පිටිසර ගමක යාථා ස්වරෑපය සිහිගවමින් කෑරගල වෙෙහර අවට පරිසරය කවියා උත්කර්ෂවත් අන්දමින් වර්ණනාවට ලක් කරයි. අඹ, ජමිබූ, කෙසෙල් ආදී පලතුරුවලින් ද කදුවලින ගලා බසිනා දිය දහරවල් වලින්ද දුටු දණන් සිත් සතුටු කරවන කෑරගල ගමිමානය කෙනරමි සුන්දර වූවක් ද යන්න කවියා දක්වයි. ගලා හැලෙන සිහිල් ජලයෙන් යලමහා වැඩකරන කුඹුරුවලින් ද තල්, පොල් ආදියෙන් ද යුත් ගෙවතු වලින් ද විශාල මැදුරුවලින්ද රතු නෙලුමි, මානෙල්, සුදුනෙලුම් පිපි ඇති ව්ල් වලින්ද යුත් කුරුනෑගල ආර්ථිකය සවිමත්ය. සෞභාග්‍යයෙන් යුක්තය.
ඇසෙයි ළමා වසුපැටියන් හඩ දූරට
දිසෙයි ෙවෙහෙරහි සුර විමණක් ලෙසට
රසයෙහි අමා රසමය ඒ පියස දූට
නිරන්තරයෙන් පැසෙන ඇල් හාල බත් අනු බව කරන කෑරගල වැසියන් වාසනා වන්තයෝය. ළමයින් හා වසුපැටියන් සෙල්ලමි කරන හඩ ඈතට ඇසේ. මේ සියල්ල අභිබවා දිව්‍ය විමානයක් සේ පෙනෙන විහාරය හා පරිසරය එකට එක් වූ කල් හී දැනේන රසය අමා රසය වැනියයි කවියා දක්වන්නේ ශාන්ත රසය ඉස්මතු කරමින්ය .
පලින් බර වූ අඹ ගස් අතර පිහිට් ව්හාරය සසර බය දුරු කරන පිං බිමක් බව කවියා දක්වයි. කෑරගල විහාරය හා ඒ ගම්මානයෙන් වැසියන් අතර මහා සම්බන්ද තාවයක් පවති. නිතරම තිසරන හා තිලකුණු මෙනෙහි කරම්න් ඔවුන් සත්‍ය වචන කතා කරන්නෝය. දාන චේතනාවන් ගෙන් ඔවුන්ගේ සත පිරි ඇත. දුප්පතුන් නිතර ඹවුන් වෙත පිහිට ලබා ගැනිමටය.
දිනිඳු අතින් ගිලිහුණු පියුමක් ලෙස
සුභ මොහොතින් වැඳ හසරඳ එවේහෙරට
සූර්යා නෙලුමක් ගෙන යන්නේලූ. එය සමහර විට ගිලිහි වැටේයි. ඉහල අහසේ සිට හංසයා විහාරයට බැසීම සූර්යා අතින් නෙලුම් වැටීමකට සමාන කර දක්වා ඇත. පියුම ස්භාවයෙන්ම රතු වූවත් හංසයා සුදූ පාට නිසා මෙහිදි සුන්දර්වය හා වැදගත්කම සලකා, හංසයා පියුමකට සමාන කර ඇත.
පොළව නැමැති කාන්තාවගේ පියකරු මුහුණ කෑරගල විහාරයයි කීමෙන් විහාරයේ දර්ශනීයත්වය දක්වන කවියා අනතුරුව වෙහෙර වටේට ඇති සුවදින් පිරි මල් වතු, ගෙඩිවලින් පිරි විශාල ගස් හා පොල් වතු ගැන සඳහන් කරයි. මලින් පිරුණු පොකුණු ද ගෙයක් ගෙයක් පසා දෙන දන් ද සිය ගණන් ජනයා පැදකුණු විහාරය අවට පරිසරයේ පව්ත්‍රත්වයද කවියා විච්ත්‍රත්වයෙන් දක්වා ඇත.
නුදුරුව සිහිලැලිය ගගු ලැලිය
වට සදි මල් වැලිය සුදු වැලිය
පිපිවන සිටි මලිය වන මලීය
තුටුවන සිතිවිලිය පුල් වීලිය
විහාරය අවට සිතල දිය ඇල්ය, මල් වැල්ය. සුදු වැලි තලාය. පිපි ඇති වන මල් ගස්ය. සිත් සතුටු කරවන මල් පිපුනු විල්ය. මල්වලට පැමිණෙන මී මැස්සන්ගේ නාඳය මනහරය. මෙබඳු පරිසරයකින් යුත් විහාරය කෙරෙහි ඇති වන්නේ දැඩි අශාවකි.
