“වෙණ මිහිර” විචාරය
 

ගුත්තිල කාව්‍යයේ දක්නට ලැබෙන රසවත් වැනුම් අතරින් එකක් වූ “වෙණ මීහිර” ගුත්තිල පඩිවරයා හා මූසීල අතර පැවැති වීණා තරගය කෙබදු එකක් වීඳ එය නැරඹුවෝ ඊට කෙසේ වසඟ වී ඳ ? එහි කන්කලු බව කෙසේ පැවැතියඳ? යන්න ස්වභාවොක්තිකයන් වර්ණනා කිරීම කතුවරයා ගේ පරමාර්ථය වී ඇත. ගුත්තිග පඩිවරයාගේ විණා නාඳය අසන්නා අමන්ඳානන්දයට පත්කරවන්නක්‌ බව කවියා දක්වයි. විණා නාඳය ඇසිමට පැම්ණි රඡ, මැති, සිටු ආදින් හැරුනු විට ඇත්, අස්, පාබල අාදී සේනාවන්ද වු බව දක්වයි. වීණා නාඳය කෙතරම් මිහිරි වූවක් ද යන්න නිරන්තරයෙන් කලබල කාරි ස්වභාවයක් ඇති සතුන්, සිතුවමි කළ ඇතුන් මෙන් නිසලව සිටිබව මෙසේ දක්වයි.


ගඡසෙන් සිතියම් ගඡසිරිත්  කි‍ෙයලි
අස් සේනාව සරසා ඇත්තේ රණින් කළ ගෙඡ්ඡිවැල් බැදිමෙනි. ඔවුන් සෙල වීම ගෙඡ්ඡි හඩ මතු වීමට හෙතුවක් බැවින්; අස්වයන් පිලි රෑ  ලෙස සිටින බව කවියා දක්වන්නේ වීණා ශිල්පයේ මිහිරි බව උත්කර්ශවත් ලෙස වැනීමටය.


කන්කලු වෙණ නඳ ඇසුමේහි      ලොබිනේ
රන්රසුදැල් කොලහාල වන         බියෙනේ
සන්සල නොව එහි පිලිරෑ          ලෙසිනේ
නන්හය සෙන් සිටියෝ සිටි         මතිනේ


අවි අරගත් පාබල සේනාව වීණා නාඳයට කෙතරම් වශී වූවාද යත් ඔවුන් අත රැදි අවි ගිලිහි බිමට වැටුණු බව නොදත් හ. සිත් පිණවන කෙබදු දෙයක් බාහිර ලෝකයේ  සිදු වූ වද නම ඇකයෙහි සිටින දරුවා මාවට නොදනි බිමට වැටේ යැයි සිතීම දුෂ්කර කාර්යයක්‌ වුවද කවියා එසේ සිදූ වු බව පවසයි.


මනමත් කරවන ධන මුලු         දෙරණා
රසවත්වන  වෙන නඳ නඳ      කරණා
සවනොත් සඳපුරඟණ ලොව     දිවුණා
නෙදනිත් දරුවන් ඇකයේන්      වැටුණා


