ග්‍රාමීය ගෙවිතැන් හා ඊට මුහුණ දෙන අය ගේ දුක්ගැහැට ම්ත්‍යා මතිමතාන්තර විදහා දැක්වීම; චරිත තුනක් නව කතාවේන් ඉදිරිපත් වන සමාජ දර්ශණය වෙයි . එකම පවුලේ තුන් දෙනේකු වූ ඉසා; සනා; රංජිත්; එක් එක් ආකාරයට වෙනත් ගති පැවතුම් වලින් සැදි වැඩි විකාශනය වන්නේසමාජ පරිසරයේ සිද්ධාන්තයන් පදනම් කරගෙන ය. ගොවිතැනින් ජීවත් වන ගැමි පරිසරයේ දරුවන්ට වැඩිදුර අධ්‍යාපනය ලබාගැනීමට ඉඩ නො ලැබේ එය ද වැඩිමහල් දරුවා කෙරෙහි වීශෙෂයෙන් බලපන්නෙකි. එය ඉසා ගේ චරිතයෙන් පෙනේ. ගැමි සමජයේ දෙමව්පියන්ට ද ඉගෙනීමේ අගය නොවැටහෙන බැවින්, දරුවන් ගොවිතැනට හවුල් කරගනිමින් ආර්ථිකය සවිමත් කරගැනීමට සිතයි. ඉසා ගේ පාසල් ගමන ගැන පියා දක්වන මේ අදහස ඊට නිදසුනකි.
" ගුරුන් ගන්ට යැ ඉස්කෝලෙ යන්නෙ. තොට හරකෙක්වත් බදින්ට බැරිවෙලා තියෙන්නෙ ඔය ඉස්කෝලෙ හන්ද තමයි. මුව ඉස්කෝලෙ නෙවෙයි යවන්ට ඕනෑ, පෝරකේට. "
"පොත........ පොත....... හැමතිස්සෙම පොත. ඒකෙම ඇහැ ගහගෙන හිටපිය. ඕකෙ ඇති කන්ට හම්බවෙන හැටි කියලා."
ග්‍රාමිය දරුවන් ඉගෙනීමට දක්ෂකම් දැක්වුව ද ඔවුන්ට ඊට ඉඩක් නො ලැබෙනුයේ ගැමි ආර්ථික ක්‍රමයේ කර්කශ ස්වභාවය නිසයි. නියගය, වැස්ස, ලෙඩදුක් ගැමි පරිසරයේ බලාපොරොත්තු බිද දමන බලවේගයන් ය. ඒ බලවේග සමග පොර බදන ග්‍රාමිය ගොවියා ගේ ජීවන තත්ත්වය කහටගහලියැද්දේ කඩාඩුව කැඩි යාමෙන් පෙන්නුම් කර ඇත. ගැමියා අරපිරිමැස්මෙන් කටයුතු කරයි. ඔවුන්ට පැහැදිලි ආදායම් මාර්ගයක් නැත. පවුලේ වැඩිහිටියන් වල්පල් කා කුඩා දරුවන්ට බත් ටිකක් දීම සිරිතය. ඉසා ගේ මව කියන මේ වදන්වලින් එය පෙනේ.
“පොඩි උන් තුන් දෙනාට තියෙන හැටියට බෙදුවා.”
කාලයකට කරන ගොවිතැන්වලින් පවුලේ නඩත්තුව ගෙන යාමට අපොහොසත් වන ගැමියා,අමතර යමක් කිරීමෙන් ද ආදායමක් ලබාගැනීමට උත්සාහ කළ ද බොහෝ විට ව්‍යර්ථ වන බව ඉසා හා ඔහු ගේ පියා දැමු බුලත් නොටුව වීනාශ වී යාමෙන් පෙනේ.
ගැමි සමාජයේ දක්නට ලැබෙන එකමුතුකම ද නවකතාවෙන් විස්තර වෙයි. මරනයක් මගුල්තුලාවක් ගොයම් කයියක් වැනි අවස්ථාවල අන්නොන්‍යය සහයෝගයෙන් කටයුතු කරන බව කහටගහලියැද්දේ ගොයම් වැඩ ඉසා ගේ පියා ගේ මරනය යන සිදු වීම්වලින් පෙනේ. ඇතැමුත මෙ බදු අවස්ථාවල බඩකටපුරා කෑමට ගන්නා උත්සාහය ද කිරිස්තියන් බාස් හතර වතාවක් බත් බෙදාගෙන කෑමෙන් දැක්වේ.
ගැමි සමාජය මිතයා විශ්වාසවලින් ද යුක්ත ය. වාසනාව අවාසනාව ගැමියා සියලුම විට පයෝජනයට ගත් කල්පනාවකි. ඉසා අනිත් පලමු බුලත් දඵව සිටුවිමත් පළමු ගොයම් පිඩ ඉසා අතින් කමතේ තැබීමත් කරන ලද්දේ ඔහු ගේ උපන් වෙලාව අනුව වැඩි අස්වැන්නක් ලැබේ ය යන විශ්වාසය උඩයි.
“ වාසනාවකට වගේ පල්කඩේ යල ලැබුණු එක හොදට ගියා.”
යනුවෙන් ඉසා ගේ පියා පවසයි. යුතුකමක් ඉටු කිරීම ගැමි සමාජයේ උසස් කොට සලකන්නකි. එය ඉසා ගේ චරිතයෙන් පෙන්නුම් කරයි. එසේ නොකරන්නා සමාජ අපකීර්තියට හා අවමානයට ලක් වන බවත් ඔහු ගේ ජිවිතය උසස් එකක් නොවන බවත් රංජිත් ගේ චරිතයෙන් පෙනේ රංජිත් ආත්මාර්ථකාමියෙකු ලෙස කියා කරන්නෙත් යුතුකම් නොසලකා හරින්නෙත් දුක්ඛිත ආර්ථිකයෙන් හෙම්බත් වී පවන්න ආර්ථිකයේ ඉහල තත්ත්වයට යාමට ඇති ආශාව නිසයි. රංජිත් එබදු මානසික තත්ත්වයකට ඇද දමා ඇත්තේ ඔහු ජීවත් වන සමාජ වටපිටාවයි.
සමාජයේ ඇති වන ගැටීම් නිසා ආත්ම පීඩනයට පත් ව යථාර්ථය තේරුම් ගන්නා පුද්ගලයන් ද ගැම් සමාජයේ දක්නට ලැබේ. ඉසා අවසාන කාලයේ සිතන පතන දේ තුළින් එය අනාවරනය වෙයි. ඊර්ෂයාව, ක්‍රෝධය, පළිගැනීම එකෙකු ගේ දියුණුව නුරුස්සන ස්වභාවය ද ගැමි සමාජයේ ලක්ෂනයකී. මේ ස්වභාවයන් ද නවකතා වේ ඇතුලත්ව ඇත.
ගැමි සමාජයේ ස්වාභාවික හා පුද්ගලයන් තුළින් එල්ල වන විවිධ ගැටලුවලට මුහුණ දෙමින් වරෙක දුකෙක් ද වරෙක සැපෙන් ද ඉදිරියට ඇදී යන සමාජ දර්ශනයක් චරිත තුනක් නවකතාවෙන් ඉදිරිපත් වී ඇත.
