නවකතාව යනු කුමක් ද ?
 

නව කතාව පිළිබද විචාරකයින් විවිධ අදහස් ඉදිරිපත් කර ඇත. බටහිර විචාරකයෙකු වන කේ. ලිවර් මහතා පවසන්නේ, පාඨකයා කාල්පනික සත්ය ලෝකයට ගෙන යන සෑහෙන තරම් දිග ග්‍රන්ථාරෑඪ  කරන ලද ගද්‍යමය ආඛ්‍යානයක් බවයි. නවකතාව යනු මානව ජීවිතය විවරණය කරන ගදයමය කල්පිත ආක්‍යාත බවයි. නවකතාවයනු මානව ජීවීතයට විවාරන කරන ගද්‍යමය කල්පිත ආක්‍යාතයක් බව අර්නස්ට් ඒ.බේකර් මහාතා පවසයි. ජේ.බුවාන් පකාශ කරන්නේ හැම අතින්ම පළල් වු බෝහේ ගණනක් චාරිත යන්ගේ කියාවන් හා කතා බහ දිග කතා වස්තුව කීන් දැක්වෙන සේ රචිත ගද්‍යමය ආඛ්‍යාත නව කතා බවයි. අනෙක නම් බටහිර විචාරකයින් පවසන්නේ මිනිස් ජීවීතය විචාරනය කරන ගද්‍යයෙන් රචිත කල්පිත ආඛයාන නවකතාව බවයි.


නවකතාව පාළිබද පෙර අපර දිග මෙ බදු විවිධ මතිමතාන්තර ඉදිරිපත් කර ඇතත් ඒ ඒක් එක් අදහස් පමණක් සැලකිල්ලට ගෙන නවකතාව යනු කුමක් ද යන්න හදුනා ගැනීම අපහසු ය. එසේ නම් නවකතාව යනු කුමක් දැයි හදුනාගැනීමට පොද්වේ නවකතාව අන්තර්ගත ලක්ෂණ විමර්ෂනය කිරීම වැදගත් ය. නවකතාවක අන්තර්ගත ලක්ෂණ සැකැවින් මෙසේ දැක් විය හැක ය.


1. කතා පුවත අර්ථවත් කල්පිතයක් වීම.                 


2. සංකීර්ණ චරීත නිරෑපනයක් දක්නට ලැබිම.                


3. සාධාරණීකරණයෙන්  යුක්ත වීම.    


4. ජිවන දර්ශනයන් මතුකර දැක්විම.


5.ඒකීය රටාවකට ගොනු කරනු ලබන සන්ධර්භයක් දක්නට ලැබීම. 


6.විශ්වසනීයත්වයෙන් යුක්ත විම.


7.අර්තවත් භාෂාවක් බවිතා කර තිබීම.


8.පසුබිම් වර්ණනා හා සනකෙත යොදා තිබීම.


නවකතාවේ දෘෂ්ටිය මැනවින් අවබොද කර ගැනිමට ඉවහල්වන කතා පුවතක් නවකතාවක තිබිය යුතුය. ඉ.එම්.පෝස්ට් නැමති විචාරකය නවකතාවකට කතා පුවතක් තිබිය යුතු බව පෙන්වා දෙයි. නවකතාවේ විකශනය කරනු ලබන සිදුවිම් සමුහය, කලය අනුව සම්භන්ධකර දැක්විම කතා පුවත යනුවෙන් අදහස් කරයි ඇතැම් නව කතාවල ජිවිතයෙන් අංශයක් පමනක් නිරුපනය කරන බැවින් පැහැදිලි කතා පුවතක් දැකිය නොහැකි ය. නිදසුනක් ලෙස කේ. ජයතිලකයන්ගේ “රාජපක්ෂ වලව්ව” නම් නවකතවේ, කමලසිරි නම් කතානායකයා ලවා කරවන ආවර්ජන සමුහයක් කිසියම් පිළිවෙළකට ගොනු කිරීමටය දක්නට ලබෙන්නේ මාර්ටින් විකමසිංහයන්ගේ යුගාන්තය නව කතාවේද පැහැදිලි කතා පුවතක් දක්නට නැත. එහි දක්නට ලැබෙන්නේ මාලින් විසින් තම පියා වන කබලාන ඇනුථ ධනපති පන්තියට එරෙහි ව ගෙන යන කාලීන සමාජ විවරනයකි. කෙසේ නමුත් නවකතාවක කිසි යම් කතා පුවතක් තිබිය යුතු බව විචාරක මතයයි.


