හංස සංදේශයේ කර්තෘ
 

රාහල් හිමියන්ටත් ග්‍රාම වාසි නිකායටත් ප‍ටහැනි වූ වන වාසි නිකායක යතිවරයකුගේ නිර්මාණයක් බව මාර්ටින් වික්‍රමසිංහ මහතා සදහන් කරයි. මෙය වීදාගම හිමියන්ගේ නිර්මාණයක් බවට සැක කරණු ලබයි. කෙසේ වෙතත් හංස සංදේශයේ කර්තෘ අපහැදිලිය. ගීරා සංදේශයට යවන ලඳ පිලිතුරක් ලෙස මෙය ලියා ඇත. කතුවරයා මෙයට යොදා ඇති නම තිසර සංදේශය යන්නයි. එහෙත් ඊට පෙරදතිසර සංදේශය නමින් වෙනත් සංදේශයක් ඇති බැවින් මෙය හංස සංදේශය යනුවෙන් ප්‍රසිද්ධ විය.


මෙය ලියූ කාළය නිගමනය කිරීම අපහසු වූවත් ගීරා සංදේශයට පසුව ලියන ලඳ බව සිතිය හැකිය . කවි 200 න් සමන් විත වූ හංස සංදේශය කෑරගල පද්මාවති පිරිවේන් පති වන රතන හිමියන්ට යවන ලඳ පණිවිඩයක ආකාරයෙන් ලියා ඇත. රතන සුත්‍රය ලකෂවාරයක් කියා, දෙවියන්ට සෙත් පතා සතුරු වියවුල් දූරු කොට පැරකුම් රඡුට ආසීරි පතන ලෙස වන රතන හිමියන්ගෙන් ඉල්ලා සිටීම මෙහි පරමාර්ථය වී ඇත. හංස සංදේශයේ පරමාර්ථය කැටි කර මෙසේ දක්වීය හැකිය .


01 හය වන ශ්‍රී පාරාක්ක්‍රමබාහු රජ තුමා සතුරු වියවුල් වලින් අරක්ෂා කර සෙත් පැතීම.
02 ගිරා සංදේශයට පිලිතුරක් ලෙස ඉදිරිපත් කිරීම.
03 බෞද්ධ දූත කාව්‍යයක් කිරීම.
04 වන රතන හිමියන්ගේ ගුන වැණීම.
05 සමාඡ සංසොනයක් කීරිම.


දින දෙකකට සීමා වූ හංසයට ජයවර්ධන පුරයේ සිට කෑරගල පද්මාවති පිරිවන දක්වා ගමන් මාර්ඟය වැටී ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017