සංදේශ කාව්‍ය ලක්ෂණ
 

සංස්කෘතික සංදේශ සාහිත්‍යයේ, සංදේශ කාව්‍ය ලක්ෂණ නවයක් සාහිත්‍ය ධර්පනයේ විශ්වනාත දක්වා ඇත්තේ මේසේය.


01  කතානායකයා ප්‍රසිද්ධ අයකු වීම.
02 දූතයා උසස් වංශයකට අයත් වීම.
03 ඉතිහාස කතාවකින් හෝ ආශිර්වාදයකින් සංදේශ ඇරඹීම.
04 දුතයා වර්ණනා කිරීම.
05 සංදේශය ගෙන යා යුතු තැන දැක්වීම.
06 ගමන් මාර්ගයේ ගමි, නියමි ගමි වැනීම.
07 ගමන් මාර්ඟයට අයත් ප්‍රබූන්ගේ ගුණ වැණිම.
08 සංදේහය දැක්වීම .
09 දූතයාව ආශිර්වාද කිරීම.


සංස්කෘතික සංදේශවල බොහෝ විට යොදා ගනූ ලැබුවේ දූතයාට අචේතික වස්තුන්ය. එහෙත් සිංහල සංදේශවල ගිරා, මයින, සැළලිහිණි ආදී හුරතලයට ඇති කරන සචේතනික පුද්ගලයන් සංදේශ කාරක ලෙස යොදා ගනු ලැබීමය. සංස්කෘතික සංදේශවල ඉතිහාස කතාවක් මුල්කොට සංදේශ ලිව්වද සිංහල සංදේශවල ඒ ලක්ෂණ දක්නට නොලබේ. සමහර කරුණු අඩුවැඩි කරමින් ස්‌වාධීන කවිත්වය හ‍ා දේශියත්වයට හානියක් නොවන ලෙස සංදේශ ලිවීම සිංහල කවියන් අනුගමනය කර ඇත.


ව්ශ්වනාත දක්වා ඇති සංස්කෘතික සංදේශ ලක්ෂණ අත්රින් කිහිපයක් පමණක් ගෙන, සිංහල සංදේශවල ආකෘතිය සකස්කරගෙන ඇත. එහි දීද දැක්ය හැකි පොදු ලක්ෂණ කිහිපයකි. 


01 ආසිරි වැනුම.
02 දූත වැනුම.
03 අරමුණු දැක් වීම.
04 පුර වැණුම.
05 රාජ වැණුම.
06 මඟ වැණුම.


07 යායුතු තැන දැක් වීම.
08 සංදේශය ලබන්නා දැක් වීම.
09 අස්සන දැක්වීම.
10 සුභ පැතුම්.

මේ පොදු ලක්ෂණ සියලුම සිංහල සංදේශවල දැකිය හැකි අතර ඇතැමි සංදේශවල මීට වෙනස් ලක්ෂණ කිහිපයක් ද දක්නට ලැබේ.


01 යාහ ගීය.
02 දස පඳ හැල්ල.
03 විවිධ වෘත්ත භාවිතය
04 ගද්‍ය පද්‍ය දක්නට ලැබීම.

(c) Shilpa Sayura Foundation 2006-2017