කතා පුවත පොදු මනුෂ්‍යත්වය හා සමාජය විග්‍රහ කෙරෙන යථාරූපී නීරූපනයක් විය යුතු ය. එවිට නවකතාවට සම්බන්ධ කතා පුවත අර්ථවත් එකක් වෙයි. අර්ථවත් කතා පුවතකීන් තොර  නවකතාවකින් ජිවිතාවබෝධය පිළිබද පුළුල් අවබෝධයක් පථකයාට ලබා ගැනීමට ඇති ඉඩකඩ අඩුවීයනු ඇත. කතා පුවත කල්පිත එකක් විය යුතු ය. එය සත්‍ය හා අසත්‍ය අතර රුදුනක් විය යුතු ය. පුවත්පත් වර්තාවකයක් කල්පිත පුවතක් අතර වෙනසක් ඇත. පුවත්පත්  වර්තාවක් සත්‍යයෙන්ම පිරුනකී. එය කියවන්නා කුතුහලයට පත් නොකරයි. නමුත් නවකතාවක කල්පිත ප්‍රවෘත්තිය ජීවිත පරිඥානයන් පිරි ෙපදු මනුෂ්යත්වය නිරූපනය කරන්නක් වීම වැදගත් ය. මේ  අනුව නවකතාව ක කතා පුවත ෙපාදු මනුෂ්‍යත්වය විග්‍රහ කරන ජීවිත පරිඥානයන් පිරි කල්පිත අර්ථවත් කතාවක් විය යුතු ය.


නවකතාවක තිබිය යුතු තවත් කරුණක් වන් ෙන් චරිත නිරූපනයයි. යම් යම් පුද්ගලයන් ෙග් ගති පැවතුම් හා ක්‍රියාවන් ලියා දැක්වීම චරිත නිරූපණය නො වේ මුල් යුග ෙයු නවකතාකරුවන් අසවලා මේ ඔහුගේ  ක්‍රියාවන් මෙසේ  ය. ඔහුගේ හැඩරුව මෙසේ ය.. ඔහු  හොද අය යෙක්ය. ඔහු නරක අයෙක්ය  යනාදි වශයෙන්  දැක්වීමයි. මින් චරිත නිරූපණය කට වඩා චරිත විස්තරයක් ය සිදු වන්නෙ ඉන් පාඨකයාට චරිතය පිළිබද විමර්ශනාත්මකව සිතීමට ඉඩක් ෙනා ලැ ෙබ්. ඒසේ නම් රචකයා කළ යුතු වන්නේ චරිත ගැටලුවලට මුහුණ දෙන අකරය, හැසිරීම් රටාව, ස ෙත් ක්‍රියාකාරිත්වය පසෙකින් සිට පත් වු පරිද් ෙද්න් දැක්වීම යි. මෙය ඉටු කිරිම සදහා නවකතා රචකයා ම මනෝ   විශ් ලෙෂකයෙකු ලෙස පකියා කළ යුතු ය. නිදසුනක් ලෙස චරිත තුනක් නවකතා කතවේ ඉසාට තම මව කියන මේ වදන් සලකා බැලිය හැකි ය.


"අර තාත්තා විතරක් කමතෙ වැඩ. උඔත් ගිහින් ටිකක් උදවු  වෙයන්"  යැයි ඈ කීවා ය. "තව ම නිදිමතයි නෙ"  මම ඇගගස්සා අනෙක් පැත්තට හැරණෙමි. 
"උඔත් නිදිමතයි කියල කොහෝමද ද තාත්තට විතරක් ඔය ඔක්කොම කළ හැකි ද?"


ඉහත සංවාදයෙන්  පියා පමණක් කමතේ  වැඩ කරන නිසා, පුතාටත් යාමට මව කරන ඉල්ලීම සදහන් වුවත් ඉන් ඊට වඩා ගැමි කෘෂිකර්ම යේ දුක්ඛිත ජීවිතයත් අසරණ බවත් කුඩා දරුවන් පවාවෙහෙස නොබලා සහයෝගය දක්වමින් පවුලේ  ආර්ථීකය සවිමත් කරගැනීමට ඒක් විය බවත් කියාපායි. ඒ ඒ චරිත පිළිබද පාඨකයාට නිගමනය ගැනීමට තබා කතුවරයා විසින් චරිතවල කියාකාරීත්වය අදහස් මනෝභාවයන් ඒ අයුරින් ම විශ්ලේෂණය කිරීමයි කළ යුතු වන්නේ. ඒ විට නවකතාවේ චරිත සංකීර්ණ චරිත ලෙස ඉදිරිපත්වේ.හොදෙ නරක  දෙකින්  සම්මිශ්‍රණය වු සංකීර්ණ චරිත පමනක් සත්ය සමාජ  යේ දක්නට ලැබෙන්නේ. නවකතාවක ද තිබිය යුත්තේ එ බදු චරිතය.


