පිළිබද එක එල්ලේ පැහැදිලි අදහස් පකාශ කළ නොහැකි වෙනත් ඡාතක පොත හා මහාවංශය වැනි පෙත් පත් පරීක්ෂා කිරීමෙන්. කිසි යම් නිවැරදි නිගමනයකට බැසිය හැකි ය. මිහිදු හිමියන් ගෙන ආ පාලි භාෂාවෙන් රචිත ඡාතකට්ඨ කතා මෙරට වාසීන්ට අවබෝධයට පහසු කරවීම සදහා සිංහලයෙන් ලියා තබන ලදී. ඒවා හෙළටුවා යනුනේ හදුන්වනු ලැබි ය. ඡාතකට්ඨ කතා යනු බුදුන් වහන්සේ ගේ පුර්වාත්ම භාවයන් පිළිබද හරය හකුළුවා දැක් වු ගාථාවලට විස්තර විවරනණ. පුද්ගල ප්‍රවෘත්තී ආදීය ඇතුළත් වුවකී. බුද්ධ භාෂිතය පාලි භාෂාවෙන් ම තිබිය යුතු යැයි සලකමින් සිංහල භාෂාවෙන් පැවැති හෙලටුවා බුද්ධඝෝෂ හිමියන් විසින් පසු කලෙක පාලියෙන් ලියා තබන ලදී. පාලි භාෂාවෙන් තිබු ඒ ඡාතකට්ඨකතා ඒක්තැන් කරමින් වර්තමානයේ ලැබෙන සිංහල ඡාතක පොත සකස් කරන්නට යෙදුණි.
