ජාතක කථාවල භාෂාව
 

අමාවතුර , බුත්සරණ වැනි කෘති වලින් ඇරැබි ගද්‍යයෙන් බන කතා කීමේ  ශෛලීය ගැමි බස් වහරක් තුලින් පොෂණය කල සද්ධර්ම රත්නාවලියේ රීතිය තව දුරටත්  තීවූ කරමින් ජාතක කතාවල බස් වහර ගොඩ නාගා ඇත. අසා රස විදීමත් කියවා රස වීදිමත් හැකි අයුරින් සැකසුණු බන කතා කීමේ ශෛලය වෙනත්  ග්‍රන්තයන් සමඟ සසඳන විට ජාතක කතාවවෙනස් මඟක්  ගෙන ඇත. අමාවතුර , බුත්සරණ වැනි කෘතීන් එක කෘතීයක නිර්මාණ බැවින් එහි ඇත්තේ එක් ශෛලීයකි. නමුත්  ජාතක කතා බහු කර්තෘක බැවින්  විවිධ  ශෛලීන්ගේන් යුක්ත වී ඇත. ඇතැමි තැනක සරල ශෛලීයක් ද ඇතැම් තැනක  ගූඪ ශෛලීයක් ද  තවත් තැනක  සංස්කෘත  මිශ්‍ර ශෛලියක්ද  තවත් තැනක  කාව්‍යමය  භාෂාවකට හුරු  ආඛ්‍යාන  ශෛලීයක් ද දක්නට ලැබේ  ඒ ඒ කර්තෘගේ  සිතුම් පැතුම් අනුව භාෂාවේ ස්වරුපයන්ද වෙනස් වී ඇත. මේ නිසා  ජාතක කතා වල  දක්නට ලැබෙන  භාෂා ශෛලීය  විවිධ  ස්වරයන්ගෙන ඇත.


                          ජාතක කතාවල  භාෂා ශෛලීයේ  තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ, පද ගතානුගත පරිවර්තනයක්  දක්නට ලැබීමයි. පාලි ජාතකට්ඨ කතාවේ සමහර කොටස් එසේම සිංහලයට  පඳ ගතානුගත කරන ලඳ පරිවර්තනයක් පහත දැක්වේ .


  


                       “අතීතේ කසිරට්ඨෙ ඛාරාණසියන බ්‍රහම්මදත්තගේ රඡ්ඡං කරොන්තේ බෝධිසත්තො සත්ථවහන කුලේ පටිනස්ධිං ගහෙත්ව වයප්පතතෝ පඣචහි සකට  සතේහි වාණිඡඡං කරෝන්තෝ විහරති.


 


     යටගිය දවස බරනැස් නුවර බ්‍රහ්‍රම්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන කල්හි අප මහා බෝසතානෝ සාන්තු නායක කුලයෙහි පිලිසිද ගෙන වැඩිවිය පැමිණ පන්සියයක් ගැලින්  වෙළදාම කොට ඇවිදින්නාහු ය.  ( සිංහල ජාතක පොත - වණ්ණුපථ ජාතකය)


               


                         පාලි පොතේ දක්වා ඇති කොටස විස්තර වර්ණනනා සහිතව ද ඉදිරිපත් කළ අවස්ථා  දක්නට ලැබේ. උපමා අලංකාරවලින් උපලක්ෂිත ව කවි සමයානුගත භාෂාවන් මගින් සමහර කරුණු වර්ණනා කරන්නේ පාඨක සිත්සතන් බුදු බැතියෙන් සන්තර්පණය කරමීනී. බුදුනු වහන්සේ දම් සහා මණ්ඩපයට වඩින ආකාරය දක්වා ඇත්තේ ඒ වැනී ලක්ෂනයක් ගෙන් යුක්තව ය.


      


                        “රත්ගල් ගුහාවකින් නික්මෙන කේශර සිංහ රාජයෙකු පරිද්දෙන් ගද කිළියෙන් නික්ම........  බුද්ධාසන මස්තකයෙහි යුගදුරු මුදුනෙහි දිලිහෙන්නා වු ළහිරු මඩලක් පරද්දෙන්...........”  


   


                  තවත් තැනක ග්‍රාමීය සාමජ වටා පිටාවෙන් ගත් උපමා රෑපක මගින්, අවශ්ථා හා සිද්ධි මෙන් ම පුද්ගල චාරිත විග්‍රහා කිරිමට යොදා ගෙන ඇති බව පෙනේ. තවත් සමහර තැනක පන්ඩිත ප්‍රිය භාෂා ශෛලියක් ද උපයෝගී කරගෙන ඇත. ශබ්ද රසය මතු කරමීන් ආසන්නාගේ කන් පිනවමින් ආගම ධර්මය කෙරේහි නැඹූරු කරවීමට මෙය මගින් උන්සාහ ගෙන ඇත. මහාසාර ජාතකයේ දැක්වෙන පහත සදහන් කොටස නිදසුනක් ලෙස දැක්විය හැකි ය.


  “......සුරාසුර වරචක්‍රව චුඩාමනිතක්‍ය  මරිචිඤ්විය පරිචුඹිත චරණ නඛමයුක ඇති තිලෝක ස්වාමී වු.....”


    


සන්වද ස්වරුපයේ භාෂා ශෛලියක්  ද ඇතැම් තැනක දක්නට ලබේ. ආපණ්ණාක ජාතකයේ බෝධිසත්ත්වයන් හා මිනිසුන් අතර ඇති වු සංවාදයක් මෙසේ ය.


  “........ වැසි සුලග නම් කෙතෙක් තැන් අමා දැයි විචාලේ . ස්වාමිනි,යොදුනක් පමන තැන් අමන්නේ වේ දැයි කීවු ය. කීමෙක් ද තොප ඇමදෙනා අතුරෙන් එක්කෙනෙකුගේත් ඇග,  වැසි සුළගෙක් වැද ගත්තේ දැයි විචාළේ ය. නැත ස්වාමිනි,” යි කීහ..........


       


                        ඒක ලග එක ම අයුරීන් ශබ්ද වන වචන මාලවක් යොදමීන් අනුප්‍රාස බහුල භාෂා ශෛලියක් ද සමහර තැනක දක්නට ලැබේ. මේ මගින් ශබ්ද රසය ඇතී කීරීමට උත්සාහ ගෙන ඇත.


     


                      මේ අනුව පාලි ජාතකට්ඨකතාව ඇසරෙන් පෝෂණය වු, පන්සිය පනස් ජාතක කතා සිංහලයන් ගේ  බස්වහරට හුරු වු විවිධ ශෛලීන් ගෙන්, භාෂා ශෛලිය සැකසී ඇති බව නිගමනය කල හැකී ය.

(c) Shilpa Sayura Foundation 2006-2017