සාධාරණීකරණයෙන් යුක්ත වීම නවකතාවක තිබිය යුතු තවත් ලක්ෂණයකි. සාහිත්‍ය කෘතියෙන් දැක්වෙන අද්දැකීම පාඨකයා ගේ අත්දැකීමක් බවට පත් කිරිමට  ලේඛකයා සතුව ඇති ශක්තිය. සාධාරණීකරණය යනුවෙන් සංස්කෘත විචාරක විශ්වනාථ දක්වයි. නවකතාව තුළින් සාධාරණීකරණය ඉටු වීමට නම් රචකයා පොදු මනුෂයත්වය පිළිබද ගැඔරින් අධ්‍යනය කළ අයෙක් විය යුතු යි. රචකයා ගේ අත්දැකීම් පොදු මිනිස් සමාජය සමග සම්බන්ධ කරමින් සියුම් ලෙස විග්‍රහ කළ යුතු අතර, ඒ තුළින් වැදගත් අර්ථ මතුකළ යුතු ය. එවිට නිර්මාණ සාධාරණීකරණයෙන් යුක්ත වෙයි.
     
නවකතාකරුවා ගේ පරමාර්ථිය විය යුත්තේ කතාවක් ඉදිරිපත් කිරිමෙන් පාඨකයා තුළ සන්තර්පණයක් ඇති කිරිම නො ව ,කිසි යම් ජීවන දෘෂ්ටියක් දඉදිරිපත් කිරීමයි. එය සමාජ හෝ පෞද්ගලික දෘෂ්ටියක් විය හැකි ය. එය රදා පවතිනුයේ සමස්ථ නවකතාව තුළම ය. නිදසුනක් ලෙස ගම්පෙරළිය නවකතාවේ කයිසාරුවත්තේ මුහන්දිරම්ළ  ඇතුළු පවුලේ තොරතුරු හා ගම්වැසි කීප දනෙකු ගේ තොරතුරු එහි දැක් වේ. මේවා කියවීමෙන් ඇති ඵලය කුමක් දැයි සමහරු නවකතා පල්හෑලි ලෙස සලකා බැහැර කරි. නමුත් මුහන්දිරම් ඇතුළු ඔවුන් ගේ තොරතුරුවලින් වෙනස් වන සමාජය අනුව වෙනස් විය යුතු ය. එසේ නොවන්න නොයෙක් දුක්ඛදෝමනස්සයන්ට ගොදුරු වේ ය,යන ජීවන දර්ශනය ඉන් කියැවේ. මෙය ලබා ගත හැක්කේ නවකතාවක කොටසක් හෝ පුද්ගලයෙක් පිළිබද දැන ගැනීමෙන් නො ව,සමස්ථ නවකතාවම කියවා සමුදයාර්ථය තේරුම් ගැනීමෙනි. ජීවනදෘෂ්ටියෙන් පාඨකයාට  ජීවිතපරිඥානයක් ලබා ගත හැකි ය.
      