සාමාන්‍යයෙන් සිදු නොවන සිදුවීමක් සිදුවුවක් ලෙස කවියා දැක්වීමෙන්, පුරගන කාන්තාවන් වීණා නාදයේ මනනන්දනී උත්කර්ෂවත් ස්වාභාවයත් කියාපාන්නේ අතිශය චමත්කාරජනක අන්දමිනි. ස්වාභාවික පරිසරයේ විවිධ සිදු වීම් උපයෝගී කරගනිමිනි. නොයෙක් වර්ගවලට අයත් සතුන් වීණා නාදය අනුව හැසුරුණු අයුරු කවියා දක්වයි. ගංගාවල සිටි මාළුවන් ගං වෙරළට පැමිණ වෙණ නදට සවන් දුන් හ. තටු ගසමින් අහසේ පියාසර කරන පක්ෂීන් පියාපත් විහිදා නිසොල්මන් ව සිටි අයුරු වීණා නාදය ඇසීමට පැමිණි දිව්‍ය සමුහයාට ආසන පැනවුවා සේ ය. ස්වභාවයෙන් ම චංචල ගති පැවතුම් ඇති රිළවුන් ගසින් ගසට නොපැන පයින් ගියේ, වීණා නාදය ඇසීමට හිරිහැරයක් වේ ය යන බිය නිසා ය. මිහිරි හඩක් ඇති කොව්ලෝ තමා ගේ නාදය මිහිරි යැයි සිතා සිටි නමුත් ඊට වඩා වීණා නාදය මිහිරි වු නිසා ඔවුන් ගේ මානය බිදී ගියේ ය. ඔවුන් දෙපිරිස ම එකට සිටි වීණා නාදය ඇසුවේ සිත මතු වීමට වීණා නාදය නිසා ඉඩ නොලැබුණු බැවිනි.                                       


අසන රිසින් නයිකැල         ඔසළෝයා          
ඔවුන වෙතම සිටිනා          ගුරුළෝයා                            
වයන ඵවෙණ නද ලොබම    කළෝයා                
එදින වයිර සිත සිහි නො     කළෝය


වීණා නාදය ඇසුමට පැමිණි මොනරු අසතුටට පත් ව ඇත. මහබඹු ඔවුනට දී ඇත්තේ පිල්වලට ඇස් ය. ඒ ඇස්, කන් බවට නොපෙලු බැවින් මොනරුන් අසතුටට පත් ව ඇත. ගස් මුදුන් වල සිටින ගිරවුන් අඹ අතහැර දමන්නේ මිහිරි වු වීණා නාදය නිසයි. සාවුන් මුවන් කැලයේ සිට පැමිණ බිය නොගෙන මිනිසුන් අතරට වී වීණා නාදයට සවන් දෙයි. මෙසේ මිනිස් හා තිරිසන් සියලු දෙනා වීණා නාදයට  වශීකෘත වී සවන් යොමන කළ විදුලි රේඛා සියදහස් සේ දිවයාංගනාවන් අහසින් බැස නැටීමට පටන් ගත්හ . 


පැරණි කවියා යමක් උත්කර්ෂවත් ලෙස වර්ණනා කිරීමට අතිශයෝක්තිය භාවිත කළ ද ගුත්තිල කවියා ස්වභාවෝක්තිය යොදා ගනිමින් වීණා නාදයේ අසිරිමත් බව දක්වා ඇත. ප්‍රතිභාපුර්ණ කවියෙකු වු වෑත්තෑවේ හිමියන් ජන කවි රීතියත් වියත් කවි මගක් සංකලනය කරමින් අර්ථ රසයෙන් හා ශබ්ද රසයෙන් යුත් සරල ගීතවත් පදමාලාවක් මගින් වෙණ මිහිර නිර්මාණය කර ඇත                                  


අවස්‌ථානෝචිතව විරිත වෙනස් කරමින් පාඨකයා ගේ සිත් තුළ කාවයමය චිත්තරූප මතුවීමට සමත් වන ලෙස නිර්මාණය ඉදිරීපත් කිරීමට කවියා සමත් වෙයි. ශක්‍ර දෙවියන් ගේ උපදෙස් පිට ගුත්තිල පඩිවරයා ගුළි අහසට දැමීමෙන් සුරගනන් අහසින් බැස නැටීමට පටන්ගත් ආකාරය දක්වන අවස්ථාව අර්ථ රසය හා ශබ්ද රසය පරිපුර්ණත්වයට පත් නිර්මාණයකි.    


