ඒක් සිදුවීමක් හෝ අවස්ථාවක් නැත හෝත් පුද්ගලයෙකු ගේ මනෝභාවයක් මුල් කරගනිමීන්, අනෙකුත් සියලු සිදු වීම් ඒ වටා ගොනු කර දක්වන මනා සංවිධානයෙන් යුත් ආක්‍යාත ස්වරුපයෙන් ඉදිරිපත් කරන ලද කල්පිත නිර්මාණ කෙටි කතාවයි.
ආගම ධර්මය අනුව හැඩ ගැසුනු දැහැමි සමාජයක් ගොඩනැගිමේ අබිලාෂයෙන්, පුද්ගලයා තුල ශ්‍රද්ධාව භක්තිය පෝෂණය කොට පින්දහම් හා ගුනදහම් කෙරෙහි යොමු කිරිමේ පරමාර්ථයෙන්, බෝසතුන් එක් එක් ආත්ම වලදී කළ, කී දෑ ආක්‍යාත ස්වරුපයෙන් ඉදිරිපත් කරන පුවෘත්තීන් ජාතක කතාවයි.
කෙටිකතා හා ජාතක කතා හැදින්වීමේ නිර්වචන අනුව පැහැදිළි වෙනසක් ඇති බව පෙනේ. එහෙත් ඇතැමි අය මේ කොටස් දෙක අතර සමානකමක් ඇති බවත් සමහරු සමහර කරුනු වලින් පමනක් සමානකම් දක්නට ලැබේ. කෙටිකතාවක පැහැදිළි ආරම්භයක් හෝ අවසානයක් නැතුවා මෙන් ම මුල, මැද, අග මනා සම්බන්ධතාවයක් ද නැත. එහෙත් ජාතක කතා වල මේ ලක්ෂණ දක්නට ලැබේ. කතා විකාශනය අතින්ද වෙනසක් ඇත. අනවශ්‍ය විස්තර වර්ණනා නොමැතිව සිදු විම් මාලවන් එකට බැදී පවත්නා ආකාරයෙන් කෙටිකතා වීකාශණය වුවත් ජාතක කථා විකාශනය වන්නේ අතුරු කතා, ධර්මෝපාදේශ දීම, විස්තර වර්ණනා හා ගථා ආදිය ඉදිරිපත් කරමිනී. කෙට්කතාවල දක්නට නොලැබෙන එක් අදහසක් දැක්වීම සදහා කතා කීහිපයක් ඉදිරිපත් කීරීම ජාතක කතා වල ඇත.
ජාතක කතා වල කතුවරයා ඉදිරියට පැමිණ කරන වර්ග චරිත හෙවත් පැතලි චරිත දක්නට ලැබේ. නමුත් කෙටිකතා කරුවා චරිත නිරීක්ෂණය කරමීන් චරිතයේ ස්වභවය පාඨකයට තෙරුම් ගැනීමට ඉඩ සලසයි. මේ නිසා කෙටිකතාවල සන්කීර්න චරිත බැවින් චරිත දක්නට ලැබේයි. සත්‍ය සමාජයේ දක්නට ලැබෙන්නේ සන්කීර්ණ චරිත බැවින් චරිත නීරුපනයේ දී කෙට්කතා හා ජාතක කතා අතර වෙනසක් පවතී.
සාමන්‍ය ජන ජිවිතයට විෂය නොවන අද්භූත සිදු විම් ද ජාතක කතා වල දක්නට ලැබේ.
එය පාඨකයා ගේ සියුම් වින්දනයට භාදවකි. නමුත් කෙටිකතාවල, අද්භූත සිදු වීම්වලින් බැහැරව එදිනෙදා මිනිස් ජිවිතයට හුරුපුරුදු සිදු වීම්වලින් යුක්ත වී ඇත.
ඉහත සදහන් කරුණු අනුව මහාචර්ය එදිරීවීර සාරච්චන්ද්‍ර හා විමල් දිසානායක ශූරීන් ජාතක කතා සංකීර්ණ දෘෂ්ටියකින් නොව, ගතානුගතීක පටු දර්ශනයක් ඉදිරිපත් කරන කතා විශෙයක් බව පෙන්වා දෙති.
එහෙත් ජාතක කතා හා කෙටි කතා අතර කිසියම් සාමාන කමක් ද ඇති බව මාර්ටින් වික්‍රමසිංහ සහ කේ. ජායතිලක මහාත්මා වැනි අය දක්වයි.
ගීද මොපසාන්, ඇන්ටන් චෙකොවු වැනි අයගේ කෙටි කතාවල මේ ලක්ෂණ බෙවින් ඇත. ජාතක කතාවල ද මේ ලක්ෂණ ඇතිබවට නිදසුන් සොයා ගත හැක. චූලසෙට්ඨි ජතකයේ අසම්මත විවාහයකින් වෙනත් ප්‍රදේශයකට පලා යන මහා ධන සිටුවරයගේ දුවගේ ගූප්ත චෛතසික ස්වභවයන් විවරණය කර ඇතතේ නුතන කෙටි කතාවකට සමාන ලෙස ය.
චරිත ගැටීම් වලට මුහුන දීමට සලස්වා චරිත ස්වභාවයන් විවරනය කිරීමද නුතන කෙටි කතාවල ලක්ෂනයකි. චුල්ලසේට්ටි ජාතකයේ සිටුදුව හා ස්වාමි පුර්ශයාට මුහුණ දීමට ලක්වු ගැටලු මේ ලක්ෂණය පෙන්නුම් කරන්නෙකි.
ජාතක කතාවල දක්නට ලැබෙන්නේ පැතලි චරිතයයි. වර්ග කරතත් ඇතැම් අවශ්ථාවල සන්කීර්ණ චරිතයන්ද දක්නට ලබේ. චුල්ලසෙට්ටි ජාකතයේ සිටුවරයාගේ චරිතය මෙබදු ලක්ෂන මතුකර දක්වයි. නුතන කෙටිකතා වල ද මේ සන්කිර්න ලක්ෂන පැහැදිලිව පෙන්නුම් කරයි. වර්තමාන කෙටිකතා වල සිමිත චරිත සංඛ්‍යාවක් ඇත්තා සේම, නුතන කෙටිකතවල ද දක්නට ලැබෙන්නේ සිමිත චරිත සංඛ්‍යාවකි. මේ කරුණු අනුව ජාතක කතාකරුවා හා කෙටිකතා කරුවා අතර ඇතැම් ලක්ෂණ වලින් සමාන කමක්ද ඇතැම් ලක්ෂණ වලින් අසමාන කමක්ද දක්නට ලැබෙන බව පෙනීයයි.
