ජාතක කතා එක ම තරාතිරමකට හෝ යුගයකට අයත් ඒවා නො වේ. කතාවලින් මතු කෙරෙන ශිෂ්ටාචාරය ද කාල වකවානුවකට අයත් නො වේ. කතාවලට පසුබිම් වී ඇත්තේ භාරතීය ජන සමාජයේ පුද්ගලයන් හා තොරතුරු ය. ඒ තුළින් පැරණි ඉන්දීය ජන සමාජය. පාලන කමය. කර්මාන්ත. ශාස්තීය දියුණුව. සමාජ සිරිත් විරිත් හදුනා ගත හැකි ය. මෙසේ ඉන්දියානු සමාජයට සමීප සම්බන්ධතාවක් ජාතක කතා වලින් ලැබේ. පුද්ගල චරිතයන් ගේ යහපත් ගුණාංග ද දුර්වලකම් ද සුචරිතයේ යෙදිම සදහා උපදෙස් ද ජාතක කතා මගින් දක්වනු ලබයි. ජාතක කතා වලට පසුබිම් වී ඇති රජ ඇමති සිටු ආදි චරිත ඕනෑම සමාජයක චරිත හා සැසදිමට හැකි නිසා සර්වකාලීන අංගයකින් යුක්ත ය. එහෙයින් කුමන රටක වුවද කුමන පුද්ගලයන් ගේ වුවද යහපත් පැවැත්ම සදහා ජාතක කතාවලින් ලැබෙන පිටුවහල අතිමහත් ය.
ජාතක කතාවල ආකෘතිය
ජාතක කතා වෙන් වෙන් වශයෙන් ගත් කළ සුළු සුළු වෙනස්කම් දක්නට ලැබුනත් පොදුවේ සියලු ජාතක කතාවලම දක්නට ලැබෙන්නේ එකම ආකෘතියකි. සිංහල ජාතක පොතේ දක්නට ලැබෙන්නේ පාලි ජාතකට්ඨකතාවේ දක්නට ඇති ආකෘතිය යි. පාලි ජාතකට්ඨකතාවේ ආකෘතිය කොටස් 5කින් යුක්ත ය.
1. පච්චුප්පන්න වස්තුව
2. අතීත වස්තුව
3. ගාථා
4. වෛයාකරණ
5. සමෝධාන
පාලි ජාතකට්ඨකතාවේ දක්නට ලැබෙන මේ අංගලක්ෂන එලෙසින්ම සිංහල ජාතක කතාවලට ඇතුලත් කර නැත. අනවශය අංග බැහැර කරමීන් කතා රසයෙන් හා පාඨක සිත්සතන් පුබුදුවාලීමට සමත් වන අයුරින් සිංහල ජාතක කතා ආකෘතිය සකස් කර ඇත. ඒ මෙසේ ය.
01 වර්ථමාන කතාව (පච්චුප්පන්න වස්තුව)
02 අතීත කාතාව (අතීත වස්තුව )
03 පූර්වාපර සන්ධි ගැලපීම.( සමෝධාන)
මේ අනුව පාලි ජාතක කතාවල ඇති ව්‍යාකරනහා ගථා යනකොටස් දෙක සංහල ජාතක කාතාවලින් බැහැර කර ඇත . වර්ථමාන කතාව දැක් ව්මට පෙර ,ජාතක කාතාවලට පොදු වූ ලක්ෂණ කිහිපයක් ඇත. කතාව ඉදිරිපත් කිරීමට හෙතු වූ නිම්ත්ත දැක්විම කරනු ලබයි. ඒ සඳහා නිම්ත්ත වන්නේ කිසිවකුගේ වරදක් ‘ නැත හොත් ගුන මහිමයක් ‘ නැත හොත් කාලීන යහපත් හෝ අයහපත් සිදු වීමක් ය. නිදසුනක් ලෙස ගුණ ජාතකය දේශනා කිරීමට හේතු වු නිමිත්ත මෙසේ දක්වා ඇක.
