රන් එතනාට කියන කවි විචාරය
 

හුදෙකලාව වෙල් ඉප නැල්ලක කරල් ඇහිදින ගැම් කාන්තාව පිලිබඳ කවියාගේ සිත තුල මතුව ආ අදහස් චමත්කාරයෙන් අනූනට ඉදිරිපත් කරන නිර්මාණයක් ලෙස රන් එතනාට කියන කව් හැදින්විය හැකිය.


 


රන් එලියක හැන්දෑ වේ මුදු කොහේ          දිලිසෙන්නේ


රන් ගෝමර පෙති ඉහිලා ලැමැද              බබුලුවන්නේ


රන් වන් වී කරලක් මෙන් බ්මට නැම්           ඉන්නේ


රන් එතනා ඉප නැල්ලේ මොනවඳ             අහුලන්නේ


 


රන් එතනා වී කරල් එකතු කරනා ආකාරය පාඨකයාගේ සිත තුල ච්ත්ත රූප මවමින් ඉදිරිපත් කිරීමට කවියා උත්සහා ගනි .හිරු බැස යන හැන්දෑවේ වැටෙන රන්වන් හිරු එලිය රන් එතනාගේ සිරුරට වැටීමෙන් ඇයගේ රූපශ්‍රීය බබළයි.බිමට නැම් සිටින රන් එතනා පැසි නැමි ඇති රන් වන් වී කරලකට උපමා කර දක්වයි. රන් ගෝමර, රන් වී, රන් එතනා, රන් එළිය යන වදන් වලින් රන් එතනාගේ රූප ලක්ෂණ ඉස්මතු කර දැක්වීමටත් රන් එතනාගේ සෞභාග්‍යයෙත් සුන්දරත්වයෙත් සංකේතයක් ලෙස යොදා ගෙන ඇති අතර බොහෝ කාව්‍ය නිර්මාණවල දක්නට ලැබෙන සේ බොළඳ ආලය,රාගය වැනි හැඟිම් ඉස්මතු නොවන ලෙස මේ නිර්මාණ ඉදිරිපත් කිරීමට සේකර උත්සහා ගේන ඇත.  ඡන කවියා ගුරුකොට ගනිමින් මනා සංදර්භයකින් ඉදිරිපත් කර ඇති රන් එතනා පද්‍ය නිර්මාණයේ දක්නට ලැබෙන කතකයා දුක්ගැහැට වලින් ජිව්තයක් ගත කරන්නකි .ඒ පිඩිත ජිවිතයට සැනසුමක් ලබා ගැනිමට සිනාසෙන ලෙස රන් එතනාට ඇරයුම් කරන්නේ මේ සේය.


 


උදේ ඉදන් වැඩ කරලා දැනුයි ගොඩට      එන්නේ


වෙලේ තමයි ජීවිතය‍ම අව්වට කර‍         වෙන්නේ


උඹේ කැකිරි සිනා පොදක් මා වෙත    හෙලම්න්නේ


හිතේ තියන දුක මඳකට දුරුකවා             පන්නේ


 


දුක් ගැහැට ව්දින කතකයාගේ ජිවිතය ඇගේ සිනාවෙන් සැනසිය හැකිය .කතකය‍ාගේ හදවත වැස්ස නැතිව ඉරිතලා වේලී ගිය පාළු කුබුරක් වැනිය. හුදකාළා ජිවිතෙයන් ඹහුට ලැබෙන දුක වෙදනාව අසීමිතය. එය මේසේ දක්වයි.


