය - රකාරාංශය
ෆඩගෆඩගෆඩභච ෆඩගෆඩගෆඩගෆඩගෆඩගෆඩ
ෆඩගෆඩගෆඩගෆඩ
ෆඩගෆඩගෆඩ
ගෆඩ
ගෆඩ
ගෆඩ
ගෆඩගෆඩ
ග
ෆඩ
ගෆඩ