පටන් සුරිදු දුන් උපදෙස් සිහි        කොට             
ඉටන් බෙලෙන් දැමුවත් ගුළි අහ     සට                 
තුටන්ව ඩනසුර අග නෝබැස        සිට                  
පටන් ගත්තු නව සියයක් නැටු       මට                          


පටන්, ඉටන්, තුටන්, යන පද යෝජනය නිසා ගුත්තිල පඩිවරයා අහසට ගුළි දැමු ආකාරය හා ඒ සමග ම දිව්‍යාංගනාවන් පැමිණ නැටීමට සුදානම් වු ආකාරයත් ධ්වනිත කරවයි. සෑම කවියක් ම චිත්තරූප මැවෙන අයුරින් ඉදිරිපත් කර ඇති අයුරු ස්වභාවික පරිසරයේ හා කවි සමයානුගත සංකල්පනාවක් මගින් දක්වන අදහස් තුළින් පෙනේ. සරල ගීතවත් වචන මාලාවක් විරිත වෙනස් කරමින් අවස්ථාවට අනුකුලව සුරගන රැගුම කවියා අනතුරුව ඉදිරිපත් කරයි.


රූ රුසේ අදිනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය            පබා    
රන් රසේ එක් වන ලෙසේ වෙන නාද නුපා             තබා    
කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින්    සබා
මම් කෙසේ පවසම් එසේ වර සුර ළදුන් දුන් රඟ       සොබා


විදුලි රේඛාවන් ගේ ප්‍රභාස්වරය විහිදුවමින් රූප පෙළක්‌ රිද්මයකට අනුව අත් උස් පහත් කරමින් වීණා නාදයට අනුකුලව පා තබමින් සභාව දෙස බලමින් සුර ළදුන් නටන ආකාරය කතුවරයාට වර්ණනා කළ නොහැකි චමත්කාර දර්ශනයක් බව මින් කියයි. මේ දර්ශනය ඉදිරිපත් කිරීමේ දී කවියා උපමා කීපයක් භාවිතා කර ඇත. රන් රසේ එක් වන ලෙසේ යනු ඉන් එකකි. රසදිය වෙනත් කිසි ම දෙයක්‌ සමග මිශ්‍ර කළ නොහැකි ය. එක් කළ හැක්කේ රත්රන් සමග පමණි. දෙවර්ගය ම උසස් ය. වීණා නාදය හා නැටුම ද එසේ ම උසස් එකක් වන අතර එකිනෙකට සම්බන්ධව පැවති බව කවියා මේ උපමාවෙන් කියා ඇත. කවි සමයානුගත උපමාවක් ද මෙහි දක්නව ලැබේ. සුර ලදුන් නටන අතර නෙතගින් සභාව දෙස බලයි. එය අනංගයා විදින හී සැර සේ ය.


අනංගයා ගේ මල් හී සැර වදින ඕනෑ ම අයෙක් වශීකෘත වෙයි. ඔහු නෙඵම්, හෝපලු, මී අඹ මල්, සත්පෙති දෑ සමන්, බෝලිද්ද යන මල් වර්ග පහ, දුන්නේ තබා විදියි. මේ මල් වර්ග ලෞකික ආශාවන් වඩන දෑ ය. දෙවගනන් නටන විලාසස දුටු දන මන පිනවන දර්ශනයක් බව කාව්‍යමය සංකල්පනාවන් මගින් ඉදිරිපත් කර ඇත්තේ එසේ ය.  


සුරගන රැගුමට පැම්ණි දෙවගනන් ගේ රූපශීය වර්ණනා කරන කවියා දිගු වරලස මදාරා මල්වලින් සරසා ඇති බවත් අනංගයා ගේ කිර්තීයට සමාන මුතුවැල්වලින් පපුව පෙදෙස සරසා ඇති බවත් ඔවුන් උකුලට පැළද ඇති මණිමේඛලා දාමයේ නාදයට වීණා නාදය එක් කොට නටන බවත් දක්වයි. මෙය දකිනා කවරෙකු වුවත් ශක්‍ර සම්පත්තිය වුව ද ප්‍රතික්ෂේප කරන බව "උන් එදා දුන් රග දුටොත් තව සක් සැපත් කවරෙක් පතා" යන්නෙන් පැහැදිලි කර ඇත.