නවකතාවක තිබිය යුතු ලක්ෂය අතර සන්දර්භය ද වැදගත් ය. සන්දර්භය යනු සිද්ධි හා අවස්ථා ආදි සියලු අංගෝපාංගයන් කතා කරුවන් ගේ මුඛ්‍ය තේමාවට සම්බන්ධ කොට දැක්වීමයි. මුල් යුගයේ කතා මේ ලක්ෂනයෙන් ගිලිහීයාම නිසා,කලාත්මක බව ද ගිලිහීඇත. නවකතාවක අද්දැකීම විග්‍රහ කොට දැක්වීමේ දී කවි , අතුරුකත ,  ගාථා, ආදීය ඉදිරිපත් කළ හැකි වුව ද ඒ සියල්ල එකට සම්බන්ධ කරමින් මුලික අර්ථය උද්දීපනය වන අයුරින් ඉදිරිපත් විය යුතු ය. මුල් යුගයේ මේ  ලක්ෂණය නොවු බැවින් නවකතා,පබන්ධ කතා ලෙස සැලකීමට විචාරකයින් පෙළඹුනේ ඒ නිසයි. මේ නිසා කෙතරම් අර්ථගාම්භීරත්වයෙන් යුත් කරුනක් වුව ද මුඛ්‍ය තේමාවට සම්බන්ධ නො වේ නම්,සන්දර්භය ගිලිහී යනු ඇත. ඕනෑ ම නවකතාවක් විශ්වසනීයත්වයෙන් යුක්ත විය යුතු ය. එනම් ඇදහිය හැකි තොරතුරු වලින් යුක්ත විය යුතු බවයි. පාඨකයාට විශ්වාස කළ හැකි,ජීවිතයට සම්බන්ධ කරගත හැකි කරුණුවලින් නවකතාවක ඉදිරිපත් වුව හොත් පමණයි.  පාඨකයා පිළිගනු ලබන්නේ. මේ විස්වාස කළ හැකි බව,විචාරකයින් තාත්විකත්වය යනුවෙන් හදුන්වයි.  මුල් යුගයේ නවකතා විචාරකයින් ගේ සැලකිල්ලට බදුන් නොවන්නේ අද්භුත ගල්ගුහා කෙටි සටන් ආකස්මික බලවේග ආදි සිදු වීම්වලින් යුක්ත කොට සත්‍ය ලෝකයට සම්බන්ධ නොවන ලෙස ඉදිරිපත් ව තිබිම නිසයි. නවකාතාවකින් ඉදිරිපත් කරන කාල්පනික ලෝකය සැබෑ ලෝකයට ප්‍රතිරූපයක් ලෙස නො ව, ඊට බෝහෝ දුරට සම්බන්ධ කළ හැකි එකක් විය යුතු ය. කාල්පනික ලෝකය සැබෑ ලෝකයට සම්බන්ධ වන තරමට එය විශ්වසනීයත්වයෙන් රදා පවතී.  නවකතාවක තිබිය යුතු අංග ලක්ෂණ අතර වැදගත් වනනේ භාෂාවයි. නවකතාකරුවා ගේ මාධ්‍ය භාෂාවයි. ප්‍රවෘත්ති වාර්ථාකරුවෙකුට  ද භාෂාව  යොදාගනු ලබන්නේ. වාර්ථාකරුවෙකුට වාච්‍යර්ථ භාෂාව වැදගත් වුවත් නවකතාකරුවෙකුට වාච්‍යරුථ අබිබවා යන ව්‍යංගාර්ථවත් භාෂාවයි අවශය වනනේ. එය භාවික ගුණයෙන් යුක්ත එකක් විය යුතු ය. නිදසුනක් ලෙස චරිත තුනක් නවකතාවේ පහත සදහන් විස්තර සලකා බැලිය හැකි ය.


සනා ගේ ගෙදර පහනක් දැල්වේ. රංජිත් ගේ ගෙදර ලාම්පුවක් පත්තුවේ. මගේ හද තුළ වු කිසි යම් ආවරණයක් කවරෙකු විසින් හෝ ඉවත් කිරීමෙන් ආලෝකය පහළ වුවාක් මෙන් මට දැණින.,,


මෙහි ඇත්තේ ධ්වනිපුර්ණ භාෂාවකි. සනා, ඉසා, රංජිත්, යන චරිත තුන පිළිබද ව ම ජීවන ප්‍රවෘත්ති ය පිඩු කොට දැක්වීමක් මෙහි දී සිදු කෙරේ. ඉසා වයසින් මුහුකුරා ගිය අයෙකු බැවින් ඔහු සෙසු සහෝදරයින්  දෙදෙනා ගේ ක්‍රියාකාරීත්වය පුනරාලෝකනය  කරයි. ඉසාට ආලෝක  දෙකක් පෙනේ. ඉන් එකකි සනා ගේ ගෙදර දැල්වෙන පහන. සනා ගේ ගෙදර පහනක් දැල්වෙන බව කීමෙන් කතුවරයා කරුණු කීපයක් ධ්වනිත කරයි. සනා ඊර්ෂ්‍යාව ක්‍රෝධය පළිගැනීම හා සුරාව සුදුව ආදියෙන් පරිපීඩිත ජීවිතයක් ගත කළ අයෙකී. නමුත් පසුව ඔහු ඒ සියල්ල හැරදමා යහපත් තැනැත්තෙකු බවට පරිවර්තනය වු අයුරු පහනක් දැල්වෙන බව කීමෙන් දක්වයි. ඔහු ගේ ගෙදර දැල්විය යුත්තේ ලාම්පුවකි. පහනක් දැල්වෙන බව කීමෙන්  නරක ගතිපැවතුම් අතහැර, යහපත් අයෙක් වු අය්රු ධ්වනිත කරයි.