තව ද සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසනසමයෙහි ආනන්ද ස්වාමින් විසින් දවසක් ලබන පිළිසගල දහසක් නිසා මේ ජාතකය දක්වන ලදි’
මේසේ සෑම ජාතක කතාවක්ම අරමිබ වන්නේ ඒ සඳහා හේතු වූ නිම්ත්ත දැක් වීමෙනි අනතුරුව ජාතක කතාව දේශනා කිරිමට හේතු වු කරුනු ඉදිරිපත් කරයි. එය වර්තමාන කතාව ලෙස දක්වයි. ඇතැම් වර්තමාන කතා ඉතා දීර්ඝව ද ඇතැම් ඒවා ඉතා කෙටියෙන් ද දක්නට ලැබෙයි. සමහර කතා වල වර්තමාන කතාව දක්නට නොලැබේ. වර්තමාන කතාවට හේතු වන සිදු වීම් බුදුන් ජීවමාන කාලයට සම්බන්ධ වෙයි. එය බුදුන් අබියස හෝ ඉන් පිටත දී පුද්ගලයෙකු ගේ කියාකාරීත්වයක් විය හැක. නැත හොත් දම් සභා මණ්ඩපයට පැමිණි භික්ෂුන් අතර ඇති වු කාලීන ප්‍රවෘත්තියක් විය හැකි ය. ඒ සිදු වීමයි වර්තමාන කතාව ලෙස ඉදිරිපත් වී ඇත්තේ.
වර්තමාන කතාවෙන් පසු ව දක්නට ලැබෙන්නේ අතීත කතාවයි. භික්ෂුන් වහන්සේ විසින් ආරාධිතව බුදුන් වහන්සේ විසින් වදාරනු ලබන කතාව අතීත කතාවයි. මෙහිදී සිදු කරනුයේ. වර්තමාන කතා වේ සිදු වීමට සම්බන්ධ පුද්ගලයා ගේ කියාකාරීත්වය අතීත භාවයේ දි මෙසේ ම සිදු වු බව දැක්වීමයි. අතීත කතාවේ සිදු වීම්වලට බෝධිසත්ව චරිතය ද සම්බන්ධ වීම විශේෂ ලක්ෂනයකී. අතීත කතා වේ දී ද දක්නට ලැබෙන්නේ එකම ආකෘතියකි. සෑම අතීත කතාවක්ම පටන් ගන්නේ යටගිය දවස් යන වචන මුලදි යොද ගනිමීන් ය. අතීත කතාවෙන් කරනු ලබන්නේ වර්තමාන කතාවෙන් ඉදිරිපත් වු අර්ථය තව දුරත් තහවුරු කිරිමයි. කතා දෙකම එකම ආකාරයේ හරයක් දැක්වීම සදහා ඉදිරිපත් කරන අතර අතීත කතාවේ කරනු ලබන්නේ එය තව දුරටත් තීව්ර ලෙස විග්රහ කිරිමයි.
අතීත කතාවෙන් පසු ව පුර්වාපර සන්දි ගැලපිම සිදු වේ. අතීත කතාව අසවල් තැනැත්තැ වර්තමාන කතාවේ අසවලා යැයි දැක්වීමෙන් සිදු කරනමේ පුර්වාපර සන්දි ගැලපිම නිසා අතීත කතාව හා වර්තමාන කතාව එකට සම්බන්ද වීමක් සිදු කේරේ . නිදසුනක් ලෙස කුලාවක ජාතකයේ පුර්වාපර සන්ධි ගැලපිම සිදු කර ඇත්තේ මෙසේ ය.
ඒ සමයෙහි මාතලී සංග්‍රහක නම් මෙ සමයෙහි ආනන්ද ස්ථවිරයෝ ය. ඒ සමයෙහි ශක්‍ර දේවේන්දව උපන්නෙමි තිලෝගුරු සම්‍යක් සම්බුදු රජ වු මම් ම වේ දැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක. පුර්වාපර සන්ධි ගැලපිම සිදු කරන අවස්ථාවේ ඇතැම් විට චතුසත්ය ධර්ම දේශනාවක් කරන අතර ඇතැම් විට ධර්මාව්වාදයක් ද කරනු ලබයි.