 


මාස ගණන් වැස්සේ නැතිව දිගටම        පායන්නේ


වේල් ලියදි දිය හිදිලා ඉරිතැලිලා             යන්නේ


වේලුණු බිම ගිනියම් වී අව්ව           කැකෑරෙන්නේ


පාළු කුබුර ගැන සිහිවේන කළකට      පපුව දන්නේ


        


ඉරි තැළිලා, අව්ව කැකෑරෙන්නේ, ග්න්යම් වී, පපුව දන්නේ, යන කියමන් වලින්  කථකයාගේ  හදවතෙහි ඇති  වේදනාවත් ආදරය බිඳක්වත් නැති බවත් ඇඟවෙයි. රන් එතනා කථකයාගේ  හදවතෙහි ඇති පාලුව තනිකම දුරු කිරීමට හැන්දෑවේ හමාඑන සිහිල් රොදක් වැන් ය.හුදෙකලා ජීවිතයේ අදුරු දුරු කරන මැණික් පහනක් වැනී ය.එවන් බලාපොරොත්තුවක් කථකයා ගේ හදවත තුළ තෙරපෙද්දී කුමක් නිසා තනියම පාළු කුඹුරේ ඉන්නේ දැයි මෙසේ අසයි.


 


බැන්ද වරල පීරාගෙන හෙමින් සැරේ  එන්නේ         


හැන්දෑවේ සිසිල් සුලං ඇගවට නලි  යන්නේ


අන්ධකාර දුරු කරවන මැණික් පාන  වැන්නේ


                                කින්ද පාළු කුඹුරේ තව තනිය ම පසු  වන්නේ


 


කලට මහ වැහි ලැබී ඇල දොළ ගංගා පිරී ගලා ගොස් බිම තෙත් වී පොළව සරුසාර වී එයින් ජිවිතය ප්‍රීතියෙන් උතුරා යන ලෙසට කථකයා ප්‍රාර්ථනා කරයි. පොළොව සරුසාර වීමෙන් ලා ගොයම් කිරි වැදිලා කරලින් බර වී රන් අස්වනු පීදීමෙන් සියලු දුක් කරදර දුරු වන බව කථකයා සිතන්නේ මෙසේ ය.


 


ලා ගොයම් නිල්ල ඇවිත් පොළොව වසා ගන්ටයි.


හිනා කිරෙන් කිරි වැදිලා කරලින් බර   වෙන්ටයි.


ඇගේ පාට රන් කරලින් අස්වනු        පීදෙන්ටයි


හිතේ සියලු දුක් කරදර අමතක කර    ලන්ටයි


 


ලා ගොයම් පොළව වසාගැනීම නියගය දුරු වීමයි. රන් එතනා ගේ නෙත් කැල්මෙන් කථකයා ගේ හදවත පීනායාම ඉන් කියැවේ.ගොයම් කිරීවැදීම ඇගේ සිනාවයි.රන් කරල් ඇගේ ශරීර වර්ණයයි. අස්වනු පීදීම සියලු දුක් නැති කරන්නා සේ ම කථකයා ගේ හදවත තුළ තිබු දුක් ගින්දර පාළුව දුරු කිරීමට රන් එතනා ලැබීමද හගවයි.


 


රන් පාටට එකතුවෙලා අදුරු ගලා එන්නේත් යන්නෙන් රන් එතනා සමග එක් වීමට කථකයා ගේ සිත තුළ ඇති දැඩි ආශාව ව්‍යංගාර්ථවත් කරයි. මනා සන්දර්භයකින් යුතුව ග්‍රාමීය ජන ජීවිතයත් ගොවිතැනත්, ආදරයත්, සියුම් අන්දමින් එකට මුසු කරමින් මහගමසේකර ඉදීරීපත් කර ඇති කාව්‍යමය සංකල්පනාව අතිශය සාර්ථක නිර්මාණයකි. කාව්‍යමය ශිල්පක්‍රම සුක්ෂම අන්දමින් භාවිතා කරමින්, ජන කවි සම්ප්‍රදාය ඔස්සේ ගැමි ගොවි ජීවිතයේ පාළුව තනිකම හා එය දුරු කිරීමට කොතෙක් වැසි ලැබී අස්වැන්නෙන් සරුසාර වන්නා සේ, රන් එතනා ගේ ආදරය ලැබීමෙන් ජීවිතය ද සරුසාර වු බව රන් එතනාට කියන කවි තුළන් මතුකර දැක්වීමට කවියා උත්සාහ දරා ඇති බව අදාළ කවි පන්තිය විග්‍රහ කිරීමෙන් පෙනේ.        

(c) Shilpa Sayura Foundation 2006-2017