විහාරය හා අවට පරිසරයේ දර්ශණය උත්කරිශවත් අන්දමින් වර්ණනාවට ලක්කරන කවියා , ඉන් අනතුරුව විහාරයේ වසන භික්ෂුන් වහන්සේලාගේ ගුන සමුදාය විස්තර කරයි . මෙහි වසන භික්ෂුන් අනවශ්‍ය කතාවලින් තොරව බන කතාම කියති. ජනතාව උන්වහන්සේලාට වත්වත් කරමින් එහිම රැදි සිටුනු මිස ඉවතට නොයයි. විහාරයේ නායක හිමියන් වන රතන ස්වාමීන්ය උන්වහන්සේ ගේ ගුනය වැණීමට කවියා චමත්කාර ජනක කවි කල්පනාවක් යොදා ගන්නේ මේසේය.
කෙලේනා බිගු රුවන් බුදුමතුරු දපමීන
සිටිනා තුරු වෙහෙර අතු අතින් මල් ගෙන
යති නායක ඒ හිමි බුදුබව ලබන දන
සිටිණා වැනිය පිට දෙන ලෙසට පත්මින
විහාරයේ පරවියන් ඇත. ඔවුන් කැ ගසම්න් සිටි කවියා එය දක්වන්නේ විහාර වාසි භික්ෂුන් දේශනා කරන බණ ඉගනගෙන ඔවු එකිනේකාට නියන බව දැක්වීමෙනි. පරිසරයේ දක්නට ඇති දේ ප්‍රස්තුතයට උචිත ලෙස සම්බන්ධ කර දැක්වීමට කවියා තුල තිබූ සමත්කම මින් පැහැදිලි වේ. විහාරයෙත් එහි වැසි භික්ෂුණගෙත් පව්ත්‍රත්වය කීයා පාන්නේ, බෙර ඇසක් සේ සමතලා වූ විහාර මිදුල සුදු වැලි අතුරා සුදු පාට්න් යුක්ත බව කිමෙනි. විහාරයේ වෙසෙන භික්ෂුනගේ සිල්වත් බව දක්වමින් කෑරගල වෙහෙර වැනුම අවසන් කරන්නේ මෙසේය.
නොහැර වෙහෙර රැදි සඟගණගේ සකස
නිතොර සතොර සිල්කඳ ගෙන සිටින ලෙස
සතර පවුර බබලයි සතර දෙස
භික්ෂුනගේ අභ්‍යන්තර ජීවිතය බාහිර පරිසරයට සම්බන්ධ කර දැක් වීම මෙහිදී සිදු කරයි. විහාරය වටේට සතර පැත්තේන් සුදුපාට ප්‍රකාශ හතරක් ඇත. විහාරයේ සිටින භික්ෂුන් සිවිදෙන පිරිසිදු ශිලයෙන් යුක්තය. ඒ නිසා භික්ෂූ ජීවිතය අතිශයෙන් පව්ත්‍රය. උන් වහන්සේලාගේ සිතට ලෝභ, ද්වේෂ, ආදි විෂමාචාර සිතිවිලි ඇතුලු නොවි ශිලයෙන් ආරක්ෂා වෙයි . විහාරයට එන සොර සතුරු ආදියට ද ඇතුලුවීමට ඉඩ නොලබී ඇත්තේ ප්‍රකාර සතරකින් ආරක්ෂා වී ඇති නිසයි. විහාරයේ බාහිර පරිසරයේ යම් යම් වස්තු උපයොගී කර ගනිමින් භික්ෂු ජීවිතයේ අභ්‍යන්තර ගුණ සමුදාය වර්ණනා කරන්නේ ප්‍රතිභා ශක්තිය හා පරිකල්පන ශක්තිය ප්‍රකට කරවමිනි.
පරවියන්, මී මැස්සන්, නා ගස්, ප්‍රකාර ආදී අචේනතික වස්තුන් යොදා ගනිමින් කෑරගල වෙහෙරේ ධර්මාණු ගත පරිසරය කවියා උසස් අන්දමින් වර්ණනා කර ඇති අයුරු, කෑරඟල වෙහෙර වැනුම පරීක්ෂා කිරීමෙන් පෙනේ.
දර්ශන ශුංගාරය හා ශාන්ත රසයෙන් අනුන වර්ණනාවක් වන මෙය ඉදිරිපත් කිරීමේ දි සරල බස් වහරක් හා සමුදුඝෝෂ විරිත උපයොගී කරගෙන ඇති බව ෙපනේ.