ඉසාට පෙනෙන අනෙක් ආලෝකය රංජිත් ගේ ගෙදර දැල්වෙන ලාම්පුවයි. රංජිත් උගතෙකි, ගුරුවරයෙකි, ධනයෙන් ඉහලට ගිය අයෙකි. ඔහු ගේ ජීවිතය ගුණදර්මවලින් පිරීපැවතිය යුතු ය. ඔහු ගේ    ගෙදර දැල්වි යුත්තේ පහනකි. නමුත් කතුවරයා රංජත් ගේ ගෙදර දැල්වෙන බව කියන්නේ ලාම්පුවකි. මින් පෙන්නුම් කරනුයේ යුතුකම් අතහැර ආත්මාර්ථකාමී පුද්ගලයෙකු මෙන් ම, සමාජ සාරධර්ම නොසලකා හරින තැනැත්තෙකු ය. රංජත් ගේ ක්‍රියාකාරීත්වය එබන්දක. මෙසේ කෙටි වැකියකින් චරිතපුර්ණ පිඩු කොට දැක්වීමට හැකියාව ලැබී ඇත්තේ, කතුවරයා යොදාපගන ඇති භාෂා ශෛලිය ව්‍යංගාර්ථවත් ධ්වනිපුර්ණ භාෂා මාධ්‍යයක් වීම නිසා ය නවකතාවක භාෂාව එහි කලාත්මක අගය කෙරෙහි බලපානු ලබන ප්‍රධාන සාධකයක් ලෙස සලකනු ලබන්නේ මේ නිසා ය. පසුබිම් වර්ණනා හා සංකේත  භාවිතයෙන් ද නවකතාවක තඅබිය යුතු තවත් ලක්ෂණයකි. පැරණ් නවකතා කරුවන් මෙය අනවශ අංයක්  ලෙස සැලකිය ද පුද්ගලයන්ගේ ගැටලුසහගත මානසික සංකීර්න තත්වයන් හා සිද්ධි ; අවස්ථා බසුබිම් වර්ණනා ; සංකේත මගින් ඉදිරිපත් කිරීමට දක්ෂ ලෙඛකයන්ට හැකියාව ලැබී ඇත. නිදසුනක් ලෙස ගම්පෙරලියේ පසුබිම් වර්ණනා මඟින් මුහන්දිරම් පවුලේ තොරතුරු  තාත්විකව දැක්වීමට  වික්‍රමසිංහයන් සමත් වී ඇත.  
සංකේතයක් යනු සෘජුව නොකියා වෙනත් යමක් මඟින් කියා පෑමයි.  මෙයද ගම්පෙරලයේ දක්නට ලැබෙන ලක්ෂණයක් මඟින් පැහැදිලිකල හැක. මහගෙදර හා එහි නිවැසියන් වැඩවසම් සමාජ ක්‍රමය බීඳවැටිම  පෙන්නුම් කරන සංකේතයක් ලෙස යොදාගෙන ඇති බව පෙනේ.


ඉහත්න දක්වා ඇතතේ නවකතාවක තිබිය යුතු අංග ලක්ෂණ පිලිබඳ කෙට් සමාලොචනයකි . මේ ලක්ෂණ සියල්ල ම නවකතාවක  තිබිය යුතු ය යි නියම කළ නොහැකි වෙනත් මීට පරිබාහිරව ද කලාත්මක නවකතා බිහිකල හැකි ය . එහෙත් විචාරය  හා නවකතා හදුනා ගැනිමට මේ කරුණු දැනගැනීම අතිශය වැදගත් . ඉහත කරුණුවලින්  යුත් ගද්‍යයන් රචිත නවතම නිර්මාණය  නවකතාවයි.

(c) Shilpa Sayura Foundation 2006-2017