සියනෑ කෝරලයේ රදාවානේ උපත ලද මහගම සේකර සාහිත්‍ය විවිධ අංශවලින් දක්ෂතා පෑ සාහිත්‍යධරයෙකි. සිංහල පද්‍ය සාහිත්‍ය නව මගක් ඔස්සේ ඉදිරියට ගෙන යාමට උත්සාහ ගත් කවියාන් අතර මහගම සේකරට හිමි වන්නේ විශීෂ්ට ස්ථානයකි. නිදහස් කවි මග,ජනකවි, පැරණී සිංහල කවිය යන සියලු කාව්‍ය මාර්ගයන් ගෙන් ආභාසය ලබමින් ස්වාධීන කාව්‍ය මාර්ගයක් බිහි කිරීමට මහගම සේකර කවියා උත්සාහ ගත්තේ ය. ඒ නිසා ම ඔහු ගේ කවි ගීතවත් බවන් යුක්ත විය. ඒ සදහා ඔහු ගේ කවි බස හේතු විය. ඇතැම් කවි අමරදේවයන් ගේ ගීත බවට ද පත් විය. ඔහු ගේ කවිවල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණයක් වන්නේ ජීවන ප්‍රවෘත්ති කවියෙන් නිරෑපණය කිරීමයි. සමාජයේ වෙසෙන විවිධ තරාතිරම්වල පුද්ගලයන් ගේ මානව සම්බන්ධතා කවියට නැගු මහගම සේකර ගේ නිර්මාණ , රසික හදවත් පුබුදු කිරීමට සමත් වී ඇත.
මහගම සේකර විස්න් ලියන ලද පඳ්‍ය ග්‍රන්ත අතර සක්වා ලිහිණි, හෙට ඉරක් පායයි, මක් නිසාද යත්, රාජ තිලක, ලයනල් හා ප්‍රියන්ත, බෝඩිම, නොමියමි හා ප්‍රබුද්ධ යන නිර්මාණ ඒ අතර වේ. ගීත රචිතයකු වූ මහ ගමසේකර විසින් "මුහුදු පත්තු” නාට්‍ය සඳහා ගීත රචනා කරන්න ඔහුගේ ගුවන් විදුලි ගීත ගණනාවක්ද වේ. තුන්මන් හංදිය, මනෝ මංදිර සාරවිට සත් සමුදුර යන නව කතාද ඔහු විසින් ලියන ලදි. චිත්‍රපට අධ්‍යක්ෂක වරයකු මෙන්ම චිත්‍ර ශිල්පියේකු වශයෙන්ද මහගම සේකරට හිමි වන්නේ උසස් තැනකි.
මෙහි මතු විචාරයට ලක්වන “රන් එතනාට කියන කවි” මහ ගම සේකර ගේ “ ව්‍යංගා” නම් පඳ්‍ය සංග්‍රහයෙන් උපුටා ගන්නා ලද්දකි .