 

සුර ළදුන් ගේ රූපශීය තව දුරටත් වර්ණනා කරන කවියා රන් හංසයන් වැනි පියොවුරු සමන් කුසුමින් බැද ඇති බවත් එල්ලෙන කන් ඇති බවත් මද පවනට සැලෙන පහන් සිළුවෙන් මෙන් රන්වන් බද සොලවමින් නටන රඟ දක්වයි. ඔවුන් ගේ රූපශ්‍රීය හා නැටුම දකින බ්‍රහ්මචාරී පුද්ගයෙකු වුව ද ඉන් මිදී මේ දර්ශනයට සිත යොමන බව කියාපාන්නේ මෙසේ ය.

පිපි සමන් කුසුමන් පටින් තන රන් හසුන් මන් මෙන්      බැදේ          
ලඹ සවන් දිගු රන් පසින් දන නෙත් මුවන් බ්දිමින්       තදේ            
මද පවන් වැද ලෙළ පහන් සිළු මෙන් රැගුම් දෙන රන්    බදේ     
දිළි ඔවුන්  රූ සිරි නුවන් වන් බඹ වුවත් දැහැනින්        මිදේ


සුරගන රැගුමේ විලාසය දැක්වු කවියා අනතුරු එය නැරඹීමට පැමිණි ශක්‍රයා සහ දෙවියන් සිතියමක් සේ අහස් ගැබ සිට නිසොල්මන් ව බලා සිටින අයුරුත් සුරළියන් රාජ සභාවට බැස නටන අයුරුත් බෝසතුන් තන්සුන් වෙණ රැගෙන ඔවුන් මත් කරවන අයුරුත් දක්වයි. මේ සියලු දෑ වෙන් වෙන් ව දත හැකි වුවත් ඒ සියල්ලම එකම විටෙක දැකීමට කවර කාලෙක ලැබේ දැයි පවසමින් සුරගන රැගුම අවසන් කරයි.                       


සමස්ථයක් ලෙස ගත් කළ සුරගන රැගුම ගුත්තිල කාවයයේ දක්නට ලැබෙන වර්ණනා අතරින් උසස් වර්ණනාවකි. සුර ළදුන් ගේ රූපශීය සමග රැගුමේ විලාසය පාඨක සිත් තුළ ධ්වනිත කරවීමට කවියා උත්සාහ ගෙන ඇත. එකම විරිතකින් රැගුම ඉදිරිපත් කළ ද නටුමේ රිද්මය වරින්වර වෙනස් කරමින් තාලානුරූපීව නැටු ආකාරය දැක්වීම සදහා වචන උපයෝගී කරගෙන  ඇත්තේ කියවන්නා තුළ රිත්මයානුකුල නැටුමක් විචිත්‍රණය කරමිනි. කවියෙන් කවියට නැටුමේ තාලය වෙනස් කළ අයුරු පහත සදහන් ඒක් ඒක් කවිවල මුල් පද පරික්ෂා කිරීමෙන් පෙනේ.                                                 


රූ රැසේ අදිනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය           පබා                    
පුන්මදාරා මල් දමින් මුදු දිගු සුනිල් වරලස          ගොතා                 
පිපිසමන් කුසුමන් පිටින් තන පිටින් තන රන් හසුන්     මන්    
පෑ උදුල් සිතියම් ලෙසින් සිටනේ සුරන් සහ සක්       නුබේ


සරල මටසිලිටි පද මාලාවක් මගින් ගුත්තිල කාවය රචනා වී ඇති අතර, එය කියවා රස විදිය හැකි අපුරු රූ සපුවක් හා ගුණ සපුවක් ඇති විනීත සුකුමාර දැරියක් වැනි යැයි විචාරකයන් පවසන්නේ, ගුත්තිල කාව්‍යයේ ඇති අපුර්වත්වය නිසයි.

(c) Shilpa Sayura Foundation 2006-2017